නඩු නොඅසන නඩුකාරයන් සහ අධිකරණ ක්‍රියාවලිය බකල් කිරීමේ කුමන්ත්‍රණයක තොරතුරු මෙන්න

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.24, පෙ.ව‍‍‍‍.6.55) මහාධිකරණ අලුතින් පිහිටුවා , අපරාධ නඩු විභාග කිරීමේ ක්‍රියාවලිය ඉක්මන් කිරීම පිළිබඳව සාකච්චා පවතිද්දී , තියෙන මහාධිකරනවලටවත් නඩුකාරයින් පත්කර ගැනීමට නොහැකි වීමේ බලවත් අර්බුදයකට රජය මුහුණ දී සිටී. මේවන විට ගම්පහ, හෝමාගම, පුත්තලම, මීගමුව මහාධිකරණ වලට විනිසුරන් නොමැති අතර, මීගමුව, රත්නපුර, කෑගල්ල, සිවිල් මහාධිකරණ වල පුරප්පාඩු ඇතිව තිබේ. මේවා කාලයක් තිස්සේ පවතින නමුත් අවශ්‍ය න ම්කිරීම් නොයවා අධිකරණ ක්‍රියාවලිය බකල් කොට රජය අපහසුතාවයට පත් කිරීමේ  අභ්‍යන්තර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවෙමින් පවතී.

මෙම කුමන්ත්‍රණ වල මහා මොළකරුවන් නම් , සරත් සිල්වා සහ හේමන්ත වර්නකුලසූරියයි.

තමන්ට හසුරුවා ගත හැකි අය ,හිතවතුන් පත් කරගැනීම ආදී කටයුතු වෙනුවෙන් රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය බල්ලාට දමා  මෙම නරුමයින් විසින් තම බලපෑම් කිරීමේ හැකියාව යොදාගෙන මහාධිකරනවල විනිසුරන් පත්කිරීම අඩපන කිරීමට කටයුතු කර ඇත. මේ හේතුව නිසා මහජනයාට දහසකුත් එකක් පීඩා ඇතිව තිබේ. මීට අමතරව,රාජපක්ෂලාට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරනවා ඇතැයි සිතිය හැකි නඩුකාරයින්ට එරෙහිව මඩ ප්‍රචාර යැවීම, නිතරම පාහේ සිදු වේ.

ඊට අමතර වශයෙන් රාජපක්ෂට ගැතිකම් කරන නඩු කාරයින් නඩු නොඅසා හැම නඩුවක්ම බාගෙට අසමින් කල්දමා   අගවිනිසුරුවරයා වෙත අසත්‍ය මාසික  වාර්තා යැවීම සිදුවේ. මෙයින් සිදුවන්නේ යහපාලනය යටතේ රටේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වේ යයි අපේක්ෂා කළ මිනිසුන්ගේ සිත් තුල බලවත් කලකිරීමක් ඇතිවීමය.  මෙය රාජ්‍ය විරෝධී සියුම් කුමන්ත්‍රණයකි.

දිනපතා මහාධිකරණ වල නඩු අසන ලෙසට අගවිනිසුරුවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබුනත් එය මෙකී නඩුකාරයින් විසින් පයිසයකට ගණන් ගන්නේ නැත. මෙම චක්‍රලේඛය හරිහැටි ක්‍රියාත්මක වෙනවාද කියා සොයාබැලීමක් වෙන්නේද නැත. අපරාධ නඩු ඇසීමට හැකියාව ඇති නඩුකාරයින් සිවිල්  මහාධිකරණ වලට යවා අපරාධ නීතිය ගැන මෙලෝහසරක් නොදත් නාම්බන් තොගයක් අපරාධ මහාධිකරනවල නඩුකාරයින් ලෙස පත් කර තිබීම තවත් ප්‍රශ්නයකි. මහාධිකරනවලට පත්කිරීමට පෙර මොවුන් පිළිබඳව ශක්‍යතා ඇගයීමක් සිදුනොවන අතර ජ්‍යෙෂ්ඨත්වය මතම පත්කිරීම් සිදුකරනු ලැබේ. එබැවින් ඕනෑම ගොබ්බයෙකුට ඇට්ටර වෙද්දී මහාධිකරණ විනිසුරුකමක් ලබාගැනීමට හැකියාව ඇත.

මෙම නාම්බන් බොහොමයක් හරියට නඩුවක් අසා ඉවර නොකරන අතර රජයේ නීතිඥ වරයාගේ කරේ එල්ලී කෙටි මාර්ග වලින් නඩු අවසන් කොට සංඛ්‍යාලේඛන පුරවා ගැනීම සිදුකරයි. මේ නිසා වර්තමාන මහාධිකරණ දඬුවම් වෙන්දේසිකරන තැන් බවට පත්ව  තිබේ.  ඉතා දරුණු අපරාධවලට පවා ඉතා සොච්චම් දඬුවම් ලබාදීම මෙයින් සිදුවන අතර නඩුකාරයින්ට ගතමනාවක් සොයාගැනීමටද ,මාසික වාර්තාවෙන් අගවිනිසුරුවරයා ශේප් කරගැනීමටද අවස්ථාව සැලසේ. මහජන බදු මුදලින් වැටුප් ලබන මොවුන් ගෙන් බොහොමයක් ආකල්ප හිඟන්නන්ද වෙති. තමන් මහජන වැටුප් ලබන මහජන සේවකයින් නොව නඩුකාරකම අම්මා අප්පාගෙන් උපතින් රැගෙන ආ උරුමයක් යයි  සිතා තනතුරේ ඌෂ්ණය අහිංසක මහජනයාට පෙන්වමින් අනෙක් සියලුම මිනිසුන් පහත් කොට සලකන, උසාවියේ කිඹුහුමක් ගියත්, මිනිසුන් හිරේ  අරින, මිනිසුන්ට උසාවියට ඇඳගෙන ආ යුතු ඇඳුම ගැන නීති දමන, කාලකන්නි පිරිසකි. ඔවුන් යන යන තැන මිනිසුන් ඔවුනට හතරට නැමී  ආචාර කළ යුතු බව සිතන  වැඩවසම් ගොබ්බයින් රැලකි.

තමන්ට නීතියෙන් නියමිත රාජකාරිය වන නඩු ඇසීම හැර අනෙකුත් සිළුම දෑ උපරිම උනන්දුවෙන් කරන මොවුන්  හට ඇති වැදගත්ම ප්‍රශ්න වන්නේ, වැටුප්, විදේශ සංචාර, වාහන , උසස්වීම් ආදියයි. මේ අයගෙන් ඉතා විශාල පිරිසක්  නඩු නැතිව වේලි වේලී සිටි අදක්ෂ නීතිඥයින් නමුත්, නඩුකාරකම ලද පසු , තමන්ගේ පන්තියටම කෙළවීමට තැත්  කරන්නේ තමන් ගේ පෙකණි වැල කපන වෙලාවේම නඩුකාර කමද ලද්දා යැයි සිතන නිසා ය.

නඩු නොඅසන නඩුකාර ලැයිස්තුවක් කාගේ කාගේත් දැන  ගැනීම පිණිස මෙසේ හෙළිකරමු..!

01. අමල් තිලකරත්න 
02. තුසිත ගුණසේකර
03. බන්දුල කරුණාරත්න 
04. උපාලි ගුණවර්ධන 
05. කුසලා සරෝජනී
06. කරලියැද්ද 
07. කුමාරි අබේරත්න 
8. මොරායස් 
09. රොහාන් ජයවර්ධන 
10. ඛේමා ස්වර්නාධිපති 
11. ෆ්‍රෑන්ක් ගුණවර්ධන
12. සුජාතා අලහප්පෙරුම
13. මනිලාල් වෛද්‍යතිලක .

එබැවින් මහාධිකරන වල සේවය කරමින් පින් පඩි කන නඩුකාරයින් පිළිබඳව විමර්ශනය කොට ඔවුන් එලවා දැමීමට කටයුතු කිරීම, යහපාලනය වෙනුවෙන් කැපවුන සැමගේ වගකීමකි.

(ලංකා ඊ නිව්ස් අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවයේ විමර්ශනයකි)

---------------------------
by     (2017-11-24 01:42:51)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

Eighteen, 33, eight, thirty two or fifty seven: the biggest is?

  2 discussion on this news

පහුගිය අවුරුදු තුනටම අඩුම තරමේ බෙන්ච් ඕර්ඩරයක්වත් නොලියූ එසේ කරමින් වාර්තාවක් තැබූ කනාටු අඬු කඩාගත් බැල්ලියක් නම් ගාල්ල අතිරේක දිසා විනිසුරු ප්‍රහර්ෂා රණසිංහයි. 20016 වසරේ ජුනි සිට කිසිම සතියක දවස් පහ එක දිගට වැඩට ඇවිත් නැත. සෑම සතියකම දින දෙකක් නිවාඩු දමයි. මේ සියල්ල ජේ එස් සී එක දනී. හැම ලබ්බකම අඩුපාඩු හොයන ආබෲ ලොක්කාද දනී නමුත් ඇස් කන් නැති එවුන් සේ සිටී. මේ ගෑණිට සහ පවුලේ එවුන්ට පිණට පඩිකනවට හෙණ ගැසිය යුතුය. පැල්පොල
-- by harish on 2017-11-25

ඒ වගේම සත පහක නඩුවක් නාහන රුපියල් ලක්ෂයකට වඩා වැඩි වාහන දීමනාවක් ලබා ගත්තද බස් එකේ උසාවි ගොස් සත පහක නඩුවක් නොඅසා එන අනික් පිං පඩ්ඩා නම් මහනිල් ප්‍රසන්ත සිල්වාය. මුගේ ලොකු දුව කළු මහත තඩි ගෑණියකි ගැලපෙන්නේ කබඩි කන්ඩායමක් පුහුණු කිරීම වගේ උනත් කරන්නේ ෆැෂන් ඩිසයින් වේ. ඒක නිසා මේ වේ පුතුට ස්ටාෆ් එකේ ඉන්න පොත්ත රතු ඇඟේ හැඩයක් තියන කෙල්ලන් පෙන්නන්න බැරි අතර උන්ගේ ඉන්ක්‍රිමන්ට් කපා දස වදයක් දෙයි. මීට ගඩොලා
-- by gadol wasantha on 2017-11-25

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more