ගීතා වගේ ගෙදර යැවිය යුතු තවත් අය මෙන්න..!

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.28, ප.ව‍‍‍‍.8.25) අධිකරණය ඉතා නිවැරදි තීන්දුවක් දෙමින් විදේශ රටවල පුරවැසියන්ට ලංකාවේ පාර්ලිමේන්තු ධුර දැරීම නිශේධ කරන ලදී. මෙය රජයේ සේවයේ ඇති විශේෂිත තනතුරු සම්බන්ධයෙන්ද ක්‍රියාත්මක විය යුතු බව ලංකා ඊ නිවුස් වෙත කරුණු දක්වන නීතිවේදීහු ද පෙන්වා දෙති. ඒ අනුව ඕනෑම රටක් තමන්ගේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා සීරුවෙන් කටයුතු කරන හෙයින් විදේශ රටවල පුරවැසිකම් ගන්නා අයවලුන් රටේ ඉහළ තැන්වලට පත් කරන්නේ නැත. ඔවුන් තවදුරටත් කියා සිටියේ බොහෝ රටවල් රජයේ ඉහළ නිලධාරීන්ට විදේශීකයින් සරණ පවා ගැනීමට පවා තහනම් කර ඇති බවකි. එසේ කරන්නේ නම් ඔහුගේ හෝ ඇගේ කාලත්‍රයා එකී රටේ පුරවැසිකම ලබා ගත යුතුයි. උදාහරණයක් වශයෙන් දක්වන්නේ ඇමෙරිකාවේ හමුදා, විදේශ සේවා හා අනෙකුත් ඉහළ නිලධාරීන් විවාහවන කාන්තාවන් හෝ පිරිමින් අනිවාර්යෙන්ම ඇමෙරිකානු පුරවැසිකම ලබාගත යුතු බවයි.

මේ සම්බන්ධයෙන් අප කරන ලද විමර්ශනයකට අනුව දැනට විදේශ පුරවැසිකම් සහිත හා විදේශ පුරවැසියන් විවාහ කරගත් විදේශ සේවා නිලධාරීන් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ සිටින බව හෙළි විය. ලංකාවේ පැවති නීතිය අනුව විදේශ සේවා නිලධාරීන්ට විදේශීකයින් සරණපවා ගැනීම තහනම් විය. එහෙත් පෙර තිබූ වසර දෙකේ එක්සත් ජාතික පක්ෂ රජය මෙම තත්ත්වය වෙනස් කරමින් පළමුවරට රොඩ්නි පෙරේරා නැමති නිලධාරියාට ජපන් කාන්තාවක් සරණ පාවා ගැනීමට අවසර දෙන ලදී. අපට දැන ගන්නට ඇති අන්දමට විදේශ සේවයේ නිලධාරිනියන් කීප දෙනෙක්ම විදේශ පිරිමින් සමග විවාහ වී සිටිති. 

අපට ලැබුණු තොරතුරුවලට අනුව මෙතෙක් අසන්නට ලැබුණූ අපූර්ව කථාවක්ද තිබේ. එනම් විදේශ සේවයේ සිටින සේසත් තාඹුගල නැමති නිලධාරිණිය ජපන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් සමග විවාහවීම ය. මෙම විවාහයට එකළ විදේශ ඇමති රෝහිත බොගොල්ලාගම දැඩි ලෙස විරුද්ධත්වය දක්වමින් මෙය කිසිසේත් අනුමත කළ නොහැකි බව දන්වා තිබේ. එහෙත් ඔහුගේ පිටවීමත් සමග එම විවාහයට අවසර දී  ඇත. මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ මෙම කාන්තාව පමණක් නොව පුරුෂයාද කෙසේ තම තමන්ගේ රාජ්‍ය රහස් රකීද? යන්නයි. 

මේ අතර විදේශ සේවයේ බොහෝ ලොක්කන්ගේ දරුවන් හා අඹුවන් විදේශ රටවල පුරවැසිකම් ලබාගෙන තිබෙන බව දැන ගන්නට ඇත. මෙම දරුවන්ගේ හා බිරියන්ගේ විදේශ පුරවැසිකම් හා වීසා වෙනුවෙන් යම් නිලධාරියෙක් හෝ නිලධාරිණියක් විදේශ රාජ්‍යයකට ගැති තීරණ නොගනී යැයි කිව හැක්කේ කාටද? ඒ අතර තවත් නිලධාරීන් කීප දෙනෙක් ඇමෙරිකාවේ ග්‍රීන් කාඩ්, කැනඩාවේ, මහා බ්‍රිතාන්‍යයේ හා ඕස්ට්‍රේලියාවේ දිගු කාලීන වීසා ලබාගෙන තිබෙන බවද දැනගන්නට ඇත. 

යහපාලන ආණ්ඩුව විසින් පත් කර ඇති වත්මන් විදේශ ලේකම්ගේ බිරිඳ හා දරුවන් ඇමරිකානු ග්‍රීන් කාඩ් හිමියෝ වෙති. රාජ්‍ය රහස් ගැන තවත් කවර නම් කතාද?  ප්‍රංශයේ තානාපති බුද්ධි අතාවුද ද ඇමරිකානු ග්‍රීන් කාඩ් හිමියෙක් වන අතර ඔහුගේ බිරිඳ ඇමෙරිකානු පුරවැසියෙකි. දැනට තානාපති වශයෙන් කටයුතු කරන තිස්ස විජේරත්නද ඇමරිකානු ග්‍රීන් කාඩ් හිමියෙක් වන අතර ඔහුගේ බිරිඳ හා දරුවන් ද අමෙරිකානු ග්‍රීන් කාඩ් හිමියෝ වෙති. 

විදේශ තානාපති කාර්යාලවල සේවය කරන තානාපති නිලධාරී නිලයන් සහිත වානිජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, බිරින්දෑවරුන් හා දරුවන් බොහෝ දෙනෙක් විදේශ පුරවැසි හිමිකම් ඇත්තෝ වෙති.

විදේශ පුරවැසිකම් ලබා ගැනීමේ දී ඒ රටට පක්ෂපාතී වන බවට දිවුරුමක් දිය යුතුම ය. ඒ අනුව මේ අය ශ්‍රී ලංකාවට පක්ෂපාතී වෙතැයි සිතන්නේ කෙසේද?

කොන්සල් වරුන් නම් එක් අතෙකින් ප්‍රශ්නයක් නොවේ. මන්ද යත් බොහෝ රටවල් කොන්සල් කාර්යාල පවත්වාගෙන යන්නේ තම තානාපති කාර්යාල පවත්වා ගෙන යෑම වෙනුවට ඒ ඒ රටවල හෝ කලාප වල තම රජය සමග ලඟින් කටයුතු කරන ඒ රටවල ස්වදේශිකයන් පත් කරමින් වන බැවිනි. මන්ද යත් සෑම කොන්සල් වරයෙකුම තානාපති කාර්යාලයක් යටතේ පවතින්නක් වන නිසා ය.

මේ සම්බන්ධයෙන් වත්මන් රජයේ දේශපාලඥයෙකුගෙන් විමසන ලදුව ඔහු ප්‍රකාශ කෙළේ විදේශ සේවයේ සිටින පිරිස් තවදුරටත් සේවයේ යෙදී සිටීමට අවශ්‍ය නම් අනෙක් රටක පුරවැසිකම අත්හැරීම සිදුකළ යුතු බවට නීති ගෙන ඒම ඉතා නුදුරේදීම සිදුවන බවයි. රටක ආරක්ෂාව හා ඒකාග්‍රතාව රැක ගැනීමට එවන් නීති අත්‍යාවශ්‍ය වන බව ඔහුගේ තර්කයයි. අන් සේවාවලට වඩා රටක ආරක්ෂක අංශ මෙන් වැදගත් සේවාවක් වන විදේශ තානාපති සේවයේ ද්විත්ව පුරවැසියන් සිටීම රටට හානියකි.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි

---------------------------
by     (2017-11-28 14:53:30)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

What is 3 plus nine?

  2 discussion on this news

MY3 fxxx to whole country. He and his unethical family deserve punishment. See Universities hell of corruption bogus PhDs to fake professor appointments and corruptive VCs to everything collapsed. Close down Colombo University bogus PhD factory.
-- by Nawodha on 2017-11-28

Having a green card cannot be considered as having a foreign citizenship. It is only a permanent resident status, not a proof of citizenship. To become a citizen of USA, they have to wait 5 years and then apply. At that time, they become US citizens and will have to get the dual citizenship if they like to keep the SL citizenship as well.
-- by Tissa A on 2017-11-28

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more