ආපදා තත්ත්වය ගැන අගමැති හදිසි රැස්වීමක් කැඳවයි

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.30, ප.ව‍‍‍‍.5.45) දිවයිනේ ප්‍රදේශ රැසක ඇති වී තිබෙන හදිසි ආපදා තත්වය පිළිබඳව හදිසි රැස්වීමක් අග්‍රාමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන් අද (30) සන්ධ්‍යාවේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණ අතර, එහිදී ආපදා තත්වය පිළිබඳව වාර්තා සමාලෝචනය කෙරිණි. මේ වන විට ජනාධිපතිවරයා  දකුණු කොරියාවේ සංචාරයක නිරතව සිටී.

කඩිනමින් විපතට පත් ජනතාවට සහන සලසන ලෙස අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමා ආපදාවට පත් ප්‍රදේශවල විදුලි බල සැපයුම කඩිනමින් යථා තත්වයට පත් කරන ලෙසත්, හානියට පත් නිවාස හා දේපළ කඩිනමින් යථා තත්වයට පත් කරන ලෙසත් උපදෙස් ලබා දුණි. 

දිවයින පුරා විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීම කඩිනමින් සිදුවන බවත්, රු. 10,000 බැගින් මූලික වන්දි මුදල් ලබාදීම මේ වන විට ආරම්භ කර ඇති බවත්, ආපදා සහන වන්දි මුදල් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනටමත් ලබා දී ඇති බවත් මෙහිදී වාර්තා කෙරිණි.

මේ අවස්ථාවට අනුර ප්‍රියදර්ශන යාපා, වජිර අබේවර්ධන, සාගල රත්නායක නිමල් සිරිපාල ද සිල්වා, ගයන්ත කරුණාතිලක, රිෂාඩ් බදියුදීන්, අජිත් පී. පෙරේරා, එරාන් වික්‍රමරත්න යන අමාත්‍යවරුන් ද, දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඇතුලූ පක්‍ෂ නායකවරු කිහිප දෙනෙක් ද, අග්‍රාමාත්‍ය ලේකම්, ආරක්‍ෂක ලේකම්, භාණ්ඩාගාර ලේකම්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුලූ නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.

---------------------------
by     (2017-11-30 12:27:24)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

Enter the number fifty five thousand seven hundred and eighty six in digits:

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more