ජනතාද්‍රෝහී සිරිසේනගේ මහා පාවාදීම හේතුවෙන් මිනීමරුවන් හොරුන් ගැන විමර්ශන කළ නිලධාරීන් ජීවිත අනතුරක: විදේශවල දේශපාලන රැකවරණ පතයි

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.24, ප.ව‍‍‍‍.7.15) ජනතාව දෙවතාවක් පරාජය කළ වනචර දශකයේ මීනීමරුවන් සහ නීල කාස හොරුන් සමග විලි ලැජ්ජාවක් නොමැතිව සන්ධාන ගතවීමට ජනාධිපති මෛත්‍රීපාල ගත් ජනහතුරු තීන්දුව හේතුවෙන් මීනීමරුවන්ට සහ හොරුන්ට එරෙහිව දිවි පරදුවට තබා පරීක්ෂණ විමර්ශන මෙහෙයැවූ ආරක්ෂක අංශ ප්‍රධානීන් දැඩි අනතුරුදායක තත්ත්වයකට මුහුණ පා සිටින බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. 

රටේ ආරක්ෂක ඇමැතිවරයාද සේනාධිනායකයාද වන සිරිසේන ජනාධිපතිවරයා ඍජුවම අපරාධකරුවන් සමග යහන්ගත වීමත් සමග බලවත් අපරාධකරුවන් සියළු දෙනා තමන්ට එරෙහිව පරීක්ෂණ විමර්ශන කළ නිලධාරීන් දඩයම් කිරීමට කිසිදු බියක් සැකක් නොමැතිව ඉදිරියට එන බැවින් නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ පවුල් බරපතල ජීවිත අනතුරකට ලක්ව තිබේ. 

මේ ඛේදවාචී තත්ත්වය අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ අනෙක් පාර්ශවය නිසි ලෙස ක්ෂණිකව තේරුම් ගෙන එකී නිලධාරීන්ගේ සහ පවුල් වල ජීවිත ආරක්ෂාව සඳහා පෙරමුණ නොගත හොත් අවංක නිලධාරීන් බොහොමයකට රට අතහැර විදේශ වල දේශපාලන රැකවරණ පැතීමට සිදුවන බව ලංකා ඊ නිව්ස් ඇමැතූ නිලධාරීහු රැසක් කියා සිටියහ. 

අපරාධ විමර්ශනයේදී ඊට සහාය දුන් නීති අංශ වල අවංක නිලධාරීන්ද මේ බරපතල අනතුරුදායක තත්ත්වයටම මුහුණ දී සිටිති.

පසුගියදා නීතිපතිවරයා විසින් අත් අඩංගුවට ගන්නැයි නියෝග කළ ගෝඨාභය අත් අඩංගුවට ගැනීම වැළැක්වූයේ ද මෛත්‍රීපාල සිරිසේන විසිනි. ලලිත් අනුෂ දෙදෙනාට එක වරටම මහාධිකරණයෙන්ම ඇප ලබා ගැනීමට හැකි වන සේ නීතිපතියේ නිලධාරීන් ඇප ලබා දීමට විරුද්ධ නොවූයේ ද සිරිසේන විසින් දුන් නියෝගයක් අනුවය. එනිසාම ලලිත් අනුෂ දෙදෙනාගේ නඩුව මෙහෙයැවූ නීතිපතියේ නීතිඥ මහතා ඇප ඉල්ලන දින අධිකරණයට පැමිණියේ ද නැත.      

---------------------------
by     (2017-11-24 14:12:38)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

මේ කියන "මෛත්‍රීපාල සිරිසේන" අර ඒ දවස්වල "මං හොරු අල්ලන්නේ එයාර් පොර්ට් වහලයි" කියලා කිව්ව මෛත්‍රීපාල සිරිසේනම ද? එක නමින් මිනිසුන් දෙන්නෙක් තුන් දෙනෙක් වුනත් ඉන්න පුළුවන් හින්දයි මං එහෙම අහන්නේ.
-- by චාන් on 2017-11-24

මේක නම් ඉතාම භයානක අවස්තාවක්. අනේ අපි මේ ගමරාලයව විශ්වසකරලා මොකක්ද කරගත්තේ. දැන් ඇමතිලාට නාමල් baby පිටිපස්සේ Sir කියකියා යන්න තියෙන්නේ. ගමරාලට මොකද සේරම ඔච්චර ඉක්මනට අමතක උනේ. අනේ අපේ රට වගේ කාලකන්නි රටක්.
-- by Renuka on 2017-11-25

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more