ආවා අන්තිමයා දක්වා අල්ලනවා..! යාපනයේ 117 ක් අත් අඩංගුවට -නි.පොලිස්පති

(ලංකා ඊ නිව්ස් - 2017.නොවැ.24, පෙ.ව.6.30) යාපනයේ ක්‍රියාත්මක ප්‍රචණ්ඩකාරී කණ්ඩායම් වල අවසන් සාමාජිකයා අත් අඩංගුවට  පත් කරගන්නා තුරු යාපනයේ සෝදිසි මෙහෙයුම් කටයුතු හා අත් අඩංගුවට ගැනීමේ කටයුතු නතර නොකරණ බව උතුරු පලාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා 22 දා පැවසීය

 දෙමළ මාධ්‍යවේදීන් පිරිසකට යාපනයේදී අදහස් දක්වමින් නියෝජ‍යපොලිස් පතිවරයා පවසා ඇත්තේ 22 දා දහවල් වන විට විවිධ හේතූන් මත යාපනයේ පුද්ගලයින් 117 දෙනෙකු අත්  අඩංගුවට ගෙන ඇති බවයි.

අත් අඩංගුවට ගන්නා සියළුම දෙනා ඔවුන්ට ඇති චෝදනා වලට අනුව අධිකරණයට ඉදිරිපත් කරණ බවත්  ප්‍රචණ්ඩක්‍රියා වලට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමේදී යාපනයේ සාමාන්‍ය වැසියන්ගෙන් ඉතා විශාල සහයෝගයක් ලැබෙන බවත් නියෝජ්‍ය පොලිස් පතිවරයා පවසා ඇත.

මේ අතර 22 දා දහවල්ද යාපනයේ කෝපායි, මනිපායි, පලාලි තෙලිප්පලෙයි හා කන්කසන්තුරේ යන ප්‍රදේශවල පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සෝදිසි මෙහෙයුම් දියත් කොට තිබූ අතර එම මෙහෙයුම් වලදී සැකකටයුතු පුද්ගලයින් 13 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔවුන්ව යාපනයේ පොලිස් ස්ථාන තුනක් වෙත රැගෙනවිත් ඇති අතර සැකකරුවන් සමග යතුරු පැදි දෙකක්ද අත් අඩංගුවට ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

---------------------------
by     (2017-11-24 01:04:24)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more