එල්ටීටීඊ උසාවියකින් මරණ දඬුවම දුන් පුද්ගලයන් ගැන යලි නඩු අසා ඉලංචෙලියන්ගෙනුත් දඬුවම්

(ලංකා ඊ නිව්ස් - 2017.නොවැ.26, ප.ව.3.30)  එල්.ටී.ටී.ඊ.පාලන සමයේදී එල්.ටී.ටී.ඊ.අධිකරණයක් මගින් මරණ දඬුවම ලබාදුන් පුද්ගලයින් දෙදෙනෙකුට යාපනය මහාධිකරණ විනිසුරු එම් .ඉලංන්චෙලියන් මහතා විසින් එම තැනැත්තන් දෙදෙනාට පිලිවෙලින් හත් වසරක හා පස් වසරක බරපතල වැඩ සහිතව සිර දඩුවම් 24 දා නියම කොට තිබේ.

2006 වර්ෂයේ ජූනි මස 30 වෙනිදා යාපනයේ  උඩුප්පිඩි ප්‍රදේශයේදී එස්.තුරේයිරාජසිංහම් නැමැති පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් මත 2006 නොවැම්බර් මාසයේදී කිලිනොච්චිය ප්‍රදේශයේදී  එම සැකකරුවන් දෙදෙනා එවකට එල්.ටී,ටී,ඊ, පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඔවුන්ගේ කිලිනොච්චියේ පිහිටි අධිකරණයකදී එක් අයෙකුට මරණ දඬුවමත් අනෙක් තැනැත්තාට ජීවිතාන්තය දක්වා සිර දඬුවමකුත් පනවා තිබුණි.

යුද්ධය හමාර වූ විට මොවුන් දෙදෙනාට ඉබේම නිදහස ලැබී ඔවුන් දෙදෙනාම කිළිනොච්චියේ ජීවත් වෙමින් සිටියදී පොලීසියේ සටහන්ව තිබූ පැමිණිල්ලකට අනුව මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු පොලීසිය  අත් අඩංගුවට ගෙන කිලිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබුණි.

කිලිනොච්චිය දිසා අධිකරණයේදී එක් විත්තිකරුවකුගේ සාක්කි මත මූලික නඩු විභාගය පැවති අතර නීතිපතිවරයාගේ උපදෙස් මත එම නඩුව 2015 වසරේදී යාපනය මහාධිකරණය වෙත යොමු කොට තිබේ.

නොවැම්බර් 24 වෙනිදා එම නඩුව සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කල යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චෙලියන්  මහතා පොලීසිය විසින් අත් අඩංගුවට ගත් සැකකරුට වසර හතක බරපතල වැඩ සහිතව සිර දඬුවමක් නියම කළේය.

පොලීසිය වීසින් තවමත් අත් අඩංගුවට ගෙන නොමැති සැකකරු අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කළ අතර ඔහුට පස් අවුරුදු සිර දඬුවමක් නියම කොට තිබේ.

දිනසේන රතුගමගේ

---------------------------
by     (2017-11-26 10:01:34)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more