කිලී මහාරාජාද? මෛත්‍රීපාල සිරිසේනද? කවුද රට පාලනය කරන්නේ කියලා දෙන්නගෙන් එක්කෙනෙක් තීරණය කරන්න - සිරිසේන ගැන එජාපයේ කලකිරීම සුජීවගෙන් එළියට (Full Video)

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.22, ප.ව‍‍‍‍.1.30) කිලී-මෛත්‍රී කල්ලිය විසින් දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂය ඉලක්ක කරමින් මඩ ගැසීම සම්බන්ධයෙන් ප්‍රථම වරට එජාපය කෙරෙන් ප්‍රතිප්‍රහාරයක් එල්ල විය. ඒ සුජීව සේනසිංහ නි.ඇමැතිවරයා මගිනි. ඔහු කියා සිටියේ එක්කෝ කිලී හෝ එක්කේ මෛත්‍රී හෝ රට පාලනය කළ යුතු බවයි 

“මං ඇත්තටම ජනාධිපතිතුමා සම්බන්ධයෙන් විශාල කලකිරීමක ඉන්නේ. අපි එතුමාව පත් කෙළේ ජීවිතේ කැප කරලා. විශේෂයෙන්ම දේශපාලන උගුල් අටවන්න නොවේ. එතුමාට එක ආයතනයක් අදහසක් දීලා තියෙනවා මං හිතන්නේ රාජපක්ෂලාවත් විනාශ කරලා, එක්සත් ජාතික පක්ෂයත් විනාශ කරලා 2020 විශාල බලයක් ගත හැකියි කියලා. මං එතුමාට මීට මාසයකට කලින් කීවා. මේ කොමිසම දික් කර කර අපිට මඩ ගහන්න දෙනවා. 

කෝ මිග් ගනුදෙනුවට ජනාධිපති කොමිසමක් ? කෝ ස්පෙක්ට්‍රම් වලට ජනාධිපති කොමිසමක්? බිලියන 7 ක 8 ක ජනතාවගේ සල්ලි. කෝ නැව් ගනුදෙනු වලට ජනාධිපති කොමිෂන්? කෝ ඇඩ්වර්ටයිසින් කොම්පැනි වලට ජනාධිපති කොමිෂන්? විශාල කැප කිරීමක් කරලා අපි මේ ආණ්ඩුව පිහිටෙව්වේ. 

කොහේවත් තියෙනවාද මං ඇලෝෂියස් ආරක්ෂා කරන්න සීඅයිඩියට කතා කළා කියලා.? කොහේවත් තියෙනවාද මං ඇලෝෂියස් ආරක්ෂා කරන්න මහ බැංකුවේ නිලධාරියෙකුට කතා කළා කියලා? කෝප් කමිටු අවස්ථාවෙදි මං මේ තොරතුරු ලබා ගන්න කතා කළා. කොහෙවත් කියලා තියෙනවාද කෝප් කමිටුවේ කාටවත් කතා කරන්න බෑ කියලා. එහෙම නීතියක් තියෙනවාද? සදාචාරවත් නොවෙන්නේ කොහෙද? අපි ඒ තොරතුරු ලබා ගෙන කීවේ මොකක්ද? පර්පෙචුවල් ට්‍රෙෂරීස් සම්බන්ධයෙන් ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න කියලයි කීවේ. මට ඩීල් දාන්න ඕනෙ නම් කෝල් 40 ක් දාන්න ඕනෙද? කෝල් දෙකයිනේ දෙන්න ඕනේ. මම නීතිඥයෙක්. ඩීල් දාන්න ඕනෙ නම් මං මගේ ටෙලිෆෝන් එකෙන් කෝල් ගන්නවාද? 

මේ මඩ ගහන්නේ එක නාලිකාවයි. එක්කෝ ඒ නාලිකාව රට කරන්න ඕනේ. නැතිනම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා රට කරන්න ඕනේ. දෙන්නගෙන් එක්කෙනෙක් තීන්දු කරන්න ඕනේ කව්ද රට කරන්නේ කියලා. උපුල් ජයසූරිය මහත්තයා එක කෝල් එකෙන් අයින් කළා. අර චාමර්ස් ඉඩම සම්බන්ධයෙන් ඇති ගනුදෙනුවකට. මේවා ඔක්කොම ඩීල්..? ඊට පස්සෙ ටීආර්සී එකේ මුහුන්දන් එක කෝල් එකකින් අයින් කළා. මේ කොමිසමත් ජනාධිපතිගේ නොවෙයි. කොමිසමක් දාලා ඇදලා ඇදලා අපිට මඩ පාරක් ගහලා ඉවර කළා. 

මේක මට පෞද්ගලික ඇතිවෙන වේදනාවක් ජනාධිපතිතුමාත් එක්ක. එතුමාගේ දරුවන්ගෙ වයසෙ තමයි අපිත්. එතුමා දරුවෝ ආරක්ෂා කරනවා නම්, එතුමට ඊ නිව්ස් එක ගහනවා හොඳ නැතිනම් අපිට ගහන එකත් හොඳ නෑ යම් මාධ්‍යයක්. 

අපි එතුමත් එක්ක හිටියා. එතුමා විසි දෙනෙක් අරන් එනවා කියලා හතරක් විතරක් අරන් එද්දි අපේ කට්ටිය කීවා ‘සර් හතරක් විතරක් අරන් එනවා නම් දෙන්න එපා‘ කියලා.  රෝසි සේනානායක මහත්මිය නැගිටලා කීවා ‘එහෙම කියන්න එපා කීයක් අරන් ආවත් දැන් එතුමා ඇවිල්ලා තියෙනවා සටන පටන් ගන්න‘. දෙවැනියට නැගිට්ටෙ මමයි. ‘සර් එතුමා කීයක් අරන් ආවත් අපි මේ සටන පටන් ගමුයි‘ කියලා මං කීවා. ඒ හින්ද මං කියන්නේ වරදක් තියෙනවා නම් ඕනේ කොමිසමක් දාන්න. එතුමයි ජනාධිපතිතුමා. එතුමට අපිට ඇඟිල්ල දිගු කරන්න බෑ හොරු අල්ලන්නේ නෑ කියලා. එතුමට පුළුවන්නම් බැඳුම්කර කොමිසම දාන්න, එතුමට පුළුවන්නේ අනෙක් ඒවටත් එහෙම ක්‍රියාත්මක කරන්න. 

මේක මගේ පෞද්ගලික අදහස. අගමැතිතුමා මට දොස් කියයි මේව කිව්වා කියලා.“

සුජීව සේනසිංහ මහතාගේ සම්පූර්ණ වීඩියෝව පහතින් 

---------------------------
by     (2017-11-22 08:23:36)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

Hotel, chips, brain, finger and chin: how many body parts in the list?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more