උතුරේ දකුණේ සන්නද්ධ වූවන් ලැබූ කිසිදු ජයක් නෑ: යලි දෙමළ තරුණයන් අවි ගැනීමට සැරසෙන්නේ නම් එය මුරුංගා අත්තට නැගීමක් - මහඇමැති විග්නේෂ්වරන්

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.28, ප.ව.7.10) දකුණේ සිංහල බෞද්ධ බලවේග හා දේශපාලනය තුලින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට ඔවුන්ගේ අයිතිවාසිකම් නොලැබුණද දෙමළ තරුණයින් එම අයිතිවාසිකම් ලබා ගැනීමේ අරමුණින් යළිත් වරක් අවි ආයුධ අතට ගැනීමට සැරසෙන්නේ නම් එය මුරුංගා අත්තක නැගීමේ ක්‍රියාවකට වඩා වෙනස් නැතැයි උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් අද 28  දා යාපනයේදී පවසා තිබේ.

යාපනයේ මාධ්‍යවේදීන් පිරිසක් ප්‍රධාන අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී රජය නව ව්‍යවස්ථාවකට යන බවක් පෙනෙන්නට නොතිබීම ගැන ප්‍රධාන අමාත්‍යවරයාගෙන් තොරතුරු විමසූ විට ඔහු මුලින්ම පවසා ඇත්තේ ඉවසීමෙන් තොරව කිසිවක් ලබාගැනීමට නොහැකි බවයි.

පොදු අරමුණු ඉටු නොවන අවස්ථාවලදී  ඒ වෙණුවෙන් කෙටි කලක් බලා සිට පසුව එම අරමුණු සපල කරගැනීම සදහා අවි අතට ගැනීම ඉතිහාසය පුරාම ශ්‍රී ලංකාව තුල දැකිය හැකි කරුණක් වුවත් උතුරේ හෝ දකුණේ ආයුධ වලින් සන්නද්ධවූවන්ට ලබාගත හැකිවූ කිසිදු ජයග්‍රගණයක් නොවූ බවද ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.

රජය ව්‍යවස්ථා සංශෝධනයක් තුලින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කොට දෙන බවට වූ පොරොන්දුව ඉටුනොවන තත්ත්වයක් තවමත් පෙනෙන්නට නොමැති නිසා රජයේ එම ස්ථාවරය වෙනස් නොවීමට ඉඩ නොතබා දෙමළ ප්‍රජාව හා දේශපාලනඥයින් අරගල කල යුතුව ඇතැයිද පවසා තිබේ.

නමුත් මේ අරගල කිසිවිටකත් ආයුධ සන්නද්ධ අරගල නොවිය යුතු යැයි ප්‍රධාන අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කොට තිබේ.

මේ අතර පසුගිය 25 දා කථානායකතුමන්ගේ ආරාධනයෙන් පාර්ලිමේන්තුව වෙත පැමිණි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.විග්නේෂ්වරන්, කතානායකතුමා සහ පාර්ලිමේන්නතු මහ ලේකම් ධම්මික දසනායක හමු වී සාකච්ඡාවක් කර තිබිණ. 

දිනසේන රතුගමගේ විසිනි

---------------------------
by     (2017-11-28 13:51:20)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

What is seventy thousand eight hundred and sixty six as digits?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more