ජනාධිපති විවේචනය කළ සුජීව සේනසිංහට එරෙහිව කූඨ ලේඛන බොරු චෝදනාවක් නගා රිමාන්ඩ් කිරීමේ සැලසුමක්: මෛත්‍රී-මහින්ද සාංගම් ගැසීම ගැන අගමැති කට අරී

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.28, පෙ.ව‍‍‍‍.8.45) පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් ජනාධිපති වරයා විවේචනය කළ එජාප නි. ඇමැති සුජීව සේනසිංහ මහතාට එරෙහිව ව්‍යාජ චෝදනාවක් නගා ඔහු රිමාන්ඩ් කිරිමේ කුමන්ත්‍රණයක් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. 

මෙකී ව්‍යාජ චෝදනාව නම් සුජීව සේනසිංහ හොර ඔප්පුවක් හැදීමට දායක වූවා යයි කියා ‘කූඨ ලේඛන‘ චෝදනාවකට කොටු කර ඔහුව රිමාන්ඩ් කිරීමය.  

මේ සඳහා සේනසිංහ සමග කලක් මිතුරුව සිට පසුව විරසක වූ අසේල කුමාර නමැත්තෙකු බිලි බාගෙන ඇතැයිද දැන ගන්නට තිබේ. 

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කිරීමෙහිලා රූපවාහිනී සංවාද සඳහා සහභාගීවෙමින් උගුර ලේ රහ වෙන තුරු කෑ ගැසූ එජාප දෙවන පෙළ කථිකයන්ට දැන් සිදුව ඇත්තේ ජනාධිපතිවරයා ගැසූ දුරකථන අංක මඩ තලියට පිළිතුරු දෙමින් සිටීම ය. ඒ අතර කැපී පෙණුනේ සුජීව සේනසිංහ පෙරලා ජනාධිපතිවරයාව සාධාරණ ලෙස විවේචනය කිරීමය. මෙයින් කිපුණු ජනාධිපති තර්ජනය කෙළේ ‘මාව විවේචනය කරන්නට ඇවිත් කොලේ ඉරාගෙන ඇඟේ හලාගෙන අඬන්න එපා“ කියා ය. ඒ අනුව සුජීව සේනසිංහට ‘කූඨ ලේඛන‘ චෝදනා නගා ‘අඬවන්න හදන‘ බව පෙනී යයි. මෙම කුමන්ත්‍රණය සැලසුම් කරන ජනාධිපතිගේ වන්දි භට්ටයන් පම්පෝරි ගසා ඇත්තේ ‘සුජීව හිරෙත් දමා ඔහුගේ නීතීඥ කෝට් එකත් ගලවා මිස සිරිසේන පස්ස නොබලන‘ බවකි.

එජාප නායකයන් අත් අඩංගුවට ගැනීමට සැලසුමක් ඇතැයි ලංකා ඊ නිව්ස් ඊයේ පුවතකින් අනාවරණය කෙළේය.

මේ අතර ඊයේ(27) සවස 4 ට රැස්වූ එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී අග්‍රාමාත්‍ය වරයා සුජීව සේනසිංහ සිදුකළ ප්‍රති ප්‍රහාරය අනුමත කරමින් කතා කර තිබේ. සුජීවට ජනාධිපතිවරයාට පිළිතුරු දීමට හේතු තිබුනු බවත්, ඔහු ඒ සඳහා සිරිකොත මිස වෙනත් ස්ථානයක් භාවිතා නොකළ බවත් පවසමින් එම ක්‍රියාව සාධාරණය කර තිබේ. කාවින්ද ජයවර්ධන ඇතුළු තවත් පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් කළු පටි බැඳ කරන ලද විරෝධය කෙරෙහි අගමැතිවරයා එතරම් කැමැත්තක් දැක්වූ බවක් ඔහුගේ කතාවෙන් පෙණුනේ නැත. ඊළඟ වතාවේදී එවැන්නක් කිරීමට පෙර පක්ෂයෙන් අවසර ගන්නැයි කියා නතර විය. 

කෙසේ වෙතත් අගමැතිවරයා වර්තමානයේ ශ්‍රීලනිප මෛත්‍රී පිල බඩ ගාගෙන ගොස් පාච්චල් වෙමින් මහින්ද රාජපක්ෂ පිළ සමග සාංගම් ගැසීමට යෑම ගැනද කණ්ඩායම් රැස්වීමේ දී අදහස් දක්වන ලදී. ඒ සම්බන්ධයෙන් පළමුවෙන් අදහස් දැක්වූ ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ මතය වූයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස ශ්‍රීලනිපයට තමන් කැමැති ඕනෑම කණ්ඩායමක් සමග සාංගම් ගිවිසුම් ගැසීමට අයිතියක් තිබෙන බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා කියා සිටියේ එසේ වුවද ශ්‍රීලනිප මෛත්‍රී පිළ සම්මුති ආණ්ඩුවක යහපාලන ප්‍රතිපත්ති සහ වැඩ පිළිවෙලකට අනුකූලතාවය දක්වා ගිවිසුම් ගතව සිටියදී එම වැඩ පිලිවෙලට සම්පූර්ණ ප්‍රතිපක්ෂ රාජපක්ෂලා සමග සන්ධාන ගැසීම ප්‍රශ්නයක් බවයි. මහින්ද රාජපක්ෂ පිල යහපාලන ප්‍රතිපත්ති පිළිගෙන එනවා නම් ප්‍රශ්නයක් නැතැයිද එසේ නොවන්නේ නම් මෛත්‍රී පිලේ ක්‍රියාමාර්ගය ප්‍රශ්නයක් වනු ඇතැයිද අගමැතිවරයා පැවසීය. 

කෙසේ වෙතත් ඇති වී තිබෙන අලුත්ම තත්ත්වය අනුව මෛත්‍රී පිලට රාජපක්ෂලා සමග සන්ධාන ගැසීම අසීරු වී ඇතැයි හෙළිකළ අගමැතිවරයා වත්මන් තත්ත්වය එජාපයට වාසි දායක බවද විග්‍රහ කරමින් ලබන ජනවාරියේ නිසැක වශයෙන්ම පළාත් පාලන ඡන්දය පවත්වන බවත් එහිදී එජාපයේ ජයග්‍රහණය සඳහා කැපවිය යුතු බවත් එජාප පාර්ලිමේන්තු කණ්ඩායමට අවධාරණය කෙළේය. 

---------------------------
by     (2017-11-28 03:34:31)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

25, 50, 29, 45, 84 or 20: the smallest is?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more