ජුදාස්ගේ පාවාදීම පරදී: ‘ආප්පය‘ ජයගනී: රාජපක්ෂ හොරු සමග සිරිසේන එකතුවේ: ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්වී ඕනෑ මගුලක්..!

විමල් ධීරසේකර

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.24, පෙ.ව‍‍‍‍.8.50) “ මෛත්‍රීපාල සිරිසේන මහතා තවදුරටත් ජනවාරි 8 සිටි යහපාලන ජනාධිපතිවරයා යයි සිතාගෙන සිටින්නෝ ඒ මුලාවෙන් ගැලවීමට කාලය පැමිණ තිබේ. ඔහු ගුණමකුවෙකි. මුහුණට එකක් කියා පසුව තවෙකක් කරන දෙපිටකාට්ටුවෙකි. ඔහුගේ කපටි අභිලාශයන් පරාජය කිරීමට ඍජුව ක්‍රියා කළ යුතුය. ඔහු පෙන්වන රාජපක්ෂ බිල්ලාටත් ඔහුටත් එකම හැන්දෙන් බෙදීමට ජනවාරි 8 යහපාලනප්‍රේමී බලවේග සූදානම් විය යුතුය. මන්ද යත් මෛත්‍රීපාල සිරිසේන තම බලය රැක ගැනීම සඳහා රාජපක්ෂ බිල්ලන් සමග පමණක් නොව ඕනෑම විසකුරු බලවේගයක් සමග නුදුරු දිනයේම සම්මුති ගසන එක සිකුරු නිසා ය. 2015 ජනවාරි සිට ජූලි වන විටම ජාතිවාදී බලවේග සමග එකම ලැයිස්තුවකින් ඡන්දය ඉල්ලීමට  ලැජ්ජාවක් නොතිබූ මෛත්‍රීපාල සිරිසේනට වසර 3 ක් ගතවීමෙන් අනතුරුව යලිත් එවැන්නක් කිරීමට නොහැකි ලැජ්ජාවක් ඇතැයි සිතන්නෝ දේශපාලන අබ්බයෝ ය. “  

“මෛත්‍රීපාල ඉබ්බාගෙන් තවදුරටත් යහපාලන පිහාටු පැතීම මුලාවකි..! දෙපිටකාට්ටුකම හඳුනාගන්න..!!“ මැයෙන් ලංකා ඊ නිව්ස්  වෙත දේශපාලන විචාරයක් සපයමින් මෙම ලියුම් කරු ඉහත සටහන ලීවේ පසුගිය ඔක්තෝම්බර් මාසයේ වන අතර ඊයේ (23) රාත්‍රී එම අනාවැකිය සියයට සියයක්ම සත්‍යය කරමින් සිරිසේනගේ ශ්‍රීලනිප කණ්ඩායම සහ රාජපක්ෂලාගේ ජාතිවාදී හොරු කණ්ඩායම ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරඟ කිරීමට තීන්දු කරන ලදී. මෙහිදී දක්නට ලැබුණු ප්‍රධාන ලක්ෂණය නම් රාජපක්ෂලා තනියම ඡන්ද ඉල්ලීමට නැඹුරුවක් දැක්වූවද නීචයෙකු සේ දණින් වැටී රාජපක්ෂ හොරුන් පසුපස ගියේ අන්කිසිවෙකු නොව මෛත්‍රීපාල සිරිසේන නමැති දේශපාලන අවස්ථාවාදයේ ‘ආප්ප තියරිය‘ ලොවට කියාදුන් වහලා වීමය.  

මෛත්‍රීපාල සිරිසේන තමන්ට 2015 ජනවාරි 08 වෙනිදා ලැබුණු හැට දෙලක්ෂයක් වූ ජනමතයට සම්පූර්ණයෙන්ම පයින් ගැසුවා පමණක් නොව තමන් කිසිදු ආත්මයක් නැති ගඳ ගහන අසූචි තලියක් පමණක් බව ලෝකයා හමුවේ ඔප්පු කෙළේය. 

මෙතෙක් කාලයක් හොරු ආරක්ෂා කෙළේ කව්දැයි ඔහු මොනවට පෙන්වා දී ඇති අතර තමන් ජනාධිපතිධූරයට ඔසවා තැබූ ප්‍රධාන පක්ෂය වූ එජාපයට, සිවිල් සංවිධාන වලට, සමාජ මාධ්‍යයට මඩ ගැසුවේ, තහනම් කෙළේ ඇයිදැයි යන්නද මෙයින් අපූරුවට පෙන්වා දුන්නේ ය. 

ඊටත් වඩා ඔහු තමන් පිලිබඳ විශ්වාසය තැබූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පිටට ද සාහසික ලෙස පිහියෙන් ඇන්නේ ය. සෝභිත හිමියෝ ජිවතුන් අතර සිටියා නම් කෙටේරි පාරක් දෙන්නේ ය.

ලංකා දේශපාලන ඉතිහාසයේ කිසිදු පාවාදීමකට දෙවන නොවන සිරිසේනගේ මෙම තිරිසන් පාවාදීමෙන් පසු තව දුරටත් සම්මුති ආණ්ඩුවක් පැවැතීම අවිනිශ්චිත වනු ඇත. නිල නොවන වාර්තා පවසන අන්දමට මෛත්‍රීපාල සිරිසේන සති දෙකක් තුල සම්මුති ආණ්ඩුවෙන් ඉවත්වීම ඒක පාර්ශවිකව ප්‍රකාශයට පත් කිරීමට දැනටමත් තීරණය කර ඇත.

සිරිසේනගේ පාවාදීමට එරෙහිව මෛත්‍රීපිලේ ශ්‍රීලනිප ඇමැතිවරු 3 ක් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට සාකච්ඡා පවත්වා ඇති අතර සම්මුති ආණ්ඩුවේ ගිවිසුම අනුව පක්ෂ දෙකේ අයට පක්ෂ මාරු කිරීම තහනම් බැවින් එම ඇමැතිවරු එජාපයට ගන්නේ නම් සම්මුති ගිවිසුම අවසන් කිරීමට ද සිදුවනු ඇත.

සිරිසේන රාජපක්ෂ සමග එකතු වන්නේ නම් ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි

62 ලක්ෂයක් වූ ජනතාව විසින් පරාජයට පත් කළ රාජපක්ෂ මෘඝ චෞර බලවේගය සමග මෛත්‍රීපාල සිරිසේන එකතු වන්නේ නම් ඔහු ප්‍රථමයෙන් කළ යුත්තේ  ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වී අලුත් ජනමතය විමසීමට යෑමය. එසේ නොමැතිව ජනාධිපති ධූරයේ හිඳිමින් ඒ ජනාධිපතිධූරයට ලැබුණු ජනමතයට සියයට සියයක්ම පිටුපා ක්‍රියා කිරීමට ඔහුට සදාචාරාත්මක අයිතියක් නැත. මන්ද එම ජනාධිපතිවරණ සටන මෙහයැවූයේ ඔහු විසින් ජනතාව එකතු කර ඒ ජනතාවට ඔහු විසින් නායකත්වය දී නොවන බැවිනි. උත්තරාරෝපිත පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාලව තෝරා ගත්තේ ජනතාවගේ වෙනත් බලවේග රැසක් විසිනි. කරේ තියාගෙන ගොස් දිනෙව්වේද ඔවුන්ය. එබැවින් සිරිසේනට මේ ජනාධිපතිධූරයේ හිඳිමින් මෘඝ චෞර රාජපක්ෂලා සමග දීග කෑමට සත පහක අයිතියක් නැත.

ලෝකයේ නීචතම පාවා දීම් කළ ජූදාස්ලා ගැන කොපමණක් නම් කතා අසා තිබුනද ඒ සියළු කතා පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන නමැති දීන නීච දේශපාලුවාගේ පාවාදීමට දෙවැනි වනු ඇත. ජූදාස් පාවා දුන්නේ එක් අයෙකි. මේකා පාවා දුන්නේ ලක්ෂ 62 කි. අනෙක් අතට මේකා ‘ඩබල් පාවා දෙන්නෙකි.‘ වරෙක ශ්‍රීලනිපය පාවා දුන්නේ ය. දැන් හැට දෙලක්ෂය පාවා දී ඇත.  

ජූදාස් තම පාවාදීම දරා ගන්නට නොහැකිව සිය දිවි නසා ගත් ආකාරය සිරිසේනටද ඉතා ඉක්මනින්ම ආභාෂයක් වේවා යන්න හැට දෙලක්ෂයේම පරම පැතුම බවට සැකයක් නැත. 

-විමල් ධීරසේකර විසිනි-

---------------------------
by     (2017-11-24 04:00:17)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

Now in Sri Lanka all the background set for Arab spring. People get into streets and chase away MY3 and Mahinda both and Ranil must be penalized for Bond robbing.
-- by Nawodha on 2017-11-24

පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන නමැති දීන නීච දේශපාලුවාගේ පාවාදීමට දෙවැනි වනු ඇත. ජූදාස් පාවා දුන්නේ එක් අයෙකි. මේකා පාවා දුන්නේ ලක්ෂ 62 කි. අනෙක් අතට මේකා ‘ඩබල් පාවා දෙන්නෙකි.‘ වරෙක ශ්‍රීලනිපය පාවා දුන්නේ ය. දැන් හැට දෙලක්ෂය පාවා දී ඇත. ජූදාස් තම පාවාදීම දරා ගන්නට නොහැකිව සිය දිවි නසා ගත් ආකාරය සිරිසේනටද ඉතා ඉක්මනින්ම ආභාෂයක් වේවා යන්න හැට දෙලක්ෂයේම පරම පැතුම බවට සැකයක් නැත.
-- by Batty on 2017-11-26

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more