‘ඌයියා සිරිසේනගේ‘ විවේක සුව විඳින තානාපතිලා වෙනුවෙන් ඔබත් මමත් ගෙවන වියදම මෙන්න

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.22, ප.ව‍‍‍‍.7.15) එදා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වෙද්දී ඔහුගේ විරුද්ධවාදීන් ඔහුට නිග්‍රහ කෙළේ ‘අයියෝ සිරිසේන‘ කියා ය. නමුත් මෙරට සිටි ප්‍රගතිශීලී බලවේග ඔහුව ජයග්‍රහණය කෙරෙව්වේ ඔහුගෙන් තේ කෝප්පයක් හෝ නොගෙන ය. එදා ඔහුගේ ජනාධිපතිවරණ කාර්යාලයේ තේ බිලටවත් සිරිසේන මහතා සත පහක් වියදම් කෙළේ නැත. එයද ගෙව්වේ වෙනත් අය ය.( ඒ අතර කිසි ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවූ ගුවන් නියමුවෙකුද සිටී)  එ් කෙසේ වී නමුත් අද ඔහු ඒ තමා බලයට ගෙනා ප්‍රගතිශීලී බලවේග සියල්ලටම සරම උස්සා පුක පෙන්වමින් මහජනතාව සතු එකම අයිතිය වන ඡන්ද අයිතියටද කෙළවා තිබේ. මේ සියළු දෙයින් ඔහු තුවාල සිදුකර ගන්නේ ඔහුටමය. අද ඔහු ‘අයියෝ සිරිසේන‘ කෙනෙකු නොව ‘ඌයියා සිරිසේන‘ කෙනෙකු වී තිබීම කණගාටුදායක ය.  

පසුගිය දිනෙක සිරිසේන ජනාධිපතිවරයා කියා සිටියේ වත්මන් තානාපතිවරුන් තානාපති කාර්යාලවලට යන්නේ විවේක ගන්නට බවයි. ඒ අනුව තානාපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් විධායක බලය ලත් ඔහු තමාටම මඩු වලිගයෙන් තලා ගත්තේ ය. එහිදීද ‘ඌයියා‘ කර ගත්තේ තමන්ටම ය.  මේ ‘ඌයියා සිරිසේන ජනාධිපතිවරයා‘ තමන් විසින් විවේක ගන්වන ලද තානාපතිවරුන් සඳහා මහජන මුදල් කොපමණ ප්‍රමාණයක් විනාශ කරනවාද යන්න විදේශ අමාත්‍යංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් හෙවත් ‘ගණිත ගුරා‘ නොකියන බැවින් ලංකා ඊ නිවුස් විසින් ඒ පිලිබඳ විමර්ශණයක් කෙළේය. ඒ අනුව අනාවරණය වූ තොරතුරු පහත පරිදිය. 
 
ලංකාව වෙනුවෙන් පෙනී සිටීම පිණිස තානාපති කාර්යාල හා කොන්සල් කාර්යාල 67 ක් තිබේ. මෙම කාර්යාල වෙනුවෙන් කිසිදු සුදුසුකම්ක් නැති දේශපාලන හෙංචයියන් 39  ක් පත් කර තිබේ. මෙම පිරිස මෙලෝ රහක් නැති, කිසිදු  අදාල වෘත්තීය දැනුමක් නැත්තෝ වෙති. අප කළ විමසීමකට අනුව සාමාන්‍යයෙන් එක් තානාපතිවරයෙක් වෙනුවෙන් වැටුප්, ගෙවල් කුලී, සංග්‍රහ දීමනා, විදුලිය, ජලය, ඉන්ධන දීමනා, දුරකථන ගාස්තු, රියදුරු වැටුප්, නිවාස හා අනෙකුත් දීමනා, වෛද්‍ය දීමනා හා මෙහෙකරු දීමනා ආදිය සඳහා මසකට ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ හැටක් (60) වැයවේ. 

මින් රුපියල් ලක්ෂ 35 ක් ම වැය වන්නේ නිවාස කුලී වෙනුවෙනි. අපට ලැබුණූ තොරතුරු අනුව මෙම නිවාස අති සුඛෝපභෝගී එ්වා වන අතර බොහෝ විට මේවායේ පදිංචිව සිටින්නේ වියපත් තානාපති, බිරිඳ හා මෙහෙකරුවෙක් පමණි. රාජකාරීමය වශයෙන් බලන කළ මේ කිසිදු තානාතිවරයෙක් මසකට සැලකිය යුතු කරුණු සඳහන් කොට කොළඹට ලිපි 30 ක් වත් එවන්නේ නැත. මසකට අයෝජකයින් ඇතුළු අමුත්තන් 30 ක් හෝ හමු වන්නේ නැත. එසේ හමුවන්නේ නම් එක් අමුත්තෙක් හමුවීම වෙනුවෙන් එක් අයෙක් දරා ඇති වියදම රුපියල් ලක්ෂයකි.

මෙම වියදමටත් වඩා වැඩි මුදලක් හෙවත් මසකට රුපියල් ලක්ෂ 75 ක් පමණ වොෂින්ටන්, නිව්යෝර්ක්, ඔටාවා, තෝකියෝ, සිංගප්පූරු, කුවේට, ප්‍රංශ, බ්‍රසල්ස්, බර්ලින්, සෞදි අරාබියා, ඩුබායි, මුම්බායි, ලන්ඩන්, ජිනීවා හි එක් එක් තානාපතිවරයා වෙනුවෙන් වැය කෙරේ. 

මේ අනුව බලන කළ එකී රටවල තානාපතිවරයෙක් වෙනුවෙන් ලක් රජය වසරකට රුපියල් මිලියන සියයක් පමණ වැය කරනු ලැබේ. එහෙත් පසුගිය වසර වෙනුවෙන් මේ එක් තානාපතිවරයෙකුගේ හෝ ශක්තියෙන් අවම වශයෙන් විදේශ  ආයෝජන ලෙස රුපියල් මිලියන දහයක් හෝ ලැබී නැත. මේ නයින් බලන කළ සිරිසේනගේ තානාපතිවරුන් විවේක සුවයෙන් පමණක් නොව නිද්‍රා සුවයෙන්ද ගත කරන බව අවිවාදාත්මකය. 

වොෂින්ටන්හී තානාපතිව සිටි ප්‍රසාද් කාරියවසම් නම් වත්මන් විදේශ ලේකම් වරයාද මේ හා සාමන මුදලක් ප්‍රතිඵල රහිතව වැය කර ඇතත් අද විදේශ අමාත්‍යංශයේ ජනප්‍රිය නැති නිලධාරියෙක් තමන්ගේ වෘත්තීය දියුණුව උදෙසා විදේශ පුහුණුවකට සහභාගීවීම වෙනුවෙන් රුපියල් දස දහසක් වැනි සොච්චම් මුදලක් ඉල්ලා සිටි කල ඔහු එම ඉල්ලීම ඉවත දමයි. එසේ වී නමුත් තම කුණු හේදූ හා පාන ඇල්ලූ නිලධාරීන් වෙනුවෙන් වසර තුන ඉක්මවා සේවා දිගු දීමට මැලිකමක් දක්වන්නේ නැත.

පසුගිය කාලයේ ප්‍රසාද් කාරියවසම්ගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ලේකා උයන්ගොඩ, සත්‍ය රොඩ්‍රිගෝ,  ප්‍රදීපා සේරම්, සරෝජා සිරිසේන, ජොර්ජ් කුක්, මහේෂණී කොලොන්නේ වැනි නිලධාරීන් වෙනුවෙන් රුපියල් මිලියන ගණනක් ව්‍යාජ පුහුණු සඳහා රජයේ මුදල් වියදම් කර ඇත. මෙවැනි තත්ත්වයන් හමුවේ මහා බ්‍රිතාන්‍යයේ සිටි සැබෑ ආචාර්ය උපාධියත් ලත් දක්ෂ නිලධාරියෙක් තමන්ගේ සේවය අත්හැර දමා ගියේ දැඩි කළ කිරීමකිනි. ඔහුට තම ඉගෙනීම පිණිස තමන්ට අයත් නිවාඩු ලබාගැනීමට පවා බාධා කෙළේය. ඒවා සිදුවුනේ මහා සුද්ධවන්තයෙකු යයි කියන මංගල සමරවීර විදේශ ඇමැතිව සිටි කාලයේ දීය. 

ඉදින් ‘ඌයියා සිරිසේන ජනාධිපතිවරයා‘  රටට වැඩදායක විදේශ සේවයක් නිර්මානය කරන්නේ කෙසේද? ඔහුගේ කෙරුවාවෙන්ම ඔහු අපට දිනෙන් දින තහවුරු කරන්නේ මේ ජනාධිපති තනතුරට තමන් නුසුදුස්සෙක් බවයි. ජනතාව ඔහුව ජනාධිපති ධූරයට පත් කෙළේ ඔහු ලවා ජනාධිපතිධූරය අහෝසි කරවා ගැනීමට මිස ඔහු ලවා ජනාධිපතිකම් කරවා ගැනීමට නොවන බව නොදන්නේ ඔහු පමනි. 

-පරිවාරයා ලියයි-

---------------------------
by     (2017-11-23 07:18:30)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

If tomorrow is Sunday, what day is today?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more