රනිල් අගමැතිකමින් ඉල්ලා අස්විය යුතු යැයි මෛත්‍රී-මහාරාජා ගෙන ගිය කැම්පේන් එකේ බළලා මල්ලෙන් එළියට: අගමැතිකම හෝ විපක්ෂනායක කම මහින්ද ඉල්ලයි

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.23, ප.ව‍‍‍‍.5.45) අගමැති ධුරය හෝ විපක්‍ෂ නායක ධුරය දෙන්නේ නම් පමණක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෛත්‍රී පිල සමග ඉදිරි සාකච්ඡා කරන්නේ යයි ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (22) තීරණය කළා යැයි ලංකාදීප පුවත් පත වාර්තා කර තිබේ. 

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ මහින්ද රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (22) පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී බවද ලංකාදීපය කියයි. 

ශ්‍රීලනිප මෛත්‍රී පිල යහපාලන ආණ්ඩුවේ කොටස්කාරයකු ලෙස එජාපය සමග කටයුතු කරන තුරු කිසිදු කරුණක් පිළිබඳව එම පක්‍ෂය සමග සාකච්ඡා නොකිරීමට ද තීරණය කළා යැයි ලංකාදීපය වාර්තා කරයි.
 
මේ කියන යෝජනාවන්ට මෛත්‍රීපාල සිරිසේන කැමැති වුවහොත් සම්මුති ආණ්ඩුව අවසන් වනු ඇත. අනෙක් අතට ඔහුට මහින්ද රාජපක්ෂ අගමැති කිරීමට නම් ඊපීඩිපී මන්ත්‍රී ධූරයද මෛත්‍රී සතුව ඇතැයි සිතුවහොත් 96 සිට 113 දක්වා මන්ත්‍රීවරුන් 17 ක් එජාපයෙන් හෝ ජවිපෙන් හෝ ටීඑන්ඒ එකෙන් ලබා ගත යුතු වනුවා ඇත. ජවිපෙ හෝ ටීඑන්ඒ මේ අවස්ථාවේදී කිසිසේත්ම මහින්ද රාජපක්ෂ අගමැති කිරීම සඳහා මෛත්‍රීට සහායක් නොදක්වනු ඇති අතර එජාපයෙන් 17 ක් තරම් විශාල මන්ත්‍රී සංඛ්‍යාවක් මෛත්‍රීට ලබා ගැනීමද සිහිනයක් පමණක් වනු ඇත. සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධූරයෙන් ඉවත් කිරීමට ද එජාපය පමණක් නොව ජවිපෙ පවා කැමැති වෙනු ඇතැයි සිතිය නොහැකි ය. 

කෙසේ වෙතත් රාජපක්ෂලාගෙන් එන මේ යෝජනාවට සහාය දෙනු වස් අගමැතිවරයා බැඳුම්කර කොමිසම හමුවේ ස්වේච්ඡාවෙන් සාක්කි දීමට ඉදිරිපත් වීම පාදක කර ගනිමින් මෛත්‍රී-මහාරාජා කල්ලිය විසින් අගමැති ඉල්ලා අස්විය යුතු යැයි මතවාදයක් කරළියට නංවන ලදී. එහි බළලා රාජපක්ෂගේ මල්ලෙන් එළියට පැන තිබේ.  

මෙහි අතරමැද අවස්ථාවක් වනු ඇත්තේ එජාපයෙන් රනිල් වෙනුවට වෙනත් එජාප චරිතයක් අගමැති කිරීමද විය හැකිය.  මේ වන විට මෛත්‍රීපාල සිරිසේනගේ සමීප හිතවතා මෙන්ම මහින්ද රාජපක්ෂගේද සමීප හිතවතා වී සිටින මංගල සමරවීර ද (මහින්ද පසුගියදා මුඛයේ ආබාධයකට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇමරිකාව තෝරාගෙන සිටියදී ඊට වඩාත් හොඳ රට ඇමරිකාව නොව ජපානය යයි  මහින්දට උපදෙස් දුන්නේ ද සමරවීර මහතා විසිනි)  ඔහුගේ පරංගි ලේකම්ගේ මාධ්‍ය මගින් ‘මංගල අගමැති කරවීමේ‘ කැම්පේන් එකක් ද සීතලට ගෙන යනු පසුගිය දිනවල දක්නට ලැබිණ. ලංකා ඉතිහාසයේ සිදුවූ බරපතලම ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාව ලෙස සැලකිය හැකි වසර 5 කට මහජනතාව බලය දුන් එජාප ආණ්ඩුව වසර 2 කින් විධායක බලතල යොදවා විසිරුවා හැරීමට මුල් වූයේද මංගල සමරවීර බව රහසක් නොවේ. ඒ ගැන චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනියම පසු කලෙක ජනමාධ්‍යයට පවසා සිටියේ රනිල්ගේ ආණ්ඩුව විසිරුවන ලෙස තමන්ට මංගල සමරවීර උදේ හවා ඇවිටිලි කළ බවයි. වරෙක ජාතිවාදයට එරෙහිව සුදු නෙළුම් ව්‍යාපාර ගෙන ගොස් ඊට සුළු කලෙකට පසු හාත්පසින්ම වෙනස් මහින්ද රාජපක්ෂ ජවිපෙ ජාහෙඋ වැනි ජාතිවාදී බලවේග සමග එක්වූ මංගල සමරවීරට පීලි මාරු කිරීම එතරම් කජ්ජක් නොවන බවද ඔහු තම අතීතයෙන් පෙන්වා දී තිබේ. මෛත්‍රී-මහාරාජාගේ ප්‍රහාරයට සියළුම එජාප නායකයන් ඉලක්ක වෙද්දී කලින් ඉලක්කයක්ව සිටි මංගල සමරවීර හිටි අඩියේම ඉන් නිදහස් කිරීමේ රහසද මේ සමග බැඳී ඇතිවාට සැකයක් නැත.   

කෙසේ වෙතත් මේවායින් ගම්‍ය වන්නේ තමන්ව ජනාධිපති පුටුවට ඔසවා තැබූ එජාප නායකයන්ට පමණක් නොව එජාපයේ දෙවන පෙල නායකයන්ට පවා නීච ලෙස  පහර දෙමින් රාජපක්ෂ කල්ලිය පිනවා සාංගම් ගැසීමට මෛත්‍රී-මහාරාජා කල්ලිය විසින් ගෙන යන අවස්ථාවාදී දේශපාලනය කෙළවරක් වී නැති බවයි. මෛත්‍රී-ජනාධිපති විසින් රාජපක්ෂ හොරුන්ව අත් අඩංගුවට නොගෙන වරදාන ලබා දෙමින් කරන්නේ ද කෙසේ හෝ රාජපක්ෂලා සමග සාංගම් ගැසීමට සිරිසේන ජනාධිපතිවරයාට ඇති අවශ්‍යතාවය යි. මේවායේ එකම අරමුණ රටට වාසියක් යන්න නොව සිරිසේනලාට වාසියක් යන්න පමණි. 

නමුත් මේ සියල්ලෙන් සිදුව ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන වනාහී අංක එකේ ජනතා ද්‍රෝහියෙකු ලෙස ඔහු බලයට පත් කළ බලවේග අතර පිළිකුලට ලක් වීම ය. තව වසර 3 ක ධූර කාලයක් ඉතිරිව ඇති ජනාධිපතිවරයෙකු තමන් බලයට පත් කළ බලවේග අතර මේ තරම් ඉක්මනට පිළිකුලට ලක් වීම නම් දේශපාලන සොහොන් ලකුණු විද්‍යාමාන කරන්නකි.  

විමල් ධීරසේකර විසිනි

---------------------------
by     (2017-11-23 13:08:34)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

What is ninety two thousand one hundred and sixty nine as a number?

  1 discussion on this news

නමුත් මේ සියල්ලෙන් සිදුව ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන වනාහී අංක එකේ ජනතා ද්‍රෝහියෙකු ලෙස ඔහු බලයට පත් කළ බලවේග අතර පිළිකුලට ලක් වීම ය. තව වසර 3 ක ධූර කාලයක් ඉතිරිව ඇති ජනාධිපතිවරයෙකු තමන් බලයට පත් කළ බලවේග අතර මේ තරම් ඉක්මනට පිළිකුලට ලක් වීම නම් දේශපාලන සොහොන් ලකුණු විද්‍යාමාන කරන්නකි.
-- by ඩොංකි on 2017-11-27

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more