“කඩා වැටුනු රටක් ගොඩ ගැනීමට මා එදා ගත් තීන්දුවේ වරදක් නෑ; අදටත් එය ක්‍රියාත්මක කරනවා“ - ජනාධිපතිගේ කොමිසමයම ඉදිරියේ අගමැති ඍජුව සාක්කි දෙයි

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.21, පෙ.ව‍‍‍‍.4.00) ඒ අවස්ථාවේදී ගත යුතුව තිබූ නිවැරදිම සහ හොඳම තීන්දුව රටේ ආර්ථිකය වෙනුවෙන් ගත්තේයැයි ද එහි කිසිදු ප්‍රශ්නයක් හෝ දෝෂයක් නැතැයි ද කඩා වැටී තිබු ආර්ථිකය යළි ගොඩනැංවීමේ වගකීම භාරගත් තමා එම වගකීම අදටත් නොපිරිහෙලා ඉටු කරමින් සිටින බව ද ජනාධිපතිවරයාගේ බැඳුම්කර කොමිසමයම ඉදිරියේ සාක්ෂි දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

ඔහු මෙසේ කියා සිටියේ බැඳුම්කර කොමිසමයම ඉදිරියේ  සිද්ධිය සම්බන්ධයෙන් සාක්කි ලබාදීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) උදැසන එය හමුවේ ස්වේඡාවෙන්ම පෙනී සිටී අවස්ථාවේදීය.

එහිදී අදාළ විමර්ශන කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා සහාය පළ කරමින් රටේ අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කොමිසමයම හමුවේ පෙනී සිටිමින් සාක්කි ලබාදීම අගය කළ යුතු යැයි ද ඊට ස්තූතිය පළකරන බවද බැඳුම්කර කොමිසමයමේ විනිසුරුවෝ අගමැතිවරයාට පැවසූහ.

කොමිසමයම හමුවේ  ස්වේඡාවෙන්ම පෙනී සිටී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම කොමිසම ඇසු සියලු ප්‍රශ්නවලට ඍජු පිළිතුරු ලබා දුන්නේය. සාක්ෂි ලබා ගැනීම සඳහා නීතිපතිවරයා පැමිණ සිටියේ ය. 

ජනාධිපති කොමිසමයම හමුවේ සාක්කි ලබාදීම සඳහා උදෑසන 9.45 ට පමණ පැමිණි රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරන  මැති ඇමතිවරුන් විශාල පිරිසක් පැමිණ සිටීම විශේෂ සිද්ධියක් විය.

ආරම්භයේදීම සභාපති විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතා සඳහන්කළේ අගමැතිවරයාට කොමිසම ඉදිරියට පැමිණීමට බලපෑමක් නොකළ බවත් එහෙත් අගමැතිට යොමුකර තිබූ විමසීම්වලට සාක්ෂිදීමට ඔහු පැමිණෙන බව දැනුම් දුන් බවයි.

චිත්‍රසිරි මහතා ප්‍රථමයෙන්ම අගමැතිවරයාගෙන් අසනු ලැබුවේ බැඳුම්කර ගිවිසුම් අත්සන්කර මුදල් ලබාගැනීමට තිබූ අවශ්‍යතාවය පිළිබඳව ය. නව රජය පත්කර මාස දෙකකට පසු මෙම බැඳුම්කර අත්සන් කර ඇති බවත් 2015 පෙබරවාරි වෙන්දේසිය තුළින් රුපියල් බිලියන 10.5ක් උපයා ඇති බවත් අගමැති පැවසීය. 2015 මාර්තු 02 වැනිදා වනවිට මහා භාණ්ඩාගාරයට බිලියන 13.5ක අවශ්‍යතාවයක් තිබූ බව කියද්දී අමතරව තවත් බිලියන 15 ක අවශ්‍යතාවයක් පිළිබඳව විනිසුරු චිත්‍රසිරි විමසීය.

එවිට අගමැති වරයා කියා සිටියේ ඒ දෙක වෙන වෙනම අවශ්‍යතාවයන් දෙකක් බවත් පසුගිය රජය කොන්ත්‍රාත්කරුවනට විශාල මුදලක් ගෙවීමට තිබී ඇති බවත් අයවැය වාර්තාවලට පිටතින් එම ගෙවීම් සිදුකිරීමට තබා තිබූ බවයි. එහෙත් එම ගෙවීම් කොන්ත්‍රාත්කරුවනට ගෙවන්නේ කෙසේදැයි පසුගිය රජය සඳහන්කර නොතිබූ බව පැවසූ අගමැති වරයා තවමත් එම සමාගම් අදාළ ගෙවීම් කරන ලෙස විටින්විට ඉල්ලා සිටින බව කීය. උදාහරණ ලෙස 2013 - 2014 සිදුකළ වැඩවලට සිංගප්පූරු සමාගමක් මේ වනවිටත් මුදල් ඉල්ලන බව ද පැවසීය. මේ සම්බන්ධව බලධාරීන් දැනුවත්වී නැති බව කී අගමැතිවරයා පසුගිය රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සීමාවන්වලින් බේරීමට මෙවැනි ගණුදෙනු කර ඇති බව හෙළි කෙළේය. පසුගිය රජය විසින් සිදුකළ එවැනි රැවටීම් රැසක් අගමැති වරයා කොමිසමයම හමුවේ හෙළිදරව් කෙළේය. 

කොමිසමයම හමුවේ සාක්කි දීමෙන් අනතුරුව මාධ්‍ය ඇමැතූ අගමැතිවරයා “තමන්ට සැඟවීමට කිසිත් නොමැති බවත් වැරදි සහ අඩුපාඩු සිදු විය හැකි වුවත් යහපාලනය ඉදිරියටම ගෙන යන බව“ තිරසාරව ප්‍රකාශ කෙළේය. 

---------------------------
by     (2017-11-20 23:53:38)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

Which of two, forty two, fifty, 73 or 86 is the highest?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more