ජනාධිපති නියමයෙන් ගෝඨාභය අත් අඩංගුවට ගැනීම නවතී: මැදගොඩ අභයතිස්ස, ඉත්තෑපානේ ධම්මාලංකාර කපුකම කරති

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.23, ප.ව‍‍‍‍.12.30) රුපියල් ලක්ෂ 910 ක් මහජන මුදල් අවභාවිතා කරමින් තම දෙමාපියන්ගේ පුද්ගලික සොහොන හැදීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට නීතිපතිවරයා විසින් නියම කළ ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනීමෙන් වළක්වන ලද්දේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසිනැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. 

නීතිපතිවරයා විසින් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ලබා දුන් නියමය නීතිපතියේම සිටින රාජපක්ෂවාදීන් විසින් රාජපක්ෂලා වෙත කලින්ම දැනුම් දී තිබිණ. ඒ අනුව මහින්ද රාජපක්ෂ රැස්වීමක දී කියා සිටියේ අද හෝ හෙට ගෝඨාභය අත් අඩංගුවට ගැනීමට නියමිත බවයි. 

මේ බව දැනගත් ඉත්තෑපානේ ධම්මාලංකාර සහ මැදගොඩ අභයතිස්ස යන චීවරධාරීන් දෙදෙනා විසින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හමුවී ගෝඨාභය අත් අඩංගුවට නොගන්නැයි ඉල්ලා තිබේ. ඒ වහාම ජනාධිපතිවරයා විසින් පොලිස්පති පූජිත ජයසුන්දර අමතා ගෝඨාභය අත් අඩංගුවට නොගන්නැයි නියෝග කර ඇත. 

සිරිසේන මහතාගේ ශ්‍රීලනිප පිල සහ රාජපක්ෂලාගේ පොහොට්ටු පිල අතර එකඟතාවයක් ගොඩ නැගීම සඳහා මෙලෙස ගෝඨාභය අත් අඩංගුවට ගැනීම නවතා තිබේ. 

මීට පෙර දී ද ගෝඨාභය ප්‍රථම වරට අධිකරණයට කැඳවීම හේතුවෙන් කිපුණු ජනාධිපති සිරිසේන කුප්‍රකට ‘සයනයිඩ් කතාව‘ කරමින් තමාට නොකියා ‘රණවිරුවන් දක්කාගෙන යනවා‘ යයි අවලාද නගා අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරියට තනතුර දමා යෑමට වැඩ සැලැස්වීය.  

---------------------------
by     (2017-11-23 07:09:52)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

කොට්ටාව මහල්වරාව දිගන පුරාන විහාරස්ථානයේ අවුරුදු 30 කටත් වඩා වෑඩසිටින ස්වාමීන් වහන්සේට භාරකාරත්වය නොදී, එතුමන්ට ගෝල හිමිනමක් ශාසනයට ලබාදීමට ඉඩ නොතබා විහාරයේ අයිතිය තබාගනිමින්, නමුත් ගමටවත් පන්සලටවත් සේවයක් නෑතිව සිටින්නේ මේ ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සෙයි. ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ උගත් විනයගරුක දේශපාලකයන් පසුපස නොයන මේ දෑන් විහාරයේ වෑඩවසන හාමුදුරුවන්ගේ
-- by Mahalwarawa on 2017-11-23

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more