මරා-සිරා සාංගම ඊයේ රෑ ස්ථිර කරයි: එක්වරම මෛත්‍රී, මරාගේ “අපේ ජනාධිපති“ වෙයි : ජනපති ඝාතන කුමන්ත්‍රනයක් පටලා එජාප නායකයන් අත් අඩංගුවට ගැනීමට සැලසුම්

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.27, පෙ.ව‍‍‍‍.5.30)  පුදුමයි ඒත් ඇත්තයි..! ‘අපේ ජනාධිපති අපි බලාගන්නම්‘ යැයි මහින්ද රාජපක්ෂ පවසයි. ඔහු මෙසේ පැවසුවේ ඊයේ අහුංගල්ලේ පන්සලකදී ය. ඒ ජනතා ද්‍රෝහී මෛත්‍රීපාල සිරිසේන සමග සමගි ගිවිසුමකට තම අවසන් කැමැත්ත දීමෙන් පසුව ය.

ජනතා ද්‍රෝහී සිරිසේන ඔහු අඩි 6 ක් වළලන්න බලා සිටිනවා යයි කී මහින්ද රාජපක්ෂ සමග සමගි සන්ධානයකට යෑම ස්ථිර කරමින් දෙපාර්ශවය ඊයේ සවස තීන්දු තීරණ කරන ලදැයි සිරිසේන පාර්ශවය විසින් එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතාට ඊයේ සවස නිල වශයෙන් දන්වන ලද අතර මහින්ද රාජපක්ෂට මෛත්‍රීපාල සිරිසේන ‘අපේ ජනාධිපති‘ වූයේ ඉන් පසුව ය.

එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානය සමග එක්ව ආණ්ඩු පිහිටැවූවොත් කුමක් කරන්නේදැයි මාධ්‍යකරුවෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද රාපක්ෂ පැවසූවේ “ඒක තමයි අපිටත් ඕනේ,  යන්න කියන්නකෝ බලන්න.. අපේ කට්ටිය අපිට දෙන්න. එතකොට ඉවරයි. අපේ ජනාධිපති අපි බලාගන්නම්.“ යනුවෙනි. 

හැට දෙලක්ෂයක් මහින්ද රාජපක්ෂට විරුද්ධව ඡන්දය දී පත් කර ගත් ජනාධිපති සිරිසේනගේ පාවාදීමේ ප්‍රමාණය කෙතරම් දැයි ඔහු අද මහින්ද රාජපක්ෂගේ “අපේ ජනාධිපති“ වී තිබේ.

වසර 3ක් තිස්සේ රාජපක්ෂ හොරුන් නීතිය හමුවට නොගෙනාවේ මහින්ද රාජපක්ෂගේ “අපේ ජනාධිපති“ බව මෙයින් තහවුරු වේ. රාජපක්ෂලා නීතිය ඉදිරියට ගෙනා අල්ලස් කොමිසමේ දිල්රුක්ෂි වික්‍රමසිංහ වැනි නිලධාරීන් ගෙදර යැව්වේ, මහින්ද රාජපක්ෂගේ “අපේ ජනාධිපති“ බව මෙයින් තහවුරු වේ. බොරු චෝදනා නගමින් එජාප නායකයන්ට මඩ ගසන්නේ මහින්ද රාජපක්ෂගේ “අපේ ජනාධිපති“ බව මෙයින් තහවුරු වේ. ලංකා ඊ නිව්ස් වෙත ඉන්ටර්පොල් රතු වරෙන්තු නිකුත් කරමින්, සිය ගෝලයන් ලවා නඩු දමමින්, අවසානයේ නීති විරෝධී වාරණ කරමින් සත්‍ය යටපත් කිරීමට වලිකන්නේ මහින්ද රාජපක්ෂගේ “අපේ ජනාධිපති“ බව මෙයින් තහවුරු වේ. 

තමාට ලැබුණු 62 ලක්ෂයේ ජනමතයට පුක පා මහින්ද රාජපක්ෂගේ “අපේ ජනාධිපති“ වීමට වලිකමින් මෛත්‍රීපාල සිරිසේන පසුගිය 24 දා නිකවැරටියේ දී ‘පිස්සාට බෙරේ ගැහුවා සේ‘ පරල වෙමින් ජනාධිපතිවරයෙකුට කිසිසේත්ම නොහොබිනා ප්‍රකාශ රැසක් කෙළේය. 

සාධාරණ කරුණු සහිතව කරන විවේචනයකදී පවා වෘෂණ කෝෂයට පැට්‍රල් වැදුණු සුනඛයා සේ පිස්සු කෙලින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමාව විවේචනය කරන සියළු දෙනාටම අමු ඒකාධිපතියෙකු සේ අනතුරු ඇඟවූයේ ය. ඒ තමාව විවේචනය කරන්නට පැමිණ ‘කොලේ ඉරාගෙන ඇඟේ හලාගන්න එපා‘ කියා ය. කොලේ ඉරාගෙන ඇඟේ හලාගත්තොත් ලොන්ඩරි 7 ක දැම්මත් සුද්ධ කරන්න ලැබෙන්නේ නැතැයිද, ‘කොලේ ඉරාගෙන, ඇඟේ හලාගෙන අඬන්න එපා‘ යයි  ඔහු පැහැදිලි තර්ජනයක්ද කෙළේය.

තමාගේ විවේචකයන්ට ඔහු කරන මේ තර්ජනය වඩාත් වැදගත් වන්නේ ඔහු මහාරාජා සමග ගහන්නට යන  යුද නැවේ ගැහිල්ල, ඔහු වාරිමාර්ග ඇමැතිව සිටියදී ඕස්ට්‍රේලියානු සමාගමකින් කොමිස් ලබා ගැනීම, මහජනතාවට අයත් විද්‍යුත් සංඛ්‍යාත කුණු කොල්ලයට මහාරාජාට ලබා දීම, දියණියගේ ප්‍රචාරක සමාගම් වලට කෝටි ගණනින් ආණ්ඩුවේ ප්‍රචාරක කටයුතු ලබා දීම ඇතුළු දූෂණ සම්බන්ධයෙන් තොරතුරු හෙළිකිරීම හේතුවෙන් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය කිසිදු නීතිමය පදනමක් නොමැතිව ලංකාවේ පාඨකයන්ට අවහිර කරමින් මාධ්‍ය මර්දනයක් ආරම්භ කර තිබෙන පසුබිම මතය.

අනෙක් අතට ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරය විනාශ කරමින් මැතිවරණ කල් දැමීමට කුමන්ත්‍රණය කර ඇති පසුබිම තුල ය.

සිරිසේන ජනාධිපති මේවා සියල්ල කෙළේ මහින්ද රාජපක්ෂගේ “අපේ ජනාධිපති“ වීමට අදාල මරා සමාන පොරක් වීමේ කොලිෆිකේෂන් සම්පූර්ණ කිරීමට බව දැන් ඉන්තේරුවෙන්ම පැහැදිලිය. 

නිකවැරටියේ දී මහින්ද රාජපක්ෂගේ “අපේ ජනාධිපති“ කී ගොං කතා අතර අපූරු කතාවක් වූයේ ඔහු තනතුරු අත්හැර දා ජනතාව සමග එක්ව පාරට බැස හොරුන්ට විරුද්ධව සටන් කරන බව කීමය. රටේ ජනතාව හැට දෙලක්ෂයක්ම ඡන්දය දී මේකාව ජනාධිපති කෙළේ ඒ වැඩේ කිරීමට බව මේකාට අමතකය. අනෙක් අතට මෛත්‍රීපාල සිරිසේන කියනා පරිදි ඔහුගේ වසර 50 ක දේශපාලන ජීවිතයේ ජනතාව සමග පාරට බැස කරන ලද එකම එක සටනක  පින්තූරයක් හෝ පෙන්වන ලෙස අපි අභියෝග කරමු. ජනතාවගේ අයිතිවාසිකම් සඳහා වූ සටනකට පාරට බැස ජීවිතයට සහාය නොදුන් පොළොන්නරුවේ කිරිමැටි කිඹුලා දැන් ජනතාව සමග පාරට බසින බව කියන්නේය.

කෙසේ වෙතත් මේ ලිපිය අවසන් කරන විට ලැබුණු වාර්තා අනුව තම මහා පාවා දීම සාධාරණය කරනු වස් තමාව ඝාතනය කරන්නට කරන ලද සැලසුමක කුමන්ත්‍රණයක් හෙළි වූවා යැයි  කියමින් එජාප නායකයන් පිරිසක් අත් අඩංගුවට ගැනීමේ කූඨ ක්‍රියාවක්ද මරාගේ ‘අපේ ජනාධිපති‘ ගේ ‘තින්ක් ටෑන්ක්‘ එක විසින් සැලසුම් කර ඇතැයි දැන ගන්නට ඇත 

---------------------------
by     (2017-11-27 00:42:56)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

The 2nd number from 19, 35 and one is?

  13 discussion on this news

හම්බන්තොට මී හරකයි පොලොන්නරුවෙ මී හරකයි ගැට ගහපු අලුත් ජාතියෙ බර කරත්තයක්!
-- by සිංහලේ on 2017-11-27

මහින්ද රාජපක්ෂ ඔය එකතු වෙන්නෙ සිරිසේනට ආදරේට නෙවේ, අනිවාර්යෙන්ම සිරාට වැඩේ දේවි....!
-- by ඩයස් on 2017-11-27

ප්‍රේමදාසට බාබු = සිරිසේනට මරා!
-- by chanaka on 2017-11-27

මූට කොලේ ඉරා ගන්න දෙයක් නෑ, වලේ බැහැල ඇඟ පුරාම අසූචි නාගත්ත ඌරෙක්.....
-- by නාලිනී on 2017-11-27

තනතුරු අතඇරල පාරට බැහැල හොරුන්ට විරුද්ධව සටන් කරන්නෙ පල් හොරු එක්ක වෙන්න ඕන මේ ගොන් අලිය!
-- by අමරා on 2017-11-27

දැන් සිරිසේනට කෝකත් එකයි, අනුන්ගෙ පානෙන් එලිය බලල හරි ලංකාවෙ ජනාධිපති වුනානෙ. රාජපක්ෂලාට ඒක නැති කරන්න බෑ, රාජපක්ෂලාට තියෙන්නෙ සිරිසේන ගාව දන ගහන එක විතරයි පරාජය බාර අරගෙන.......
-- by Sayuri on 2017-11-27

වෙනම තරඟ කරන්න හිටපු රාජපක්ෂලා තමන්ට අත්වෙන පරාජයට බියෙන් තමයි මෛත්‍රී එක්ක එකතු වෙන්නෙ!
-- by සාන්ත on 2017-11-27

මම නං දකින්නෙ මේක මෛත්‍රීගෙ බලය ඉදිරියෙ රාජපක්ස දන ගැහීමක්! රටට යන අදහසත් ඒකමයි...
-- by අබේ on 2017-11-27

මහින්ද ලඟදිම රහසිගතව යූඑන්පියේ යම් කෙනෙක් ලවා මෛත්‍රීට විශ්වාස භංගයක් ගෙන ඒමට නියමිතයි.ඒකෙදි රාජපක්ෂ කණ්ඩායම විශ්වාස භංගයට සහය ලබා දෙනු ඇත. ඉන් පසු ජොබ්ලස් මෛත්‍රීට ටික දවසකට පාරේ ඉඳගෙන හොරුන්ට විරුද්ධව තප්පු ලන්න පුළුවන්. ඉන් ටික දවසකට පසු අළුත් හමුදා ආණ්ඩුව යටතේ දූලා බෑනලා,අයියල මලයලා සියල්ලට සුදුසු තැන්වලට යන්න පුලුවන් වෙනවා ඇති.
-- by කළුවා on 2017-11-27

දැන් තමයි මෛත්‍රී මහත්තය කවදාටත් වඩා ප්‍රෙව්සං වෙන්න ඕන. කැලේ මාරු උනාට මැදමුලනෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ!
-- by gayan on 2017-11-27

අපිට මොකෝ! උන් දෙගොල්ල එකතු වෙල ඔහෙ කාගත්තාවෙ! අපිට සිරිසේනගෙ නැට්ට විතරක් ඉතුරු වුනොත් ඇති....
-- by ගජන් on 2017-11-27

මේ පාදඩයන්ගෙ වංචනික ක්‍රියා නිසා හමුදා පාලනයක් ආවොත් බොහෝ දෙනා කැමති වේවි.
-- by jayawardana on 2017-11-27

නැට්ට නෙවේ සිරිසේනගෙ අං තට්ටුව විතරයි ඉතුරු වෙන්නෙ.....
-- by Marusira on 2017-11-28

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more