නාගල රජමහා විහාරයේ නායක හිමි සහ ඉන්දික බණ්ඩාරනායක දළ පූට්ටුවා මැරූ අපරාධකරුවන් නිදහස් කර ගැනීමේ උත්සාහයක

(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.02, ප.ව‍‍‍‍.9.20) ගල්ගමුවේ දළ පූට්ටුවා නම් දැවැන්ත හස්තියා ඝාතනය කොට දළ කපාගෙන යාමේ සිද්ධිය යට ගැසීමේ ප්‍රබල උත්සාහයක් ක්‍රියාත්මක වේ.

වනජීවි දෙපාර්තමේන්තුවේ සහ පොල්පිතිගම, අඹන්පොල යන පොලිස් ස්ථාන වලින් ලබාගත් තොරතුරු වලට අනුව මේ උත්සාහය පිටුපස සිටින්නේ නාගල රජමහා විහාරයේ නායක භික්ෂූන් වහන්සේ සහ ඉන්දික බණ්ඩාරනායක නමැති නියෝජ්‍ය ඇමැතිවරයා ය. 

මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ලඟ සම්බන්ධකම් ඇති නාගල නායක භික්ෂූන් වහන්සේගේ සමීපතමයන් පිරිසක් සහ ඉන්දික බණ්ඩාරනායක නියෝජ්‍ය ඇමැතිගේ රියැදුරකු මේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන තිබේ.

වනජීවි දෙපාර්තමේන්තුවේ අදාළ කලාපය භාර සහකාර අධ්‍යක්ෂවරයා සහ පොල්පිතිගම පොලීසියේ ස්ථානාධිපතිවරයා ද මේ උත්සාහය සාර්ථක කර දීමට ඉදිරිපත් වී සිටිති. 

වනජීවියේ අදාළ සහකාර අධ්‍යක්ෂවරයා වර්තමාන වන සම්පත් ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ ඥාතියකු යැයි ඔහුම කියයි. ඔහු ඒ ඥාතිත්වය භාවිත කරමින් වනජීවී අපරාධ සිදු කරන බව පරිසර සංවිධාන මගින් අවස්ථා කිහිපයකදී චෝදනා කර තිබූ බව ද මතක් කර සිටිමු.

මීට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව මාධ්‍ය ඔස්සේ පැවසුණද, මේ වනවිටත් ඊට අදාළ පරීක්ෂණ පවත්වනු ලබන්නේ අඹන්පොල පොලිසිය මගිනි.

පානදුර, වලාන දූෂණ මර්දන ඒකකය මගින් මීට සෘජු සම්බන්ධයක් ඇතැයි සැකපිට ඇත් දළ විකිණීමට උත්සාහ දැරූ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.
 
ඔවුන් පොල්පිතිගම පොලිසියට භාරදීමෙන් පසු විධිමත් ප්‍රශ්න කිරීමකින් තොරව අධිකරණයට ඉදිරිපත් කළ බව පොල්පිතිගම පොලීසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන්පසු අඹන්පොල පොලිසිය මගින් මොරගොල්ලාගම ප්‍රදේශයේ දඩයමේ යන පුද්ගලයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන අදාළ හස්තියා මරාදැමීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, ඔවුන්ගේ නිවෙස් වල තිබූ යකඩ කපන කියතක් ඇතුළු භාණ්ඩ කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් කරන පොල්පිතිගම පොලීසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග , ඔවුන්ගෙන් මීට අදාළව බලහත්කාරයෙන් කට උත්තර ලබාගැනීමට පොලිසිය ප්‍රබල උත්සාහයක් දරා ඇති බව ද අනාවරණය කර සිටී.

මේ අතර අදාළ භික්ෂූන් වහන්සේට සහ නියෝජ්‍ය ඇමැතිවරයාට සම්බන්ධකම් ඇති සැකකරුවන් පොලිසියට පවසා ඇති ආකාරයට හස්තියා මරා දමා සිටියදී තමන්ට දැකගන්නට ලැබුණු බවත්, මරා දමා තිබූ හස්තියාගේ දළ කැපූ බවත් තහවුරු කිරීමට අදාළ කෘතිම සාක්ෂි නිර්මාණය කිරීමේ උත්සාහයක් ද ක්‍රියාත්මක වේ.
 
මේ සදහා වයඹ පළාතේ ඉහළ පොලිස් නිලධාරියකුගේ සහයෝගය ලබාගැනීමට ද මේ වනවිට අදාළ කුමන්ත්‍රණකාරීන් උත්සාහ දරමින් සිටින බව හෙළි වේ.

කොටදෙනියාවේ සේයා සිදුවීමේදී මෙන්ම කහවත්තේ මිනීමැරුම් වලට අදාළව පොලිසිය කටයුතු කළාක් මෙන් තවත් කොණ්ඩයන් පිරිසක් අත්අඩංගුවට ගෙන, ඒ හරහා මේ අපරාධය කළ සැබෑ අපරාධකරුවන් නිදහස් කිරීමේ ප්‍රබල උත්සාහයක් ක්‍රියාත්මක වන බවට බරපතල සැකයක් මතු වේ.

මේ අතර පොලිසිය බාර ඇමැති සාගල රත්නායකගේ ප්‍රකාශයක් ඊයේ ඔහුගේ මාධ්‍ය අංශය මගින් නිකුත් කර තිබිණ. එහි මෙසේ දැක්වේ.

“ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දළ ඇතුන් මරා දැමීමේ සිද්ධි කීපයක් පසුගිය දින කිහිපය පුරා වාර්තා වුණා. ගල්ගමුවේ දළ පූට්ටුවා නැමැති දළ ඇතා ගේ දළ යුගල පසුගිය දා පොල්පිතිගම ප්‍රදේශෙයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා. එම ඇතාගේ සිරුරද කහල්ල පල්ලෙකැලේ රක්ෂිතයේ තිබී හමුවුණා. ඒ වගේම තබ්බෝව රක්ෂිත මායිමේ දී තවත් දළ ඇතෙකු වෙඩි තබා ඝාතනය කර තිබූණා. කතරගම ප්‍රදේශයේ දී  ගසක බැඳ දමා සිටි වන අලි පැටවෙකු සොයාගැනීමට පොලීසියට හැකිවුණා.

එම කරුණු සියල්ල සලකා බලා දළ ඇතුන් මරාදැමීම සහ වන අලි ජාවාරම පිලිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන්නැයි වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න  මහතාට නියෝග කළා.

මේ විදිහට වන අලි මරාදැමීම අනුමත කරන්න බැහැ. අලි ඇතුන් ජාවාරම සහ ඇත් දළ ජාවාරමට සම්බන්ධ සියලුම දෙනාය එරෙහිව අපි තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක නරනවා. ඒසඳහා මේ ජාවාරම පිටුපස ක්‍රියාත්මක වෙන සංවිධානාත්මක ජාලයක් තිබේද එසේ ක්‍රියාත්මක සංවිධානාත්මක ජාලයක් තිබේනම් අදාළ සංවිධාන කණ්ඩායම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම වහාම සිදුකළ යුතු නිසා මේ පිලිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරන්න කටයුතු කළේ.” යැයි සාගල අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

---------------------------
by     (2017-12-02 16:03:21)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

How many colours in the list glove, prison and green?

  4 discussion on this news

අපරාධයක් පිටිපස්සෙ කහ කඩයෙක්, පාදඩ දේසපාලුවෙක්, පොලිස් කාරයෙක්, කලු කෝට් කාරයෙක් ඉන්න එක අද සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා!
-- by සාන්ත on 2017-12-02

කරපු ඈයින්ට හෙන හතම වදින්න ඕන දරු පවුල්වල ඉන්න උන්ටත් එක්කම.
-- by රංජිත් on 2017-12-02

ඇත් දළ ලඟ තබා ගැනීම බරපතල දඩුවම් දෙන වරදක් කරපියව්, ඇයි මේ බොරු කර කර කල් මරන්නෙ? තිරිසන් සල්ලි කාරයො පිරිසකුයි. කාලකන්නි පන්සල් පාලුවො පිරිසකුයි. අමන පාදඩ දේසපාලු වේසිගෙ පුතාල පිරිසකුයි මේ ඇතුන් ඝාතනය කරමින් ඇත් දළ ජාවාරමේ යෙදෙනව.
-- by සිංහලේ on 2017-12-02

1.ඇස් අන්ධව සිටි මේ අහිංසක සද්දන්තයා මරා දැමු අයට මෙන්ම මරුවන් බේරාගැනීමට කැස කවන අයට හොඳක් නොවනු ඇත. 2.සාගල රත්නායක ඇමතිවරයා මාධ්‍ය නිවේදන ලියන්නේ කතා කරන භාෂාවෙන්ද?
-- by ranjith on 2017-12-03

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more