හොඳ උපකුලපති කෙනෙක් හමුවුනා: ගොඩනැගිලි නැතත් කුලියට තැනක හරි සබරගමු වෛද්‍ය පීඨය අරඹා මෙවර ඒලෙවල් ළමයි 75 ක් ගන්නවා - කිරිඇල්ල

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.29, ප.ව‍‍‍‍.8.35) ගොඩනැගිලි නැතත් කුලියට අරන් හරි සබරගමුව විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පීඨයට සිසුන් බඳවා ගැනීම ලබන වසරේ ආරම්භ කරන බවත් හොඳ උපකුලපති වරයෙකු හමුවී සිටින බවත් සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පැවසීය.

සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කිරිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද (29) පාර්ලිමේන්තුවේදි යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් කිරිඇල්ල මහතා මෙසේ විස්තර කෙළේය.

“අපි සබරගමුවේ වෛද්‍ය පීඨයක් ආරම්භ කරන්න තීරණය කරලා තියෙනවා. මේ අවුරුද්දේ උසස් පෙළ ප්‍රතිඵල අනුව අපි ලබන අවුරුද්දේ ලමයි 75 ක් අරන් එය ආරම්භ කරනවා. ඉඩමක් වෙන් කරලා තියෙනවා. අපිට ගොඩනැගිල්ල හදන්න කල් යනවා නම් අපි ස්ථානයක් කුලියට අරන් හරි  මෙය ආරම්භ කරනවා. සබරගමුව විශ්ව විද්‍යාලයට හොඳ උපකුලපතිවරයෙක් හම්බවෙලා ඉන්නවා. දැන් ඔහු  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා වෛද්‍ය අංශ එක්ක දේශන හා පාඨමාලා සකස් කරගෙන යනවා. කොහොමහරි අවශ්‍ය සියළු කටයුතු සිදුකර මේ අවුරුද්දේ ප්‍රතිඵල අනුව ලබන අවුරුද්දේ ලමයින් 75 ක් අරගෙන සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨය ආරම්භ කරනවා.“ යි කිරිඇල්ල මහතා විස්තර කෙළේය. 
 
මෙවැනිම ප්‍රකාශයක් කරමින් උසස් අධ්‍යාපන ඇමැති ඊයේ කියා සිටියේ  නාවලපිටියේ  නාවලපිටිය -හයින්ෆෝට් හි ඉදිවන  උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයෙන් පිටවන ලමුන්ගෙන් සියයට 95 කටම රැකියා ලැබීම ස්ථිර බවයි. එම උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය ඉදිකිරීමට මුල් ගල තැබීමේ අවස්ථාව ඊයේ පැවති අතර රුපියල් මිලියන 529 ක වියදමින් ඉදිවන එහි ඉදිකිරීම් වසර දෙකකින් අවසන් කිරීමට නියමිත බවද ඇමැතිවරයා කීය.  

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..,

තමුන්නාන්සේලා හොඳටම දන්නවා මම 1989 දේශපාලනය පටන් ගත්තා දා සිටම මට නාවලපිටිය ආසනයෙන් විශාල දායකත්වයක් ලැබුනා. මගේ පලමු මැතිවරණය 1989 බලාපොරොත්තු නැති විදිහට නාවලපිටිය ඡන්ද කොට්ඨාශයෙන් ඡන්ද 5000 ක් ලැබුණා. එදා වැඩ කරපු අය අද අපි ඉදිරියේ සිටිනවා. රටේ  ග්‍රාමීය පළාත් වල රැකියා නැති විශාල පිරිසක් සිටිනවා , අපිට රැකියා අරගෙන දෙන්න බැහැ නමුත් රැකියාවක් ලබා ගන්න අවශ්‍ය පුහුණුව ලබා දෙන්න පුළුවන් . අන්න ඒකයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය . සෑම කෙනෙකුටම රජයේ රැකියා දීලා මේ රැකියා ප්‍රශ්ණය විසඳන්න බැහැ.  ඒ අනුව තමයි මේ උසස් තාක්ෂණික ආයතනය අපි ආරම්භ කළේ. මම සියළු දෙනාටම කියනවා මේ ආයතනයේ පුහුණුවක් ලැබුවහොත් අනිවාර්යෙන්ම රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව තිබෙනවා. මේ ආයතනයෙන් පිටවන සියයට අනූපහකට අද රැකියාවල් තිබෙනවා. එම නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න.“ 

එම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලකී ජයවර්ධන , ආනන්ද අලුත්ගමගේ , වඩිවේල් සුරේෂ් සහ උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් හිලරි ඊ සිල්වා මහතා සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ. 

---------------------------
by     (2017-11-29 15:08:35)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

What is Lisa's name?

  1 discussion on this news

Sabaragamuwa University 100% professors are fakes and PhDs are locals (from Colombo University Bogus PhD factory) or China, Malaysia and India. No country is sending University teachers to do PhDs to these countries. This henchman unqualified VC (He can not get clerk position from world class University)
-- by Rathnapala on 2017-11-30

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more