අධික සුළඟ සහ වැස්ස නිසා 7 ක් මරුට, 5 ක් අතුරුදහන්, නිවාස 202 ක් විනාශයි, 18700 ක් අනාථයි, බදුල්ලට සහ රත්නපුරට රතු නිවේදන (Video)

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.30, ප.ව‍‍‍‍.5.30) වායු අවපාතයක් මත ඊයේ රාත්‍රී ලංකාවට බලපෑ තද සුළං තත්ත්වය සහ අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 12 ක ජනතාව අනතුරට ලක්වීමෙන් 7 දෙනෙකු මිය ගොස් 5 දෙනෙකු අතුරුදහන්ව පුද්ගලයන් 18781 ක් විපතට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන අතර බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික් දෙකට ඉදිරි පැය 24 තුල නාය යෑම් සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර තිබේ. 

කළුතර වැඩිම හානි ගෙන දුන් දිස්ත්‍රික්කය වන අතර කොළඹ, හම්බන්තොට, ගාල්ල, මාතර, මොණරාගල, බදුල්ල, පුත්තලම, නුවර, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල සුළගේ සහ වර්ෂාවේ බලපෑමට ලක්වූ දිස්ත්‍රික්යන්ය. ඒවායේ පවුල් 48886 ක පුද්ගලයන් 18,781 ක් විපතට පත්ව ඇති අතර 7 ක් මිය ගොස් 5 ක් අතුරුදහන්ව 26 කට විවිධ තුවාල සිදුව තිබේ. සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස සංඛ්‍යාව 202 ක් බවත් අර්ථ වශයෙන් හානි වූ නිවාස ගණන 3250 ක් බවත් දැනට ආරක්ෂිත ස්ථාන වල පුද්ගලයන් 1030 දෙනෙකු සිටින බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අද(30) සවස 4 ට නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ. 

දැනට දැඩි සුළං තත්ත්වය පහව ගියද ඉදිරි පැය 24 තුල අනතුරු අඟවයි. බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක වල වෙසෙන ජනතාවට රතු නිවේදනයක් නිකුත් කරමින් නාය යාම් පිළිබඳ සැක සහිත ප්‍රදේශ වලින් ඉවත් වන්නැයි කියයි.
අනතුරු ඇඟවීමේ වීඩියෝව පහතින්

---------------------------
by     (2017-11-30 12:17:24)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more