වීරවංශගේ පළු ගැලවේ: පියසිරිගෙන් පසු ජයන්ත විජේසේකරත් ගැලවී ශ්‍රීලනිප මෛත්‍රී පිලට

(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.02, ප.ව‍‍‍‍.5.40) විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයකු මෙන්ම  නැගෙනහිර පළාත් සභා මන්ත‍්‍රීවරයකු ද වන ජයන්ත විජේසේකර මහතා ඊයේ (01) ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෛත්‍රී පිලට එක්විය.

මීට පෙර ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායකද එම පක්ෂයෙන් ඉවත් කරන ලදී. ඒ වීරවංශගේ පාර්ලිමේන්තුවට බෝම්බ දැමිය යුතු යැයි කී ප්‍රකාශයට විජේනායක විරෝධතාවය දැක්වීම නිසා ය.  

ඊයේ උදෑසන ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ ජයන්ත විජේසේකර  ජනාධිපතිවරයා අතින් ශ්‍රීලනිප මෛත්‍රී පිලේ සාමාජිකත්වය ලබාගත්තේය. එ් සමගම සිරිසේන මහතා විසින් ඔහු ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ ශ්‍රීලනිප මෛත්‍රී පිලේ සංවිධායකවරයකු ලෙස ද පත්කරනු ලැබුවේ ය. විජේසේකර ජවිපෙන් ජානිපෙට පිල් මාරු කළ අතර දැන් ජානිපෙන් ශ්‍රීලනිප මෛත්‍රී පිලට පිල් මාරු කර තිබේ .

සිරිසේන මහතා විසින් නියෝජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා හෙවත් ‘එතනෝල් වසන්ත‘ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෛත්‍රී පිලේ මාතලේ දිස්ත‍්‍රික් නායකයා ලෙසද ඊයේ පත් කරන ලදී.  

---------------------------
by     (2017-12-02 12:13:40)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

If yesterday was Tuesday, what day is today?

  2 discussion on this news

වීරවංසගෙ පුකේ නං පලු ගියෙ 89 භීෂණ කාලෙ කැලෑ වැදිල ඉදිද්දි වැදුනු පොලු පාරවල් වලින්, හැබැයි පක්ෂෙ පලු යන්න පටන් ගත්තෙ පාර්ලිමේන්තුවට ගහපු බෝම්බ පාර කැරකිල ආපිට වැදිල!
-- by සිංහලේ on 2017-12-02

ලෙමන්පෆ් වංශට දැන් ඉතින් මහින්දං සරනං ගච්චාමී තමයි. දේශපාලන අඳබාලයින්ට අත්වන ඉරනම ඕකම තමයි. ඔය කුනු කූඩයට එන්න පෝලිමේ ඉන්න අනිත් බඩ ගෝස්තර අඳබාලයින් තමයි දිනේශ් ගූවර්දන, වාසුදේව, බන්දුල ගූවර්දන වගේ නාකි හම්පඩයන්.
-- by Batty on 2017-12-03

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more