යුද හමුදාවේ කිසිවෙකුට දේශපාලනය තහනම් - යුද හමුදාපති

(ලංකා ඊ නිව්ස් - 2017.දෙසැ.03, ප.ව.2.45) දේශපාලන මතවාදයක් පෞද්ගලිකව පැවතියද කිසිදු යුද හමුදා සාමාජිකයෙකු දේශපාලන කටයුතු වල නිරත නොවන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා මුලතිව් පලාතේ යුද හමුදා සේනාංක අමතමින් 01 දා දහවල් ප්‍රකාශ කොට තිබේ.

යුද හමුදාපතිවරයා මෙසේ පවසා ඇත්තේ මුලතිව් ආරක්ෂ සේනාංක මුලස්ථානයේදී හමුදා සේනාංක අමතමිනි.

රටේ ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම යුද හමුදාවේ වගකීම බවත් තමන්ට පැවරී ඇති ආරක්ෂක කටයුතු ඉතා නිවැරදිවත් වගකීමකින් යුතුවත් ඉටු කිරීම හැරෙන්නට දේශපාලන කටයුතු වලට මැදිහත් නොවීමට වග බලා ගන්නා ලෙසද යුද හමුදා පතිවරයා මෙහිදී ඉල්ලීමක් කොට තිබේ.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කැපවී සිටින යුද හමුදාව විනය ආරක්ෂා කරගනිමින් ප්‍රදේශයේ සියළු ජනතාව සමග ඉතා සුහදව කටයුතු කිරීමත් ජාතීන් අතර සංහිදියාව ගොඩනැගෙන අන්දමේ කටයුතුවලට දායක වීම මිස දේශපාලන කටයුතු වල නියැලීමෙන් වළකින මෙන්ද ප්‍රකාශ යුද හමුදාපතිවරයා කොට තිබේ.

දිනසේන රතුගමගේ

---------------------------
by     (2017-12-03 09:19:13)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

The list thumb, sock and pink contains how many colours?

  1 discussion on this news

සියලුම හමුදාපතී වරුන්ගේ කයිවාරු විතරයි සිවිල් ආර්ක්ෂක දෙපාර්තමේන්තුවේ හමුදාවේ ලෝක හොරැ ටිකක් ඉන්නවා එන ඒන රජයට කඩේ යනවා උන්ව තම රෙජ්මේන්තුවටවත් ගෙන්නගන්න හමුදාපතිට බැරි වෙලා තියෙන්නෙ. අවුරුදු ගානක් තිස්සේ සිවිල් ආර්ක්ෂක බලකාය හුරගන කන්වා ඒ අයට ඕන විදිහටයි හමුදාපති වැඩ කරන්නෙ කාට කියන්නද මේවා....
-- by civil security on 2017-12-04

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more