වවුනියාවේ මුස්ලිම් කඩයක ගින්න ගැන දෙමළ මුස්ලිම් ආරෝවක්..!

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.21, ප.ව.3.40) වවුනියාවේ දෙමළ ව්‍යාපාරිකයින් හා මුස්ලිම් ව්‍යාපාරිකයින් අතර 20 දා රාත්‍රියේ  සිට  හටගෙන තිබෙන මත ගැටුම මේ දක්වා හමාර වී නොමැත.

මුස්ලිම් ව්‍යාපාරිකයින් කියා සිටින්නේ 20 දා අළුයම වවුනියාව ජුම්මා මුස්ලිම් දේවස්ථානය අසල පිහිටි වෙළෙද සැල් පෙල ගිණි ගන්නා ලද්දේ කිසිවෙකු විසින් එල්ල කරණ ලද පෙට්ට්‍රල් බෝම්බ ප්‍රහාරයක් නිසා බවයි.

මේ ක්‍රියාවට එරෙහිව විරෝධය පල කිරීම සදහා 21 දා වවුනියාව නගරයේ වෙළෙද සැල් වසා දැමීමට අවශ්‍ය බව වවුනියාව වෙළෙද සංගමයට 20 දා රාත්‍රියේ මුස්ලිම්  ව්‍යාපාරිකයින් දැණුම් දී ඇතත් ඊට වෙළෙද සංගමය එකග වී නොමැත.

වවුනියාව වෙළෙද සංගමයේ නිලධාරීන් හා සාමාජිකයින් බහුතරය දෙමළ ජාතිකයින් නිසා මුස්ලිම් ව්‍යාපාරිකයින්ට සිදු වූ මේ අසාධාරණය වෙණුවෙන් ඔවුන් පෙනී නොසිටින බව මුස්ලිම් ව්‍යාපාරිකයෝ කියා සිටිති.

වෙළෙද සංගමය කියා සිටින්නේ විරෝධතාවයට වවුනියාව නගරයේ වෙළෙද සැල් වසා දමන්නේනම් ඒ සම්බන්ධයෙන් මුලින්ම පොලීසියට දැණුම් දී අවසරයක් ලබා ගත යුතු බවයි.

මේ තත්ත්වය පිළිගැනීමට අකමැත්තක් දක්වන වවුනියාවේ මුස්ලිම්  ව්‍යාපාරිකයින් කියා සිටින්නේ එළෙද සංගමය මේ වසර තුල පවත්වන ලද හර්තාල් දෙකටම ඔවුන් පොලීසියෙන් අවසර ලබා නොගත් බවයි.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරණමෙන් ඉල්ලා එක් වරක් ද යුද සමයේදී අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් සාධාරණය ඉෂ්ඨා කරණ මෙන් රජයට බල කරමින් තවත් අවස්ථාවකදීද වෙළෙද සංගමය වවුනියාව නගරයේ හර්තාල් ව්‍යාපාරයක් දියත් කලේ පොලීසියේ අවසරයකින් තොරව බව මුස්ලිම් ව්‍යාපාරිකයෝ පවසති.

දෙමළ ජනතාවගේ ප්‍රශ්න වෙණුවෙන් පවත්වන ලද සෑම හර්තාලයකදීම වවුනියාව නගරයේ මුස්ලිම් ව්‍යාපාරිකයින් සිය වෙළෙද සැල් වසා දමා ඔවුන් සමග එකතු වී විරෝධය පල කළද මුස්ලිම් ව්‍යාපාරිකයින්ට සිදු වූ මේ අසාධාරණයේදී වෙළෙද සංගමය මුස්ලිම් ව්‍යාපාරිකයින්ට සහය නොදක්වන්නේ  ජාතිවාදී ස්වරූපයකින් බව ඔවුහු කියා සිටිති.

මුස්ලිම් පල්ලියට යාබදව පිහිටි වෙළෙද සැල් පෙලට ගිණි ඇවිලීම නිසා එක් වෙළෙද සැලක් සම්පූර්ණයෙන්ම දැවී විනාශ වූ අතර තවත් වෙළෙද සැල් දෙකකට සුළු හානි සිදුවිණි.

මෙම ගින්නට හේතුව පෙට්ට්‍රල් බෝම්බ ප්‍රහාරයක් බව මුස්ලිම් වෙළෙන්දන් ප්‍රකාශ කරණ නමුත් පොලිස් පරීක්ෂණ තවමත් අවසන්ව නොමැති නිසා පොලීසිය ඒ පිළිබදව මෙතෙක් ස්ථිර නිගමනයකට පැමිණ නොමැත

මේ ගිණිගැනීමෙන් පසුව එම වෙළෙද සැල් පෙල තවමත් වසා දමා ඇති අතර ඊට පොලිස් ආරක්ෂාවද යොදවා තිබේ.

ඡායාරූප වලින් දැක්වෙන්නේ එම වෙළෙද සැල් ගිනි තබා තිබූ ආකාරයත් දැන් වසා දමා ඇති අන්දම හා ඊට පොලිස් ආරක්ෂාව යොදා ඇති ආකාරයයි.

දිනසේන රතුගමගේ

---------------------------
by     (2017-11-21 10:13:40)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

ඇයි අනිත් කඩ ගින්නට අහුවෙලා නැත්තෙ?
-- by රත්න on 2017-11-21

මට පේන හැටියට පල්ලියට තමයි මේ කඩ ලොකු අවහිරයක් වෙලා තියෙන්නෙ....!
-- by asad on 2017-11-21

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more