ජනාධිපති ලංකාවේ සයිබර් අවකාශය වාරණය කර තිබියදී අගමැති “සැමට සයිබර්“ නමින් සමුළුවකට ඉන්දියාවට

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.21, ප.ව‍‍‍‍.6.15) තමන් විසින්  ජනාධිපති පුටුවට ඔසවා තැබූ සිරිසේන මහතා රටේ ජනතාව මිලියන 2 කට වැඩියෙන් කියවන අන්තර්ජාල පුවත් සේවයක් වූ ලංකා ඊ නිව්ස් කියවීමට නොහැකි වන ලෙස නීති විරෝධීව අවහිර කර තිබියදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට  "සැමට සයිබර් : තිරසර සංවර්ධනය සඳහා ආරක්‍ෂිත හා පරිපූර්ණ සයිබර් අවකාශයක්" නමින් ඉන්දියාවේ පැවැත්වෙන ලෝක සයිබර් අවකාශ සමුළුවට සහභාගී වීමේ දෛවයේ සරදමකට මුහුණ දීමට සිදුව තිබේ. 

මෙම සමුළුවට සහභාගී වීම සඳහා අද (21දා) අගමැතිවරයා දිවයිනෙන් පිටත්ව ගියේ ය. 

ඔබගේ ජනාධිපතිවරයා රටේ මහජනතාවට සයිබර් අවකාශය අවහිර කර තිබියදී ඔබ “සැමට සයිබර්“ නමින් සමුළු වලට සහභාගී වන්නේ කෙසේදැයි ඉන්දීය මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළහොත් අග්‍රාමාත්‍යවරයා කුමක් කියන්නේදැයි සයිබර් වාරණයෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවේ මහජනතාව බලා සිටිනු නිසැකය.  

23 වන දා නවදිල්ලියේ එරොසිටි හි දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන 5 වන ලෝක සයිබර් අවකාශ සමුළුවේ සමාරම්භක උත්සවයට ද වික්‍රමසිංහ මහතා සහභාගී වීමට නියමිත අතර මෙවර සමුළුවේ තේමාව වනුයේ  "සැමට සයිබර් : තිරසර සංවර්ධනය සඳහා ආරක්‍ෂිත හා පරිපූර්ණ සයිබර් අවකාශයක්" යන්නය.

සමුළුවට අමතරව නවදිල්ලියේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡාවන්ට සහභාගී වන වික්‍රමසිංහ මහතා ඉන්දීය ජනාධිපති ශ්‍රී රාම් නාත් කෝවින්ද් මහතා හමුවීමට ද නියමිතය.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද ශ්‍රී ලංකා දූත පිරිසට අයත් වෙති. 

---------------------------
by     (2017-11-21 12:59:19)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more