අන්ත්‍රාවයි..! හෙරොයින් මිශ්‍ර කළ ටොපියක් ඇවිත්

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.29, ප.ව.8.15) හෙරොයින් මිශ්‍රකල ටොපි තොගයක් යාපනය නගරයේ තැනින් තැන අලෙවි කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් යාපනය පොලීසිය මගින් 28 දා සවස අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් දෙමළ ජාතිකයෙකු වන අතර අනෙක් තැනැත්තා මුස්ලිම් අයෙකි.

ඔවුන්ගේ ගමන් මල්ලක් තුල සඟවාගෙන අවශ්‍ය අයට එම ටොපි අලෙවි කරමින් සිටි බව පවසන පොලීසිය පාසල් සිසුන්ද මෙම ටොපි වෙළෙන්දන් දෙදෙනාගේ ගැනුම්කරුවන් බවට පත්ව ඇතැයිද කියයි.

සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදී ඔවුන් ලඟ හෙරොයින් මිශ්‍ර කරණ ලද ටොපි 50 ක් පමණ තිබී ඇත.

යාපනය පොලීසිය මෙම සැකකරුවන් දෙදෙනා 29 දා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම ටොපි තොගය හා ඒවා අත් අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් කණ්ඩායමයි.

දිනසේන රතුගමගේ

---------------------------
by     (2017-11-29 14:51:02)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more