ලංකා ඊ නිව්ස් වාරණය නීති විරෝධී බව කැබිනට් ප්‍රකාශකයන් පිළිගනිද්දී මාධ්‍ය ඇමැති කට බොරු කීවත් දිව බොරු නොකියයි (Video)

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.26, ප.ව‍‍‍‍.6.30) ලංකා ඊ නිව්ස් ශ්‍රී ලංකාවේ පාඨකයන්ට වාරණය කිරීම නීති විරෝධී බව පසුගිය කැබිනට් මාධ්‍ය හමුවේ දී දයාසිරි ජයසේකර ඇමැතිවරයාට පිළිගැනීමට සිදුවිය. රාජිත සේනාරත්න ඇමැතිවරයා නිරුත්තර විය. මේ සම්බන්ධයෙන් පසුගියදා මාතර පැවැති හැට දෙලක්ෂය සීරුවෙන් නමැති සත්‍යග්‍රහයේ දී මාධ්‍ය ඇමැතිවරයා ගොළුවත රැකි අතර එහිදී ඔහුගේ මුවින් පිට වූයේ කට බොරු කීවද දිව බොරු නොකියන ප්‍රකාශයකි. ජනාධිපතිට අගමැතිට ඇමැතිට ඉහලින් නීතිය පැවැතිය යුතු යැයි කිව යුතුව තිබුනද ඔහුගේ මුවින් පිට වූයේ එසේ නොවන බවයි. විපක්ෂයේ සිටියදී මාධ්‍ය නිදහස ගැන උස් හඬින් කතා කළ වත්මන් මාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ලංකා ඊ නිව්ස් වාරණය ගැන මුනිවත රැකීමෙන් මෙම ‘කර්තෘ අඥාත‘, නීති විරෝධී මාධ්‍ය වාරණයට ඔහුද වගකිව යුත්තෙකු බව මහජනතාවට ප්‍රදර්ශනය කරමින් සිටී. 

සිදුවීම් වලට අදාල වීඩියෝවක් පහතින් 

---------------------------
by     (2017-11-26 13:07:20)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

Enter the number thirty one thousand nine hundred and twenty one in digits:

  2 discussion on this news

මුං ඔක්කොම ඇටි කෙහෙල් කාපු රිලව් වාගේ දං. ඊනිව්ස් වාරනය ගැන මුං ඉන්නෙ හරියට ගොලුව කසාය බිව් ගානටයි. අපි මෙච්චර කල් හිතාගෙන හිටියෙ මේ මංගලල එහෙම මාර කෙලින් වැඩ කරන නියම පොරවල් කියල. දැන් තමයි මුලංගෙ නියම ස්වභාවය එලියට ඇවිල්ල තියෙන්නෙ. මට තේරෙන්නෙ නැති කාරනේ තමයි ඊනිව්ස් වල පල වෙන සෑම දෙයක්ම මුංගෙ සහ මුංගෙ යහ පාලන ආන්ඩුවට විෙශ්ශයෙන් එජාපෙ කරන හොඳ වැඩ ගැන අගය කිරීම සහ ඕනැම කෙනෙක් කරන වැරැද්ද විවේචනය කිරීම යන තේමාව යටතේ තමයි යන්නෙ. යහ පාලනය කියන සංකල්පයට අත්‍යාවශ්‍යම සාධකය එයයි මාධ්‍යක් ලෙස. නමුත් මුං මේ ගැන කිසි දෙයක් කියන්නෙ නෑ. හැබැයි එක දෙයක් මම හිතනවා, ඒ රනිල් හෝ රනිල්ගෙ පක්ෂය මේ තහනම පිටිපස නැහැ. මේක කරල තියෙන්නෙ තනිකරම සිරිසේන. ආන්ඩුව අර්බුදයට යවාගන්න ඕනැ නැති නිසා එජාපෙ සිරිසේනට බැඳගත්ත බෙරේ ගහ ගනින් කියල සද්ද නැතිව ඉන්නව ඇති. ලබන ජන්දෙදි එජාපෙට පැහැදිල ජනවරමක් දීල මේ තත්වෙ වෙනස් කරන්ඩ කටයුතු කල යුතුයි. තනි ආන්ඩුවකට නිදහසේ තීන්දු අරගෙන වැඩ කරගෙන යන්ඩ පුලුවන්.
-- by silva on 2017-11-26

katawal thibunata munta dath netha.
-- by tyuio on 2017-11-28

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more