ප්‍රශ්න නැති පළාත් පාලන 93 ක ඡන්දය කැඳවනවාත් සමග මෛත්‍රීට කොකා පෙන්වා රාජපක්ෂලා තනියම ආසන 16 කට නාම යෝජනා බාර දෙති

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.27, ප.ව‍‍‍‍.5.00) දැනට අධිකරණය හමුවේ පවතින නඩු විභාගවලින් බලපෑමක් නොමැති පළාත් පාලන ආයතන 93 ක ඡන්ද විමසීම පැවැත්වීමට මැතිවරණ කොමිසම තීන්දු කර තිබෙන අතර එම පළාත් පාලන ආයතනවලට අදාළව නාමයෝජනා කැඳවීමේ නිවේදනය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් විසින් අද (27) දිනයේ නිකුත් කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි. එම පළාත් පාලන ආයතන 93 ට නීතිමය ගැටලු හෝ සීමා නිර්ණ ගැටලු නොමැති හෙයින් බාධාවකින් තොරව ඡන්දය පැවැත්විය හැකි බවට 25 වෙනිදා රැස්වූ මැතිවරණ කොමිසම ඒකමතිකව තීන්දු කර තිබේ.

ඒ අනුව එම පළාත් පාලන ආයතන 93 හි ඡන්ද විමසීම සඳහා තරග වදින අපේක්ෂකයන්ගේ ඇප තැන්පතු බාරගැනීම අද (27) ආරම්භ වී දෙසැම්බර් මස 13 දිනෙන් අවසන් කෙරෙන අතර නාමයෝජනා බාරගැනීම දෙසැම්බර් මස 11 වැනි දින සිට දෙසැම්බර 14 දා දහවල් 12 දක්වා සිදුකිරීමට නියමිතයි.

දැනට අභියාචනාධිකරණය හමුවේ පවතින නඩු විභාගයේදී අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ ආයතන 203 ක් සඳහා පමණි. අතුරු තහනමේ බලපෑමක් නොමැති පළාත් පාලන ආයතන 133 ක් තිබෙන අතර ඒ අතරින් සභා 40 ක සීමා මායිම් විස්තර කිරීමේ ගැසට් නිවේදනයේ සුළු සුළු මුද්‍රණ දෝෂ පවතී.  මුද්‍රණ දෝෂ නිවැරැදි කිරීම සඳහා පළාත් පාලන අමාත්‍යාංශය වෙනම ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත. නාම යෝජනා කැඳවූ 93 කෙරෙහි කිසිදු ප්‍රශ්ණයක් නැත. 

මේ අතර මෛත්‍රීගේ හෙංචයියන් පිරිසක් විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙන පෙත්සම ඉක්මනින් විභාගයට ගන්නා ලෙස ඉල්ලා නීතිපතිවරයා අද මෝසමක් ඉදිරිපත් කරනු ලැබූ අතර එය පිළිගත් අභියාචනාධිකරණය මේ මස 30 වෙනිදා නඩුව කැඳවීමට නියම කෙළේය. කලින් නඩු දිනය තිබුනේ දෙසැම්බර් 04 වෙනිදා ය. 

කෙසේ වෙතත් නාම යෝජනා කැඳවීම නිවේදනය කිරීමත් සමග මෛත්‍රී සහ රාජපක්ෂලාගේ සාංගම් වීම කෙසේ වෙතත් රාජපක්ෂලා විසින් පොහොට්ටුව ලකුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් දිස්ත්‍රික්ක තුනක ආසන 16 ක් සඳහා නාම යෝජනා බාර දී ඇප මුදල් තැන්පත් කර තිබේ. 

ඒවා නම් කළුතර දිස්ත්‍රික්කයේ පානදුර, හොරණ, බේරුවල යන නගර සභාවන් සහ බණ්ඩාරගම හා අගලවත්ත යන ප්‍රාදේශීය සභාවන් ද ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව, අම්බලන්ගොඩ යන නගර සභාවන් හා බලපිටිය, අක්මීමන, නෙළුව යන ප්‍රාදේශීය සභාවන් ද, ගම්පහ දිස්ත්‍රික්කයේ ජා ඇල, මිනුවන්ගොඩ, වත්තල-මාබෝල සහ පෑලියගොඩ යන නගර සභාවන් හා වත්තල, බියගම යන ප්‍රාදේශිය සභාවන් ද වෙති.

මෙයින් පෙනී යන්නේ මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවක් අත හැර දමා විපක්ෂයේ රාජපක්ෂ හොරු සමග නීච ලෙස පාච්චල් වෙමින් බඩ ගාගෙන ගියද රාජපක්ෂලා තමන්ට වාසි වන අන්දමට ක්‍රියා කරන බවයි. 

---------------------------
by     (2017-11-27 11:42:21)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

Enter the number thirty one thousand one hundred and seventy five in digits:

  1 discussion on this news

තමන්ට ආසන කීපයක් දිනා ගන්න පුළුවන් තැන්වලට මරා තනියම තරග කරල අනිත් තැන්වල සිරාගෙ ලැයිස්තුවෙන් බාගයකුත් කොල්ල කාවි.
-- by tuwo on 2017-11-27

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more