දෙහිදෙණිය සහ ගුණරත්න විනි-සොරුන් නීතිපතිටත් කන් නොදී ගෝඨාට පක්ෂව දුන් ඒකපාක්ෂික වාරණ නියෝගය නීති විරෝධියි: මෙහෙම ගියොත් කවදාවත් පොලිසියට අපරාධ විමර්ශනයක් කරන්න බෑ

-විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු කියයි

(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.01, ප.ව‍‍‍‍.9.25) යුක්තියේ කන්‍යාව අභියාචනාධිකරණය මැදදී මහ දවාලේ දූෂණය කරමින් ලක්ෂ්මන් ටිකිරි බණ්ඩාර දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න අභියාචනාධිකරණ විනි-සොරුන් දෙදෙනා ගෝඨාභයට එරෙහිව පොදු දේපොල පණත යටතේ කටයුතු කිරීම වළක්වමින් දුන් අතුරු තහනම් නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් අධිකරණයක් මෙලෙස ක්‍රියා කළහොත් කෙදිනකවත් පොලිසියට අපරාධ විමර්ශනයක් කළ නොහැකි බවත් විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලංකා ඊ නිව්ස් වෙත ප්‍රකාශ කෙළේය.

දෙහිදෙණියගේ සහ ගුණරත්නගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අත්දැකීම් බහුල විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුගෙන් ලංකා ඊ නිව්ස් කරන ලද විමසීමකට පිළිතුරු ලෙස ඔහු මේ බව ප්‍රකාශ කෙළේය. (එතුමන්ගේ නම දැනට හෙළිනොකරමු)

දෙහිදෙණියගේ සහ ගුණරත්නගේ ක්‍රියා කලාපය නීතිවිරෝධී යැයි ඔහු පවසන්නේ ප්‍රථමයෙන්ම වාරණ තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර නීතිපතිවරයාගේ උපදෙස් මත අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ කරුණු දැක්වීමට සවන් දීමටවත් විනි-සොරුන් දෙදෙනා ප්‍රතික්ෂේප කිරීමය. පෙත්සම් කරුවන් මෙම පෙත්සම අභියාචනාධිකරණයට බාර දුන්නේ ද ඊට පෙර දිනයේ (28) බැවින් නීතිපතිවරයා කරුණු දැක්වීමට ඉඩ ලැබුණු පළමු අවස්ථාවේදීම තම ජ්‍යෙෂ්ඨතම නිලධාරිනියක අධිකරණය වෙත එවා තිබියදී ඇයගේ කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කිරීමට දෙහිදෙණියට සහ ගුණරත්නට තිබූ නීතිමය අයිතිය කුමක්දැයි විශ්‍රාමික විනිසුරුතුමා ප්‍රශ්න කෙළේය. ගෝඨාභය පෙත්සමක් ඉදිරිපත් කරන බව ඉදිරිපත් කරන දිනයේ දීම (28) නීතිපතිතුමාට දැන ගැනීමට දිව්‍යඥානය නැත. එබැවින් පසුදිනයේ(29) නීතිපතිතුමාගේ කරුණු දැක්වීමට විනිසුරුවරුන් ඉඩ දිය යුතුම ය. එක් පාර්ශයවකින් කරුණු විමසා තීරණ ගැනීම ස්වභාවික යුක්තියට පවා විරුද්ධ යැයි පසුදින අධිකරණයේ පෙනී සිටි දිල්රුක්ෂි මහත්මිය පුන පුනා කියා සිටියදීම විනිසුරුවරුන් එම ඉල්ලීම තඹ පයිසයකට හෝ මායිම් නොකර නීති විරෝධීව කටයුතු කර ඇතැයි විශ්‍රාමික විනිසුරුතුමා පවසයි.

විශ්‍රමික විනිසුරුතුමා ගෙන එන දෙවන තර්කය නම් මෙලෙස අභියාචනාධිකරණය හැසිරෙන්නේ නම් අනාගතයේ කෙදිනකවත් අපරාධ විමර්ශනයක් කළ නොහැකි බවයි. ඒ මන්ද යත්, මෙම කාරණය සම්බන්ධයෙන් මෙතෙක් නඩුකරයක් ආරම්භ කර නැත. තවමත් පවතින්නේ පොලිසිය විසින් සිදුකරණ විමර්ශන අවස්ථාවේ ය. පොලිසිය අපරාධ විමර්ශනයන් කරද්දී නීතිපති උපදෙස් ලබා ගනිමින් අධිකරණයට බී වාර්තා මගින් කරුණු වාර්තා කරමින් අපරාධ විමර්ශන කටයුතු දිගටම කරගෙන ගොස් නඩුකරය පවරන්නේ අවසානයේ ය. එනම් නිශ්චිත චෝදනා නගමින්, සැකකරුවන් සාක්කිකරුවන් නම් කරමින් නඩු පැවරීම ය. ගෝඨාභය මහජන මුදල් රුපියල් ලක්ෂ 910 කින් තම දෙමාපියන්ගේ සොහොන් සැදීම සම්බන්ධ අපරාධ විමර්ශනය ද තවම පවතින්නේ පෙර කී විමර්ශන අවස්ථාවේ දී මිස නඩුවක් පවරා නැත. එවැනි අවස්ථාවක නීතිපතිගේ උපදෙස් අනුව අධිකරණයට කරුණු වාර්තා කරමින් විමර්ශන ක්‍රියාවලියක යෙදෙන පොලිසියට අභියාචනාධිකරණයෙන් වාරණ දමනවා නම් යලි කෙදිනකවත් පොලිසියට අපරාධ විමර්ශන කළ නොහැකි තත්ත්වයක් උද්ගත වන්නේ යයි විශ්‍රාමික විනිසුරුතුමා අවධාරණය කරයි. ඔහු වැඩි දුරටත් පවසන්නේ මේ බරපතල අනීතික මෙන්ම යුක්තිය පසිඳලීම අරාජික කෙරෙන දූෂිත ක්‍රියාව සිදුකළ විනිසුරුවරුන් දෙදෙනා පිළිබඳව අගවිනිසුරුතුමා ක්ෂණික තීන්දුවක් ගත යුතු බවයි.

අවසාන වශයෙන් උපහාසයෙන් අදහස් දැක්වූ විශ්‍රාමික විනිසුරුතුමන් කියා සිටියේ ඉඩම් ‍ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩලය ඩී.ඒ.රාජපක්ෂ පදනම සමග වාචික සිවිල් ගිවිසුමක් අනුව කටයුතු කළා යැයි පෙත්සම්කරුවන්ගේ තර්කය පවා විහිළුවක් බවයි. රජයේ ආයතනයකට සිවිල් ගිවිසුම් ගැසිය හැක්කේ කවර රටක කවර නීතියකටදැයි විමසූ විශ්‍රාමික විනිසුරුතුමා මේ බව වත් නොදැන දෙහිදෙනිය සහ ගුණරත්න නඩු අහන්නේ කෙලෙසදැයි ප්‍රශ්න කරමින් මොවුන් දෙදෙනාගේ වැඩ තහනම් කර වහාම ගෙදර යැවිය යුතු යැයි ද පැවසීය. 

වාර්තාව - චන්ද්‍ර ප්‍රදීප් විසිනි

සබැඳි පුවත
දෙහිදෙණිය, ගුණරත්න විනි-සොරුන් අධිකරණ මැද දී යුක්තියේ කන්‍යාව දූෂණය කරති: මහජන මුදල් ලක්ෂ 910 ක් හොරා කෑ ගෝඨාට පෙර විනි-සොරු කෙහෙල් කැණත් රැගෙන වැට පනිති

---------------------------
by     (2017-12-01 16:30:23)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  5 discussion on this news

What a travesty of truth and justice, who is ruling the country?. What are you waiting for Mr. President and Mr. Prime Minister. Are you waiting until 2020 , at this rate you may not last that long, Your days are numbered. Enough is Enough.
-- by Henry Fernando on 2017-12-01

Anybody with common sense knows who is behind it. MY3 and Mahinda game.
-- by Rathnapala on 2017-12-02

මුංගෙ අම්මලාගෙ විනිසුරාල තමයි මුං, පර වේ.. බ.....ලො!
-- by සිංහලේ on 2017-12-02

එකෙකුට කලු කුඩු බස්නෙ බුලත් විටක් කන්න දුන්න නං හරියට හරි!
-- by latha on 2017-12-02

මේ බරපතල අනීතික මෙන්ම යුක්තිය පසිඳලීම අරාජික කෙරෙන දූෂිත ක්‍රියාව සිදුකළ ලක්ෂ්මන් ටිකිරි බණ්ඩාර දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න අභියාචනාධිකරණ විනි-සොරුන් දෙදෙනා පිළිබඳව අගවිනිසුරුතුමා ක්ෂණික තීන්දුවක් ගත යුතුයි.
-- by Sayuri on 2017-12-02

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more