මෛත්‍රීට දිනන්න පුළුවන් වෙන තුරු ඡන්ද නෑ: පළාත් පාලන ඡන්දයට අධිකරණ වාරණයක්..! මෛත්‍රී තම වළ සියතින්ම කපා ගන්නා හැටි අනුර දිසානායක හෙළිකරයි (Video)

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.22, ප.ව‍‍‍‍.7.15) එළැඹෙන පළාත් පාලන ඡන්දයේ දී නිසැකවම උරුම වන කුජීත පරාජයෙන් ගිනි කන වැටී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රීලනිප පාර්ශවය  ඡන්දය කල් දමා ගැනීමේ නීච නින්දිත ක්‍රියාවලියක යෙදෙමින් ඒ සඳහා අධිකරණ වාරණයක් අද ලබා ගත්තේ ය. පළාත් පාලන  ආයතනවල සීමා නිර්ණයට අදාළව විෂයභාර ඇමැති ෆයිසර් මුස්තාපා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය දෙසැම්බර් මස 04 දින දක්වා වලක්වාලමින් අභියාචනාධිකරණය මෙම තහනම් නියෝගයක් නිකුත් කරන ලද්දේ ය. 

ඒ අදාළ ගැසට් නිවේදය බල රහිත කරන ලෙස ඉල්ලමින් පඬුවස්නුවර, නුවර, හාලි ඇල, මාතර සහ ඇඹිලිපිටිය ප්‍රදේශවල පදිංචි ඩිලාන් පෙරේරාගේ, ලක්ෂමන් යාපාගේ සහ දයාසිරි ජයසේකරගේ හෙංචයියන් ලවා  අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සම විභාගයකට ගනිමිණි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පළාත් පාලන විෂය බාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා නම් කර ඇති නමුත් නඩුවේ පැමිණිලි පාර්ශවයට පෙනී සිටියේද ෆයිසර්ගේ පියාගේ ගෝලයෙකි. මේ නීච ක්‍රියාව අද පාර්ලිමේන්තුවේ දී ජවිපෙ නායක අනුර දිසානායක දැඩි සේ හෙලා දකිමින් මෙහි ඇති කුමන්ත්‍රණය හෙළි කෙළේය. 

ඔහු කීවේ මෛත්‍රීගේ පිල දිනන තුරු ඡන්ද කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව නොසිතන බලවේග සමග වුව එක්ව සටන් කරන බවයි. අනුර දිසානායක කතා කරද්දී ජනාධිපතිවරයාද පාර්ලිමේන්තුවට පැමිණ සිටීම විශේෂ සිද්ධියක් විය.  

ලංකා ඊ නිව්ස් ඇමැතූ එජාප නායකයෙකු කියා සිටියේ එජාපය මෙම කුමන්ත්‍රණයට සහමුලින්ම විරුද්ධ බවත් එජාපයද ජනාධිපතිවරයාගේ ඡන්ද කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව සටන් කිරීමට පාරට බැසීමට සූදානම් බවයි.

අනුර දිසානායක මහතාගේ කතාව පහතින් 

---------------------------
by     (2017-11-22 14:15:57)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more