මුදල් ඇමැතිගේ (අ)සහන චක්‍රලේඛය ඔලමොට්ටලයි.! වාහන ගෙන්වූ අය කබලෙන් ලිපට: වාහන වරායේ හිරවෙලා

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.29, පෙ.ව‍‍‍‍.4.10) මෝස්තර නිර්මාණය ගැන මිස ආර්ථික විද්‍යාව ගැන දැනුමක් නැති පුද්ගලයෙකු අද වැනි වෙළඳාම සංකීර්ණ වී ඇති යුගයක මුදල් ඇමැතිධූරයට පත් කිරීම නිසා දෝ මිනිසුන්ට සහන සලසන්න කියා නිකුත් කරන ලද චක්‍රලේඛ වලින් ප්‍රායෝගිකව කිසිදු සහනයක් නොලැබී වැඩි බදු මුදලක්ද ගෙවන්නටද සිදුව ඇත. මුදල් ඇමැතිවරයා ආනයනික වාහන බදු සඳහා නිකුත් කරන ලද චක්‍රලේඛය බහුබූතයක් වී ඇත්තේ පහත පරිදිය.  

රජයේ නිවේදන
1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත
3 වැනි වගන්තිය යටතේ නියමය

1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනශේ 3 වැනි වගන්තිය යටශේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, මුදල් හා ජනමාධය අමාත්‍ය මංගල සමරවීර වන මම, මෙම නියෝගය මගින්,

01. 2017.11.09 දින හෝ එදිනට පෙර ඔහුගේ/ ඇයගේ නමින් ණයවර ලිපිය විවෘත කරන ලද පුද්ගලයකු විසින් සංයෝජිත වර්ගීකරණ අංක 87.03 යටතේ ආනයනය කරන ලද සහ 2018.04.30 දින හෝ එදිනට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් නිෂ්කාශනය කර ගනු ලබන මෝටර් රථයක් සඳහා, 2017.11.09 දින පැවති සහ 2016.11.10 දිනැති අංක 1992/29 දරන ගැසට් නිවේදනය හා එයට පසුව සිදු කරන ලද සංශෝධන ඇතුළත් 2017.06.09 දිනැති අංක 2022/30, 2017.06.19 දිනැති අංක 2024/1 හා 2017.07.11 දිනැති අංක 2027/7 දරන ගැසට් නිවේදනයන්හි සඳහන්ව ඇති නිෂ්පාදන බදු අනුපාත අදාල විය යුතු බවත්; සහ

02. ඉහත 01 ඡේදයේ සඳහන් ආනයනික වාහන සඳහා 2017.11.09 දිනැති අංක 2044/32 දරන ගැසට් නිවේදනයේ සඳහන් නිෂ්පාදන බදු අනුපාතයන් අදාල නොවිය යුතු බවත්;

ප්‍රකාශයට පත් කරමි.

මංගල සමරවීර,
මුදල් හා ජනමාධය අමාතය.
2017.11.15 වැනි දින,
කොළඹ 01,
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ය

එසේ වී නමුත් දැන් මිනිස්සුන්ට වාහන සඳහා වැඩි බදු මුදලක් ගෙවන්නට සිදුව ඇත. මුදල් අමාත්‍යංශයෙන් මේ ගැන විමසු විට කියන්නේ “ඔයගොල්ලෝ වාහන ගෙන්වුවේ ඒ ගාණ ගෙවන්න බලාගෙන නිසා ගෙවලා ගන්න“ කියා ය. මේ චක්‍රලේඛය නිසා බදු අඩු වූ වාසිය මිනිස්සුන්ට නොලැබෙන බව අමාත්‍යාංශයේ අය දනිති, නමුත් ඒ අය දන්නේ නෑ පුද්ගලිකව වාහනයක් මිනිස්සු ගෙන්වන්නේ අඩු මුදලකට ගන්න ඕන නිසා වගේම බැංකු වලට ණය වෙලා ය කියන කාරණය. 

දැන් එලෙස වාහන ගෙන්වූ මිනිසුන් මේ සහන චක්‍ර ලේඛනය නිසා තව තවත් අසහනයට පත්ව සිටිති. උදාහරණයක් ගතහොත් Wagon R රථයක් Vitz රථයක් වැඩි බදු මුදලක් ගෙවා ගන්නට පුළුවන් කමක් නැත. මන්ද බොහෝ අය වාහනේ ලංකාවට ආවට පස්සේ ණයක් හෝ ලිසිං එකක් දානවාම ය. එතකොට ගන්නා වාහනේ තක්සේරු වටිනාකම වෙන්නේ දැනට වෙළඳ පොලේ පවතින වටිනාකම ය. ණය හෝ ලීසිං ලෙස ගත හැකි උපරිමය 50%  පමණි. එවිට අඩු වටිනාකමක් තියෙන වාහනයක් වැඩි බදු මුදලක් ගෙවා ගැනීමට මිනිස්සුන්ට අමාරුයි කියන එක මේ ඔලමොට්ටලයන්ට තේරෙන්නේ නැත. 

සරලව මෙලෙස කියමු.  Vitz එක ඇනවුම් කරණ විට ලක්ෂ 45 වේ යැයි කියා උපකල්පනය කර  උපරිම ණය මුදල වන රු 2,250,000 (50%) බලාපොරොත්තුව මනුස්සයෙක් වාහනයක් ආනයනය කරනවා යයි සිතමු. නමුත් වාහනය ලංකාවට එනවිට බදු අඩුවී වෙළඳ පොළ වටිනාකම ලක්ෂ 37කට අඩු වේ. දැන් මිනිස්සුන්ට කියනවා නම් ඕගොල්ලෝ බලාපොරොත්තු උන ගණන ලක්ෂ 45 නේ ඒ ගාණටම ගන්නැයි කියා ඒ මිනිසුන් අසරණ වනවා නොවේද? මන්ද යත් වෙළඳපොල වටිනාකමෙන් 50% ගත්තම ඒ මිනිස්සුන්ට ගන්න පුළුවන් උපරිම ණය මුදල රු. 1,850,000 ක් වීමය. ඉතිරි ලක්ෂ 4 ඒ මිනිසුන් කොහෙන් සොයන්නද? මේ අප්‍රබංසය නිසා දැනට වරායේ හිර වී තිබෙන වාහන විශාල ප්‍රමාණයක් ඇත.

අපේ මුදල් ඇමතිවරයා මිනිසුන්ට සහන සලසනවා කියා නිකුත් කරන ලද චක්‍ර ලේඛවල තත්වය ඔන්න ඔහොම ය.

-සුරංගනී දික්කුඹුර විසිනි- 

---------------------------
by     (2017-11-28 22:50:15)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

ඕක මොකක්ද, මැද මුලනෙ මහින්ද ගොං තඩියත් කිව්වෙ අයවැය හදන්නෙ ඌය කියල!
-- by අමරා on 2017-11-28

වාහනයක් ලංකාවට පැමිණෙන අතරතුර බදු වැඩිවී තිබුණේ නම්, වාහනය නැව්ගත කල දිනට අදාල බදු පමණක් ගෙවීමෙන් වාහනය නිදහස් කරගත හැක. මෙය එහි අනෙක් පසය. කලින් කියූ සහණය ලබාගන්නේ නම් මෙහි වරදක් කිව නොහැක. වාහන සඳහා අයකරන අධික බදු නම්.කිසිසේත්ම සාධාරණීකරනය කළ නොහැක.
-- by නුමා on 2017-12-03

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more