මෛත්‍රී සහ රාජපක්ෂ අතර සාංගම් සාකච්ඡා සහමුලින්ම බිඳවැටේ: සාකච්ඡාවලදී සිදුවූයේ කුමක්ද?

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.30, ප.ව‍‍‍‍.10.05) ශ්‍රීලනිප මෛත්‍රී පිල සහ රාජපක්ෂගේ පොහොට්ටු කල්ලිය අතර ලබන පළාත් පාලන ඡන්දයේ දී එක්ව තරඟ කිරීමේ සාංගම් සාකච්ඡා සහමුලින්ම බිඳ වැටී ඇති අතර දෙපාර්ශවය වෙන වෙනම ඉල්ලන බව ස්ථිර යැයි මෛත්‍රී පිලේ ප්‍රබල ප්‍රකාශකයෙකු ලංකා ඊ නිව්ස් වෙත පැවසීය.

රාජපක්ෂගේ පොහොට්ටු කල්ලිය අවසානයේ දී මෛත්‍රී පිලට ඉදිරිපත් කරන ලද කොන්දේසිය වූ ‘සාංගම් ගහනවා නම් සම්මුති ආණ්ඩුවෙන් ඉල්ලා අස්වී එන්නැයි‘ කීම කිසිසේත්ම මෛත්‍රී පිලට ඉටු කළ නොහැක්කක් වූ අතර දැනට ඇමැති සැප විඳින ශ්‍රීලනිප කිසිවෙකු ඊට කැමැති වූයේ ද නැත. ජනාධිපතිවරයා වුව තමන් තනතුරු අතහැර හොරුන්ට එරෙහිව ජනතාව සමග සටන් කිරීමට එකතු වීමට ලැහැස්ති යැයි ප්‍රසිද්ධියේ කීවද එවැන්නක් ඉටු කරනවා නම් ඔහු පවා එකතු විය යුත්තේ රාජපක්ෂ හොරු සමගය. හොරු සමග එක්ව හොරුන්ට එරෙහිව කළ හැකි සටනක් මේ තුන් ලෝකයේ නැති අතර ජනාධිපතිවරයා ගේ ප්‍රකාශය හුදු අඳබාල ජනප්‍රිය කතාවක් පමණක් වූ නමුත් එය පැවැති සාංගම් සාකච්ඡා වලට පණ පොවන්නක් වූවා නිසැක ය. මැදමූලනේ රාජපක්ෂට ද හිටි ගමන් මෛත්‍රීපාල සිරිසේන “අපේ ජනාධිපති“ වූයේ ද ඒ අතර වාරයේ වීම සැලකිය යුතුය. 

කෙසේ වෙතත් මෛත්‍රී පිල රාජපක්ෂලා සමග සාංගම් ගැසීමට සාකච්ඡා කිරීමෙන් සිරිසේන මහතා ජනාධිපති කළ බලවේග ඔහු කෙරෙහි අන්තයටම කළකිරුනි. එය නොවී සාකච්ඡා මේසය තමන්ට වාසි දායක ලෙස මෙහෙයැවීමට පරිණතයි කීවද මෛත්‍රීට නොහැකි විය. එසේ වී නම් ඔහුට කිව හැකිව තිබුනේ ‘යහපාලන ප්‍රතිපත්ති පිළිගෙන සාකච්ඡාවට එන ලෙස‘ වුවත් අද දිනය දක්වා හෝ එවැන්නක් ජනාධිපතිගේ හෝ ඒ පිළේ කාගේ හෝ මුවින් පිට වූයේ නැත. එසේ ප්‍රසිද්ධ කළා නම් මෛත්‍රීගේ සාකච්ඡා මේසය ඔහු බලයට ගෙන ආ බලවේග අතර මේ තරම් පිළිකුලට භාජනය නොවනු ඇත. ඒ වෙනුවට ඔහුගේ පිළේ ගොබ්බයන්ගේ මුවින් පිට වූයේ “දෙයියනේ කියලා එකතු වුනොත් අපි ගොඩ“ යි දයාසිරි ජයසේකර වැනි දේශපාලන ගණිකාවන්ගේ මුවින් පිටවූ වැඳ වැටෙන ප්‍රකාශයන් ය. එහි වාසිය ලබා ගත් රාජපක්ෂ මෛත්‍රී පිලට කිසිසේත් ඉටු කළ නොහැකි නමුත් තමා සමග සිටින පිළ සතුටු කෙරෙන කොන්දේසි ප්‍රකාශයට පත් කර ඒවාට ප්‍රසිද්ධිය දීමෙන් සාකච්ඡා මේසයේ වාසිය තමා වෙත හරවා ගත්තේ ය. 

දැන් කෙසේ වෙතත් මෛත්‍රී පිලේ සහ රාජපක්ෂ පොහොට්ටුවන්ගේ සාකච්ඡා සහමුලින්ම බිඳ වැටී ඇත. මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් පළ කළ මෛත්‍රී පිලේ ප්‍රබලයා කියා සිටියේ අප ඉහත කී මතයන්ට වෙනස් මතයකි. ඔහු කියන්නේ තමන් ශ්‍රීලනිප පාක්ෂිකයාට ආමන්ත්‍රණය කළ යුතු බවත් සාකච්ඡා කාලය තුල පක්ෂය කැඩුවේ තමන් නොව රාජපක්ෂලා බව ශ්‍රීලනිප පාක්ෂිකයාට තේරුම් ගිය බවය. එබැවින් සිරිසේන මහතා බලයට පත් කළ යහපාලන බලවේග කළකිරුනද ශ්‍රීලනිප පාක්ෂිකයා කළකිරුනේ නැතැයි යන්න ඔහුගේ මතය විය. ඔහු එසේ කීම ගැන පුදුම නොවිය යුත්තේ ඔහුද 2015 ජනවාරි 8 වෙනිදා සිටියේ මෛත්‍රීපාල සිරිසේන පරාජය කර මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් නිසා ය. හොරුන් සමග හෝ සාංගම් ගසා චන්ද දිනීමට ගොස් බැරි වූ කල කියන මේ කතා පෙරළුනු අත හොඳයි කියනවා වැනි හෝ කිතුලට ගිය බේබද්දා ගහ මුදුනේ තණකොල නොතිබුනැයි කියනවා වැනි කතා මිස දේශපාලන හරයක් ඇති කතා නොවන්නේ ය. 

දෙපාර්ශවය වෙන වෙනම ඡන්දය ඉල්ලීමේ දී බොහෝ දෙනා මෛත්‍රී පිලට වැඩි අවාසියක් ඇතැයි කීවද රාජපක්ෂ පොහොට්ටුවන්ට ද සිතනා තරම් වාසියක් නොමැති බව අපගේ නිරීක්ෂණයයි. මන්ද යත් ඔවුන්ට ජනතාවට කීමට ඉතිරි වී ඇත්තේ ‘අපි හොරු නොවේ‘ යන්න මිස ජනතාවට කරන හෝ කළ හෝ සුගතියක් ගැන නොවීම ය. රාජපක්ෂ පරාජයෙන් පසුවද ගන්නා ලද ජාතිවාදී ආස්ථානයන් නිසා අලුතින් එකදු සුළු ජාතික චන්දයක් හෝ වර්ධනය කර ගැනීමට ද පොහොට්ටුවන්ට නොහැකි විය. යහපාලකයන්ගේ දුර්වල ක්‍රියා නිසා කලකිරීමට ලක්ව සිටින ජනවාරි 8 හංසයාට ඡන්දය දුන් මිනිසුන් වුව පොහොට්ටුවට දිනා ගැනීමට තරම් ගතිකයක් ඒ ජනතාව තුල ඇති කිරීමට රාජපක්ෂලාට පසුගිය කාලය තුල හැකි වුනැයි කීවොත් එයද මුසාවකි. ඊට හොඳම උදාහරණය නම් පොහොට්ටු වේදිකාවේ හිටපු පරණ හොරුන්ම මිස අලුතින් කිසිදු මුහුණක් දකින්නට නොමැති වීම ය. මේවා අනුව මෛත්‍රී පිලේ ‘අත‘ හෝ ‘බුලත් කොළය‘ පරදවා ‘පොහොට්ටුව‘ ලෙහෙසියෙන්ම ජය ගත හැකි යයි යමෙකු සිතන්නේ නම් එය මුලාවකි. (මෛත්‍රී පිල ඉල්ලන්නේ අත ලකුණින්ද බුලත් කොලය ලකුණින්ද යන්න මෙතෙක් තීරණය කර නැතැයි අප සමග අදහස් දැක්වූ මෛත්‍රී පිලේ ප්‍රබලයා කීවේය) 

කෙසේ වෙතත් රාජපක්ෂලාගේ පිලට මේ චන්දයේ දී පළමුවැන්නා වීමට නොහැකි වුවහොත් රාජපක්ෂලා සමග ඉතිරිව සිටින කණ්ඩායම් මෛත්‍රී සමග එක්වීම වැළැක්විය නොහැකි ය. එහි විලෝමය හෙවත් මෛත්‍රී පිල රාජපක්ෂ පිලට පැරදුනහොත් මෛත්‍රී සමග සිටින කන්ඩායම් රාජපක්ෂලා සමග එක්වීම ඒ ආකාරයෙන්ම සිදුවිය නොහැක්කේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තව වසර 3 ක් ඉදිරියට ජනාධිපති ධූරය හොබවනු ඇති බැවිනි. ලංකාවේ මොන සතාවත් බලය හෝ ධනය නොමැති තැනකට වතුර උගුරක් බීමට වත් රැස්වන්නේ නැත.

අවසාන වශයෙන් කිව යුත්තේ ජයග්‍රහණයන්ගෙන් පසුව පළාත් ආයතන පිහිටුවීමේ දී යලිත් වටයකින් මෛත්‍රී පිල හොරු සමග සාංගම් සාකච්ඡා ආරම්භ කිරීම සිදුවනු නිසැක ය. ඒ ‘බලය‘ මිස ‘ප්‍රතිපත්ති‘ පසුගිය බිඳවැටුනු සාකච්ඡා වලදී පවා ඉස්මත්තට නොආ නිසා ය.

-මාණ්ඩලික ලේඛකයෙකු විසිනි- 

---------------------------
by     (2017-11-30 16:49:37)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

Purple, apple, red, brown and shorts: how many colours in the list?

  3 discussion on this news

එහෙනම් ඉතින් ආපදා තත්වය පහවෙලා යයි.
-- by Namal on 2017-11-30

පළාත් පාලන ඡන්දයෙන් පසු පොහොට්ටුවේ මන්ත්‍රීවරැ රොත්තක් මෛත්‍රී ළග වැද වැටෙන්නේ වාහන පර්මිට් ඉල්ලා ගෙනය....
-- by Lanka on 2017-12-01

Seems like Lanka e news still does not understand who is MY3. Saying one thing and doing many things by cheating everybody. Now all these good governance groups must go to village levels with election and remind about Mahinda and his robber clan and how they looted the country. Otherwise Sinhalase are quickly forgetting past and re-elect again robbing, looting, thug and rapist Mahinda clan.
-- by Rathnapala on 2017-12-01

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more