ප්‍රභාකරන්ගේ උපන් දිනය වවුනියාව සරසවියේ සිංහල මුස්ලිම් සිසුන් අනාරක්ෂිත කරයි

(ලංකා ඊ නිව්ස් - 2017.නොවැ.28, පෙ.ව.5.00) මරණ තර්ජන නිසා වවුනියාව විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර වලින් 26 දා රාත්‍රී පිටවූ සිංහල සිසුන්  මහ වැස්සේ මහපාරේ මධ්‍යම රාත්‍රිය වනතුරු රැදී සිට වෙනත් ආරක්ෂිත ස්ථාන වෙත ගොස් ඇත.

මේ සිසුන් පවසන්නේ තමන්ට විශ්ව විද්‍යාල පාලන අධිකාරියෙන් හෝ පොලීසියෙන් නිසි ආරක්ෂාවක් නොලැබුණු බවයි.

විශ්ව විද්‍යාල පාලන අධිකාරිය සිසුන්ට දන්වා ඇත්තේ බිය නොවී ආපසු නේවාසිකාගාර වලට යන ලෙසයි. පොලීසිය පැවසුවේ ගැටුම් ඇති නොකරගෙන සාමකාමී ලෙස හැසිරෙන මෙන් යැයි විශ්ව විද්‍යාලයීය නේවාසිකාගාර වලින් මහ රෑ එළියට පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කියා සිටිති

යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ සිංහල සිසුන්ට දෙමළ සිසුන්ගෙන් එල්ල වූ මරණීය තර්ජන වලට බියෙන් ඔවුන්ට රාත්‍රීයේම නේවාසිකාගාරවලින් ඉවත් වී එළියට පැමිණීමට සිදු වූයේ විශ්ව විද්‍යාලය තුල ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීමේ සිද්ධියකට ඔවුන් විරෝධය පල කිරීම හේතුවෙනි.

මෙම විරෝධය දක්වා පැයක් යාමටත් මත්තෙන් දෙමළ සිසුන් කණ්ඩායම් වශයෙන් පැමිණ සිංහල සිසුන්ට හිරිහැර කිරීමටත් තර්ජනය කිරීමටත් පටන් ගැනීම නිසා ඔවුන් නේවාසිකාගාර වලින් ඉවත් වී විශ්ව විද්‍යාලයේ පාලන කාර්යාලය වෙත පැමිණ සිදු වූ දේ පැවසුවත් එම සිසුන්ට පාලන අධිකාරියෙන් කිසිදු සහනයක් සැලසී නොමැත.

පසුව එම ස්ථානයේ සිට මේ බව පොලීසියට දැණුම් දෙන ලද නමුත් පොලීසිය ඔවුන්ට නිසි ආරක්ෂාවක් සපයා නොදීම නිසා ඔවුන් වෙනත් ආරක්ෂිත ස්ථාන සොයා ගොස් ඇත.

නොවැම්බර් 26 වෙනිදා උදෑසන විශ්ව විද්‍යාලය තුල දෙමළ සිසුන් කේක් කපා ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරූ අවස්ථාවේදී සිංහල හා මුස්ලිම් සිසුන් නිහඬව සිටි නමුත් සන්ධ්‍යා කාලයේදී ද උපන්දිනය සැමරීම පිණිස සිංහල සිසුන්ටත් මුස්ලිම් සිසුන්ටත් පැමිණෙන ලෙස දන්වමින් උපන්දින සැමරුම් උත්සවයක් සංවිධානය කොට තිබේ.

මේ අවස්ථාවේදී සිංහල සිසුන් ඊට විරෝධය පලකිරීම නිසා ඔවුන් වෙත මරණීය තර්ජ්න එල්ල වීමෙන් ඔවුන්ට නේවාසිකාගාර අතහැර යාමට සිදු වුණි.

ඡායාරූප වල දැක්වෙන්නේ සිසුන් නේවාසිකාගාර අතහැර තැන් තැන් වල රැදී සිටි අවස්ථා කීපයකි.

දිනසේන රතුගමගේ වවුනියාව

---------------------------
by     (2017-11-27 23:33:47)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

This is called "Good Governance". 62 lak peoples' expectation. So happy..
-- by Nishantha on 2017-11-29

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more