ජනමාඤ්ඤ අමාත්‍යාංශයේ නොනිවෙන අවුල හෙවත් ජනාධිපති යටතට පවරා ගැනීමට පාර කැපීම

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.30, පෙ.ව‍‍‍‍.6.55) ජනමාධ්‍ය අමාත්‍යංශය වර්තමානයේ පවතින්නේ මුදල් අමාත්‍යවරයා යටතේය. මුදල් අමාත්‍යවරයා ජනමාධ්‍ය අමාත්‍යංශයට පැමිණෙන්නේ ඉඳ හිටය. අමාත්‍යංශයේ ලේකම්වරයා හොඳය. නමුත් අමාත්‍යංශයට එන්නේම නැත. ජනමාධ්‍ය අමාත්‍යංශයේ පරිපාලනය හොඳය. මන්ද ඔවුනට කරන්නට වැඩක් නැති නිසාය. ඇත්තේ ඉන්න සේවකයින්ට පඩි ගෙවීම හා නිවාඩු අනුමත කිරීම වැනි ප්‍රාථමික පරිපාලනයක් පමනක් වීමය. ලේකම්වරයා විසින් කළ යුතු සියලු කටයුතු සිදු කරන්නේ අතිරේක ලේකම්වරයාය. අමාත්‍යවරයා කළ යුතු සියලු කටයුතු සිදු කරන්නේ රුවන් ෆර්ඩිනෑන්ඩස් හෙවත් ඇමැතිගේ පරංගි ලේකම් ය. සියලු කටයුතු කීවාට සියලු කටයුතුම නොවේය. ඔහුට ඒවායෙන් කිරීමට හිත දෙන ඒවා පමණක් කරන්නේය.

වෙබ් අඩවි තහනම් වන්නේය. අමාත්‍යංශය නොදන්නේය. නමුත් ලේකම්වරයාගේ අත්සන සහිත ලියුම් විදුලි සංදේශ නියාමන කොමිසමට ලැබී ඇත්තේය. එහෙත් ඔහු ඒ කුමන හේතුවක් නිසාද කියාවත් නොදන්නේය. වෙබ් අඩවියක් නීති කඩකර ඇත්නම් එය තහනම් කිරීමේදී අනුගමනය කළ යුතු පියවර ඇත්තේය. ඒ ආයතන වෙත අදාල තීරන දැනුම් දීමක් හෝ නිදහසට කරුනු දැක්වීමක් හෝ අවම වශයෙන් කඩ වූ නීතිය මෙය යැයි හෝ කිව යුතුය. එය මූලික අයිතියකි. 

මාධ්‍ය නාලිකා හිතූ හිතූ පරිදි නටන්නේය. සිරස ප්‍රවෘත්ති කියා මැදින් කඩා පැන අපහාස පිට අපහාසද අවලාද පිට අවලාදද නගන්නේ ආණ්ඩුවේම ප්‍රධානීන්ටම පමනක් නොවේය. ඔවුන්ගේ ව්‍යාපාරවලට අවාසියක් සිදු කරන ඕනෑම අයෙකුට ඔවුන් මහජන තරංග අවභාවිතා කරමින් අවලාද නගන්නේය. අමාත්‍යංශය ඒවා නොදන්නේය. මාධ්‍ය ආචාර ධර්ම කියා දෙයක් අමාත්‍යවරයා නොදැන සිටීම පිළිගත හැකිය. මන්ද ඔහුගේ මාධ්‍ය භාවිතාව ගැන රටම දන්න නිසා ය. ඒවා අතර කලින් ඔහු මාධ්‍ය ඇමැති කාලයේ දී රෝහණ කුමාර ඝාතනය කළ බවත් තවමත් ඝාතකයෙක් අත් අඩංගුවට නොගත් බව රටම දන්නේ ය. ඒ කාලයේ දීම පිත්තල හන්දියේ දී මාධ්‍යවේදීන්ට යකඩ පොලු වලින් සලකා කැමරා කඩා දැමූ බවද රටම දන්නේ ය. ඔහු මාධ්‍ය ඔස්තාර්ය. නමුත් ආණ්ඩුවේ මාධ්‍ය පට්ට ෆේල්ය. වෙබ් ගෝඩ් ෆාදර්ලාගේ ගේම් දැන් වලංගු නැත. ඒවා හරි ගියේ ඉස්සර ය. දැන් මංගල ඇමතිතුමා දන්නේ මුදල් ගෙවා ඇඩ් දැමීමට ය. ආණ්ඩුවේ ප්‍රචාරණ ය යනු එය නොවේය. 

ඉස්සර ජනමාධ්‍ය ලේකම් කෙනෙක් සිටියේය. ඔහු නිමල් බෝපගේ ය. මාධ්‍ය වරදක් කරනු දුටු තැන නීත්‍යානුකූලව පියවර ගත්තේ ය. තහනම් වාරණ නොදැම්මේ ය. නමුත් CSN වැහුවේ ය. නීතිය අකුරටම දන්නා ඔහු නිලය ගානට ඇල්ලුවේ ය. අදටත් එම වාරණය අධිකරණයෙන් ඉවත් නොකළේ ය. ඒ තරමට ඔහු ඇල්ලු නිලය ප්‍රබල ය. බොරුවට අත්අඩංගුවට ගෙන ඇප දී ගෙදර යැවීම වැනි දෑ ඔහු නොකෙළේ ය. දෙරණට අනතුරු ඇඟවූයේ ය. දෙරණ හැදුනේ ය. ඔහු තනතුරෙන් නික්ම ගියේ ය. දෙරණ පිස්සු කෙලින්නේ ය. හිටපු ලේකම් අගමැති කිව්වද අත්සන් නොකෙළේ ය. දැනුත් ලේකම්වරයෙක් ඉන්නේ ය. ඔහු ආචාර්ය සමරතුංග ය. ජනාධිපතිගේ සම්බන්ධීකරණ ලේකම් කිව්වත් අත්සන් කර වෙබ් අඩවි තහනම් කරන්නේ ය. 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවක් තිබෙන්නේ ය. වගකීම රජයේ පුවත් දැනුම් දීම හා හදිසි අවස්ථා වලදී නිවැරදි තොරතුරු ජනතාවට ලබා දීම ය. නමුත් ඔවුන් කරන්නේ ප්‍රවෘත්ති හංගා ගැනීම ය. ගිංතොට ගැන ව්‍යාජ තොරතුරු රටේ පැතිරෙන්නට වි ය. ඒ නිවැරදි තොරතුරු වසන් කිරීම නිසා ය. එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් ඇත්තේ ය. ඔහු වැඩ බලන නිලධාරියෙක් ය. නමුත් ඔහු වැඩ බලන්නේ ‘රයිට්ස් නව්‘ රාජ්‍ය නොවන සංවිධානයේ ය. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නොවේ ය. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩ බැලුවා නම් වෙබ් අඩවි තහනම් කෙළේ කව්දැයි දැන ගත යුත්තේ ය. නමුත් ඔහු නොදන්නේ ය. කලින් අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් සිටියේ ය. ඔහු රංග කලංසූරිය ය. ඔහු ධූරයේ සිටියදී වැඩ බැලුවේ ‘ඉන්ටර්නැෂනල් මීඩියා සපෝට්‘ ආයතනයේ ය. දැන් ඔහු ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ලොබියේ වැඩ බලන්නේ ය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව පැවතෙන දිනවලදී ඔහු ඇමතිවරුන් පිළිගැනීමේ නිලධාරියා ලෙස ද වැඩ බලන්නේ ය. ඔහුගේ උත්සාහය කෙසේ හෝ නැවත ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්ධූරයට ඒමට ය. ඒ වෙනුවෙන් දැන් ඇමතිවරුන්ට තේ අදින්නේ ය. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්ධූරය දෙන්නට රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරිකයෙකු වීම දැන් විශේෂ සුදුසුකමක් වී ඇත්තේ ය. 

ජාතික රූපවාහිනි සංස්ථාව කියා එකක් ඇත්තේ ය. සභාපති හා අධ්‍යක්ෂ ජෙනරාල් නයාට අඳුකොල ගාන ය. හැමදාම වලිය. ජාතික ආන්ඩුවේ පාර්ශව අතර බේද ඇති කිරීම හා පාරේ යන වාහන ගැන කෝටි ගණන් වියදම් කර සිදු කරන ව්‍යාපෘති මිස වෙනත් කිසිවක් නොකරන්නේය. කරන්නේ නම් ඒ සභාපති හා අධ්‍යක්ෂ ජෙනරාල් වරින් වර එක එක ව්‍යාපෘතිවලට කියා රට යාම පමණක් වන්නේ ය. 

අවසන් සිදුවීම මෙසේ ය. සභාපති පිට රට සවාරියකය. අධ්‍යක්ෂ ජෙනරාල් සාගල රත්නායක සමග බෙර ගැසීමට ගොස්ය. සුජීව සේනසිංහ ගෙන්වූ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ජනාධිපතිවරයාගේ පලු ඇරියේ ය. වැඩ සටහන පිලිබඳ සභාපතිවරයා අනුමැතිය දී රටින් පිට වී තිබෙන්නේ ය. ජනාධිපතිවරයාට මල පැන්නේ ය. සභාපති ඇමතුවේ ය. රටේ නැත්තේ ය. අධ්‍යක්ෂ ජෙනරාල් ඇමතුවේ ය. ඔහුගේ අනුදැනුමක් නැති බව දැන්වූයේ ය. සභාපතිවරයා යලිත් ජනාධිපතිවරයා ඇමතුවේ ය. එය මංගල සමරවීර ඇමතිවරයා පත් කළ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා විසින් සිදු කරන ලද්දක් බව පැවසුවේ ය. ඒ සිදුවීමත් සමග ආණ්ඩුවේ සියලු දෙනාම “කොළේ ඉරාගෙන ඇඟේ හලා ගත්තේ ය.“ 

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පිළිබද කතා කර වැඩක් නැත. සභාපති රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් හා සිවිල් සංවිධාන සාමාජිකයින් ගෙන්වා වැඩසටහන් කිරීම හැර වෙනත් යමක් කරන්නේ නැත. ගුවන් විදුලියේ දූෂිත අධ්‍යක්ෂ ජෙනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි සිය අණසක යටතේ ගුවන් විදුලියේ රජ කරයි. සංස්ථාවේ සියලු වියදම්වලින් කොමිස් ගැනීම හැර ඔහු තවත් රාජකාරියක් සිදුකරයි. ඒ ගුවන් විදුලියේ සේවකයින්ගෙන් පලිගැනීමයි.

අමාත්‍යංශයම එකම නොනිවෙන අවුල් ජාලාවක් බව මේ වන විට ජනාධිපතිවරයාගේ කනට වැටී ඇත. කනින් කොනෙන් ඇසෙන අලුත්ම ආරංචිය වන්නේ නැවතත් අමාත්‍යංශය දෙකඩ කිරීමක් ගැනය. ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතට පවරා ගැනීමට සැරසෙන බවක් පෙනෙන්නට ඇත්තේය. ඒ ආරංචියට ආයතන ප්‍රධානීන් බිය වී ඇති බවක්ද පෙනෙන්නට ඇත්තේ ය. ඔවුන් මේ ගැන අගමැතිවරයාට කියා අමාත්‍යංශය එජාපය සතුව තබාගන්නා ලෙස ඉල්ලීමට සූදානම් බවද ආරංචි ය. ඒ තනතුරු රැකගන්නට ය. ඇමැතිවරයා ක්‍රියා කරන්නේ කෙසේ හෝ මාධ්‍ය අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතට පවරාගැනීම සාධාරණය කිරීමට බව දැන් දැන් පෙනී යන්නේ ය. 

සෙස්ස පස්සට ය.

-ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයේ විශේෂ ලියුම්කරුවෙකු විසිනි -

---------------------------
by     (2017-11-30 01:44:47)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

What is Jennifer's name?

  1 discussion on this news

Please bring up the Rohana Kumara murder where used government TV to bring a goni billa in front of the country to cover it up
-- by Lama on 2017-11-30

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more