මාර්ග සංවර්ධන අධිකාරියෙන් සාහසික අපරාධයක්..!

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.26, ප.ව.9.30) මාර්ග සංවර්ධන අධිකාරිය විසින් යාපනයේ මාර්ග දෙපස පිහිටි තල් පැල කපා දැමීම විශාල සාහසික අපරාධයක් බව යාපනය දිස්ත්‍රික් පුරවැසි කමිටුව තල් සංවර්ධන මණ්ඩලයේ යාපනය දිස්ත්‍රික් කාර්යාලයට පැමිණිලි කොට තිබේ.

මාර්ග පුළුල් කිරීම හා වෙනත් සංවර්ධන කටයුතු සඳහා තල් ගස් කැපීම නිසා වසරකට යාපනයේ තල්ගස් 10,000 ක් පමණ විනාශ වන බව පෙන්වා දෙන එම කමිටුව යුද සමයේදී යුද්ධයට සම්බන්ධ සියළුම පාර්ශ්වයන් වසර තිහක් තිස්සේ යාපනයේ තල්ගස් ලක්ෂ පහකට වැඩි ප්‍රමාණයක් කපා බංකර් ඉදි කිරීමත්, ගොඩනැගිලි වල වහල වලට යොදා ගැනීමත් සිදු කල බවද පෙන්වා දී තිබේ.

මෙසේ තල්ගස් කැපීමට පිරිස් ඉදිරිපත් වුවත් අළුතෙන් යාපනයේ එකදු තල් ගසක් සිටුවීමට උනන්දු නොවන නිසා තල් සංවර්ධන මණ්ඩලයේ අනුමැතියකින් තොරව තල්ගස් කැපීමට ඉඩ ලබා නොදෙන ලෙසත් එසේ තල්ගස් කැපීමට අවශ්‍ය වන විට කපන තල්ගස් ප්‍රමාණයට සරිලන සේ තල්පැල අළුතින් සිටුවීමට නීති පනවන ලෙසත් යාපනය දිස්ත්‍රික් පුරවැසි කමිටුව තල් සංවර්ධන මණ්ඩලයෙන් ඉල්ලීමක් කොට තිබේ.

මේ දිනවල යාපනයේ මාර්ග දෙපස තල්පැල කපා දමා ඇති අන්දම ඡායාරූප වල දැක්වේ.

දිනසේන රතුගමගේ

---------------------------
by     (2017-11-26 16:10:44)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

Which day from Tuesday, Sunday or Monday is part of the weekend?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more