හොර වැඩට වැටක්: සියළු පාසල් සිසුන් හඳුනා ගන්නා අලුත් ක්‍රමයක්..! ඇඟිලි සලකුණු මඟින් තහවුරු කරන QR කේතයක්

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.28, ප.ව‍‍‍‍.6.00) රජයේ පාසල් වලට ඇතුළත් වන සියලුම සිසුන්ගේ අනන්‍යතාව නිවැරදිව සනාථ කරගැනීම සඳහාත්, විභාග කටයුතු වල දී, අපේක්ෂකයින්ගේත්, විභාග කටයුතු වල නිලධාරීන්ගේත් පහසුව සඳහාත් වන විශේෂ හඳුනාගැනීමේ ක්‍රමවේදයක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් යෝජනා කර තිබේ.  විභාග දෙපාර්තමේන්තුවේ කටයුතු තවදුරටත් විධිමත් කිරීම වෙනුවෙන් ප්‍රතිව්‍යුහගතකිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පත් කරන ලද විද්වත් කමිටුව හරහා මේ යෝජනාව ඉදිරිපත් වී ඇත. 

ඒ අනුව පාසල් වලට ඇතුල් වන සෑම ශිෂ්‍යයෙකුටම අනන්‍ය ශිෂ්‍ය අංකයක් (Unique Student Code) හඳුන්වාදීමටත්, ඒ සමග ම ඇඟිලි සලකුණු (Finger Print) මඟින් අනන්‍යතාව තහවුරු කරගැනීම හරහා QR කේතයක් (Quick Response Code) නිර්මාණය කිරීමටත් යෝජනා වී ඇති අතර මෙම අංකය පාසල් මට්ටමින් සිදුකෙරෙන ප්‍රධාන කඩ ඉම් විභාග වලදී යොදා ගැනීමට ද යෝජනා වී තිබේ. මේ හරහා ප්‍රධාන කඩඉම් විභාග තුන වන 05 වසර ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස (සාමාන්‍ය පෙළ) සහ අ.පො.ස.(උසස් පෙළ) යන විභාගයන් වල දි සිසුන්ගේ සාධන තත්ත්වයන් නිරීක්ෂණය කිරීමට හැකියාව උදාවනු ඇති. එමෙන්ම විභාග වංචාවන් අවම කරගැනීමට ද මෙය විශාල ලෙස ඵලදායී වනු ඇති බව සඳහන්.

මීට අමතරව, උත්තර පත්‍ර පරික්ෂාවේ දී බහුවරණ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සඳහා නවින තාක්ෂණයෙන් යුත් OCR යන්ත්‍ර (Optical Character Readers) මිල ද ගැනීමට ද යෝජනා වී ඇත. මේ හරහා බහුවරණ ප්‍රශ්න පත්‍ර ඇගයීමට ලක් කිරීමේ දී ඒ සඳහා ගත වන කාලය අඩුවීම සහ කඩිනමින් ප්‍රතිඵල නිකුත් කිරීමට ද හැකියාව ලැබෙනු ඇති.

---------------------------
by     (2017-11-28 12:37:21)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more