මේ දැරියන් පස් දෙනා අතුරුදහන් කිරීමට මෛත්‍රීපාල සිරිසේන වගකිව යුතු නැද්ද?

(ලංකා ඊ නිව්ස් 2017.නොවැ.30, පෙ.ව.2.30) මෙහි ප්‍රථමයෙන් දැක්වෙන සේයාරුව වනාහී ජනාධිපති සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයට ප්‍රසිද්ධ කළ පෝස්ටරයක ඇති සේයාරුවකි. මෙහි වම්පස ඉදිරියෙන් ඉන්නේ ජෙරොමි නමැති දැරියකි. ඇය සමග මෙහි දැක්වෙන දැරියන් 5 දෙනෙකුම පින්තූරයට පෙනී සිටීමෙන් පසු අතුරුදහන් ය. පෝස්ටරය ගැසුවේ යුද්ධයෙන් බොහෝ කාලයකට පසු බැවින් මේ දැරියන් අතුරුදහන් වී ඇත්තේ යුද්ධයට පසුව විය යුතුය. මේ දැරියන්ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් සිරිසේන මහතා වගකිව යුතු නැතැයි මුල්කාලයේ දී සිතුනද සිරිසේන මහතා ජනාධිපතිවරයා වීමෙන් පසු අතුරුදහන් වීම් සිදුකරන ලද අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඔහු විසින් සිතා මතා අකුල් හෙළන බැවින් සිරිසේන මහතාද අතුරුදහන් කිරීම් වලට වගකිව යුතු යැයි යමෙක් සැක කිරීමේ කිසිදු වරදක් නැත. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කළවුන් කෙරෙහි සිරිසේන මහතා දැක්වූ අනුග්‍රහය සහ පරීක්ෂණ වලට කරන ලද බාධා කිරීම් මෙන්ම අද දවස වන විට ගෝඨාභය අත් අඩංගුවට ගැනීමට පවා සිරිසේන මහතා කරන බාධා සැලකීමේ දී සිරිසේන ද සුදනෙකු නොවන බවත් ඔහුගේ අතේද ලේ තැවරී ඇතැයි සැක කිරීම සාධාරණය. සිරිසේන ජනාධිපති එසේ නොවන නිර්දෝෂී පුද්ගලයෙකු නම් විධායක බලතල ලැබුණු විගස කරන්නේ හැරි හැරී නොඉන්නා ලැරී මෙන් දුන්නෙන් ගිලිහුණු ඊතලයක් සේ අපරාධකරුවන් හඹා ගොස් ගලග්‍රහයෙන් අල්ලා ගැනීමය. නමුත් ඔහු එවැන්නක් නොකරනවා පමණක් නොව දැන් අපරාධකරුවන් පසුපස බඩගාගෙන ගොස් තමන් සමග සන්ධාන ගසන්නැයි ඇරියුම් කරන්නේ ය.

තමන් සමග සේයාරුවකට පෙනී සිටි දැරියන් 5 දෙනෙකු අතුරුදහන් යැයි දැන ගත් ජනාධිපතිවරයෙකුට ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි කියා සොයා නොබලා වගකීමෙන් බේරී බොරු කියමින් වසර 3 ක්ම ජනතාව මුලා කළ හැක්කේ ලංකාවේ පමණය. වෙනත් ශිෂ්ඨාචාර මිනිසුන් වෙසෙන රටක මෙවැන්නක් සිදුවූවා නම් ජනාධිපතිවරයාට ගෙදර යන්නට මේ සිද්ධියම සෑහෙන්නේ ය. 

ජනාධිපති සමග සේයාරුවකට පෙනී සිටීමෙන් පසු දැරියන් පස් දෙනා අතුරුදහන් බව දන්නා ඔවුන්ගේ ඥාතීන් මේ දැරියන් කිසිවෙකු හෝ ඝාතනය නොකෙළේ නම් ඔවුන් දැන් ඩඩ්ලි සිරිසේනගේ හාල් මෝලක හාල් වේලනවා යැයි සැකකරනු ඇත. එසේත් නැතිනම් ඔවුන් දැන් චතුරිකා සිරිසේනගේ ‘තිදස් අරණ‘ හෝටලයේ කාට හෝ ඇඟ විකුණනවා යැයි සැකකරනු ඇත. එසේත් නැතිනම් සාරුවා සුනිල්ගේ ගාණ 205 ට නැග්ගා යැයි සැක කරනු ඇත.  එබැවින් ජනාධිපති සිරිසේන මහතා මේ සම්බන්ධයෙන් තවදුරටත් කට පුක පියාගෙන සිටීම ඔහුගේ ‘පරිණත‘ සැරීර සෞඛ්‍යයට හොඳ නැත. ඔහු මේ දැරියන්ගේ අතුරුදහන් වීම් වල පංගු කාරයෙක් නොවේ නම් කළ යුත්තේ ‘කොළේ ඉරා ගෙන ඇඟේ හලාගන්නේ නැතිව‘ මේ දැරියන්ගේ ඥාතීන් මේ පිලිබඳ පිළිතුරක් ඉල්ලා දින 270 ක් තිස්සේ කරන සත්‍යග්‍රහයට සාධාරණ පිළිතුරක් වහ වහා ලබා දීම ය. එසේ නොමැතිව විද්‍යා දැරියගේ ගෙදර බඩගෑවාට සුදනා වන්නේ නැත. 

මේ සිදුවීම් සම්බන්ධයෙන් වවුනියාව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දිනසේන රතුගමගේ මහතා ගෙන එන වාර්තාවක් පහතින්

ජෙයවනිතාගේ කන්නලව්ව..!

යුද සමයේදී තුරුදන් වූ පුද්ගලයින්ගේ පවුල්වල ඥාතීන් පිරිසක් හා අතුරුදහන් වූවන් පිළිබදව තොරතුරු සොයා බලන සංවිධාන වල නියෝජිතයින් පිරිසක් මීට සති තුනකට පෙර ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කළත් මේ වනතුරු මෙම ප්‍රශ්නයට සුළු විසඳුමක් හෝ ලැබී නැතැයි අතුරුදහන් වූවන්ගේ ඥාති සංගමයේ වවුනියා දිස්ත්‍රික් සභාපතිනිය වන එස්.ජෙයවනිතා මහත්මිය කියා සිටියි.

යුද සමයේදී අතුරුදහන් වූ පිරිසෙන් පාසල් දැරියන් පස් දෙනෙකු වත්මන් ජනාධිපතිවරයා සමග මැතිවරණ පෝස්ටරයක සිටින නිසා ඔවුන්ට සිදු වූයේ කුමක්දැයි යන්නවත් සොයා බැලීමට මේ සාකච්ඡාව ප්‍රයෝජනවත් නොවූ බව සභාපතිනිය කියා සිටියි.

මෙම පෝස්ටරය වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී බෙදා හරින ලද පෝස්ටරයක් නිසා යුද්ධය අවසන් වී සාමය උදාවීමෙන් පසුවද තම දරුවන් කුමන හෝ ස්ථානයක සිටින බවට එය කදිම නිදසුනක් බව කී සභාපතිවරිය සාක්කි ඇති පස් දෙනෙකු පිළිබඳව සොයා බැලීමට නොහැකි පරිසරයක යුද්ධය හේතුවෙන් අතුරුදහන් වී සිටින විසිදහසකට වඩා පිරිසක් පිළිබඳව තොරතුරු සොයා බලා සහනයක් සැලසීම පිළිබඳව කිසිදු විශ්වාසයක් තැබිය  නොහැකි බවද කියා සිටියාය.

යුද සමයේදී අතුරුදහන් වූ තම ඥාතීන් පිළිබඳව සොයා බලා යම් සාධාරණයක් ඉටු කරණ මෙන් ඉල්ලා තමන් ඇතුළු පිරිසක් වවුනියාව නගරයට ආසන්නයේ දියත් කොට ඇති අඛණ්ඩ විරෝධතාවයට මේ වනවිට දින 270 ක් සම්පූර්ණ වී ඇතත් ඔවුන්ගේ ඉල්ලීම් වලට මෙතෙක් කිසිවෙකුත් කන් නොදීම කණගාටුවට කරුණක් බවද ජෙයවනිතා සභාපතිවරිය වැඩිදුරටත් කියා සිටියාය.

යාපනය රදගුරු කැනේඩියානු තානාපතිටත් කන්නලව් කරයි

මේ අතර යුද සමයේදී අතුරුදහන් වී ඇති බවට සැකකරණ 30000 ක් පමණ වන දෙමළ ජනතාව වෙණුවෙන් ශ්‍රී ලංකා රජයෙන් මෙතෙක් යුක්තිය ඉටුවී නොමැති නිසා මේ සම්බන්ධයෙන් රජයට යම් බලපෑමක් කොට අතුරුදහන් වූ පුද්ගලයින්ගේ පවුල් වලට යම් සහනයක් සලසා දෙන මෙන් යාපනය රදගුරු එස්.ඥාණප්‍රකාශම් හිමිපාණෝ යාපනයේ  සංචාරයක යෙදුනු කැනේඩියානු තානාපතිවරයාගෙන් අද (29) ඉල්ලීමක් කොට තිබේ.

ශ්‍රී ලංකාවේ සිටින කැනේඩියානු තානාපති ඩේවිඩ් මැකෙනින් ( David Mikekinen) මහතා යාපනයට පැමිණි අවස්ථාවේදී යාපනය රදගුරු නිවෙස වෙත ගොස් උන්වහන්සේ හමු වූ අවස්ථාවේදී තානාපතිවරයාගෙන්  මෙසේ ඉල්ලා තිබේ.

යුද සමයේදී අතුරුදහන් වූ මෙම පුද්ගලයින් නිසා ඔවුන්ගේ පවුල් වල යැපෙන්නන් ඉතා දුක්ඛිත තත්ත්වයකින් පසුවන බවත් පවුලේ ආර්ථිකය ගොඩනගන ලද පුද්ගලයින් අතුරුදහන් වීම නිසා ඔවුන්ට කිසිදු පිලිසරණක් නොමැති බවත් රදගුරු හිමිපාණෝ තානාපතිවරයාට පවසා තිබේ.

යාපනය දිස්ත්‍රික්කය තුල පමණක් උපාධිධාරීන් ඇතුළුව රැකියා විරහිත තරුණ තරුණියන්  50000 ක් පමණ රැකියා අපේක්ෂාවෙන් සිටින බවත් කැනඩා රජය මැදිහත් වී ඔවුන්ට රැකියා ලබාගත හැකි අන්දමේ ව්‍යාපෘතියක් යාපනයේ ඇති කරණ ලෙසද තවත් ඉල්ලීමක් කැනේඩියානු තානාපතිවරයාට යොමු කොට තිබේ.

දෙමළ ජනතාව වෙණුවෙන් කරණ ලද මෙම ඉල්ලීම් රජය සමග සාකච්ඡා කිරීමට කැනේඩියානු තානාපතිවරයා යාපනයේ රදගුරු හිමිපාණන්ට  පොරොන්දු වී ඇති අතර රැකියා විරහිත පිරිස වෙණුවෙන් අවම වශයෙන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් හෝ යාපනයේ ඇති කිරීමට කැනේඩියානු රජයට යෝජනා කරණ බවටද  තානාපතිවරයා පොරොන්දු වී තිබේ.

සේයාරූ සහ වාර්තාව දිනසේන රතුගමගේ විසිනි

---------------------------
by     (2017-11-29 22:00:46)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more