(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.21, ප.ව.9.20) තමාට එරෙහිව පාර්ලිමේන්තුවෙන් එන දෝෂාභියෝගයකදී තමා බේරා ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදමූලනේ මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ ලබන පළාත් පාලන ඡන්දයේ දී පරාජයෙන් බේරීම සඳහා මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව තරඟ කිරීමට මෛත්‍රීපාල සිරිසේන ගේ ශ්‍රීලනිප කණ්ඩායම විසින් රාජපක්ෂගේ කණ්ඩායම සමග සිදුකරගෙන යන රහසිගත සාකච්ඡා වලදී ය.
ඒකාබද්ධයේ සහාය ලබා ගැනීම සඳහා සිරිසේන ජනාධිපති මේ දිනවල තමා බලයට පත් කළ එජාපයේ දෙවන පෙළ නායකයන්ට පවා පහර දීම ආරම්භ කර ඇත. ඊට හොඳම උදාහරණය වන්නේ එජාප දෙවන පෙළ නායකයන්ගේ දුරකථන ඇමැතුම් වාගයක් සඳහන් කරමින් අදූෂිත මැති ඇමැතිවරුන්ට එරෙහිව ගෙන යන මඩ ව්‍යාපාරයයි. මෙහි එකම අරමුණ වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය පිනවා පළාත් පාලන මැතිවරණයේ දී ඒකාබද්ධ විපක්ෂයේ සහාය මෛත්‍රීට ලබා ගැනීම ය.
එහිදී නිසැක වශයෙන්ම එජාපය කෙරෙන් දෝෂාභියෝගයක් එනු ඇතැයි බිය වී ඇති මෛත්‍රීපාල සිරිසේන ඉන් බේරීම සඳහා මහින්ද රාජපක්ෂගේ සහාය ඉල්ලා ඇත. මෙහි ඇති ඓතිහාසික පාවාදීම නම් එදා මහින්ද රාජපක්ෂගෙන් අඩි 6 ක් වැළලීමේ අනතුරින් මුදා ජනාධිපති ධූරයට පත් කර දුන් එජාපයට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන විසින් අද මහින්ද රාජපක්ෂගෙන් උදව් පැතීම ය.
කෙසේ වෙතත් මෙම සාකච්ඡා වලදී මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් මෛත්‍රී පිල වෙත ඉදිරිපත් කර ඇති කොන්දේසි රාශියකට සිරිසේන ජනාධිපතිවරයා එකඟ වී ඇතැයි දැන ගන්නට තිබේ. (දයාසිරි ජයසේකර පසුගිය කැබිනට් මාධ්‍ය හමුවේ දී ‘දෙයියනේ කියලා එකතු වුනොත් අපි ගොඩ‘ යැයි කීවේ එබැවිනි)
ඉන් ප්‍රධාන එකඟතාවයක් වන්නේ වත්මන් ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක එම තනතුරින් ඉවත් කර එම ධූරය සුසිල් ප්‍රේමජයන්තට ලබා දෙන ලෙස රාජපක්ෂ විසින් කර ඇති ඉල්ලීමට සිරිසේන ජනාධිපති එකඟ වීමයි.
මේ බව දුමින්ද දිසානායකට දැනුම් දීමෙන් පසු දුමින්ද පවසා ඇත්තේ තමන්ට මහ ලේකම් ධූරය අත්හැර දමන්න කියන්නේ නම් තමා ලේකම් කමත් දමා ශ්‍රීලනිපයත් දමා එක්සත් ජාතික පක්ෂයට යන බවයි.
මෛත්‍රීපාල සිරිසේන හරියටම 2014 අද වැනි දිනක (නොවැ 21) ශ්රීලනිපය අතහැර එද්දී ඔහු සමග ආ ඉතාමත් සුළු පිරිසෙන් අයෙක් වන දුමින්ද දිසානායකව රාජපක්ෂලා වෙනුවෙන් බිලි දීමට සිරිසේන ජනාධිපතිවරයා සූදානම් වීම නින්දා සහගතය. කෙසේ වෙතත් මේ දෙයම මීට පෙර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට සිද්ධ විය. එදා නිවස වටේට එස්ටීඑෆ් භටයන් යොදා සිටියදී ජනේලෙන් පැන චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය සමග මෛත්‍රීට සහාය දීමේ මංගල ප්රවෘත්ති සාකච්ඡාවට පැමිණි හිරුණිකාට, හිරුණිකාගේ සීයාගේ සිට (භාරතගේ පියා) සංවිධායක ධූරය දැරූ කොළොන්නාව අසුනේ ශ්‍රීලනිප සංවිධායක ධූරය මෛත්‍රීපාල සිරිසේන විසින් බාර දුන්නේ නැත. එය දුන්නේ මෙවර ඡන්දයෙන්ද පැරදී සිටින තිලංග සුමතිපාලට ය. මේ හේතුවෙන් දේශපාලන අවුලකට පත්ව සිටි හිරුණිකාට සරණය වූයේ එජාප නායකයා විසිනි. ඒ එජාපයේ රත්මලාන ආසනය හිරුණිකාට බාර දෙමිනි. දැන් ඒ තත්ත්වයටම දුමින්ද දිසානායක ඇද දමා තිබේ.
කෙසේ වෙතත් දුමින්ද දිසානායකව ශ්‍රීලනිප මහලේකම් ධූරයෙන් ඉවත් කර එය සුසිල් ප්‍රේමජයන්තට දීමට යෑම ගැන තවත් හිටපු ශ්‍රීලනිප මහලේකම් වරයෙකු වන එස්.බී. දිසානායක දැඩි ලෙස විරුද්ධ වී තිබේ. ඔහු ද පවසා ඇත්තේ එවැන්නක් සිදුකරන්නේ නම් තමන්ද එජාපයට යන බවයි. ඔහු එජාපයට පැමිණීම සම්බන්ධයෙන් එජාප නායකයා සමගද සාකච්ඡා කර ඇති නමුත් එජාප නායකයා එස්.බී.ට පවසා ඇත්තේ ‘කලබල නොවී මඳක් ඉන්න‘ කියා ය.
කෙසේ වෙතත් ඇමැති ධූර දෙකක් සහිත එජාපයේ ප්රබලයෙකු සහ ජනප්‍රිය එජාප චරිතයක්ද සිරිසේන ජනාධිපති මේ වන විටත් බිලී බාගෙන ඇතැයිද දැන ගන්නට තිබේ.
මෛත්‍රීපාල සිරිසේන නමැති දේදුනු විප්ලවයේ මහා පාවාදෙන්නාගේ කෙරුම් කෙළි ඉදිරියේ දී තව දුරටත් හෙලිදරව් වෙනු ඇත.
---------------------------
by (2017-11-21 16:09:52)
Leave a Reply
Sri Lankan Sinhalese pools deserve more than this. Even uneducated Gramaseweka can cheat whole Sinhalese nation. Finally Mahinda and MY3 will be together.
-- by Rathnapala on 2017-11-22