රට අගෞරවයට පත් කළ, නීතිය නොදත් ‘පච්ච ෆෝබියා‘ නඩුකාරයා රස්සාවෙන් එළවන්න..! රාජ්‍යය සමාව ගන්න..! -ලෝක ප්‍රසිද්ධ නීතිවේදියා බුදුපච්ච නඩුව ගැන කියයි (Video)

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.20, පෙ.ව‍‍‍‍.11.40) බුදුරුවක් බාහුවේ පච්ච කොටාගෙන ආ බ්‍රිතාන්‍ය ජාතික නයෝමි මිචෙල් කෝල්මන් මහත්මිය ලංකාවෙන් පිටුවහල් කිරීම නීති විරෝධී යයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර පොලිස් නිලධාරීන්ට දඬුවම් දුන්නද එම බහුබූත තීන්දුව දුන් මහේස්ත්‍රාත්වරයාට කිසිදු දඬුවමක් නොදීම සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් මතුකළ ප්‍රශ්ණය ලෝක ප්‍රසිද්ධ මානව හිමිකම් නීතිවේදියෙකු වන ආසියානු මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතාද නගමින් ඔහු අවධාරණය කරන්නේ තම නීති වපසරිය නොදැන රට අගෞරවයට පත් කළ එකී මහේස්ත්‍රාත්වරයා වහාම ධූරයෙන් පහකළ යුතු බවයි. මන්ද යත් යමෙක් රටින් පිටුවහල් කිරීමට මහේස්ත්‍රාත්වරයෙකුට බලයක් නොමැති බව හෝ ඔහු නොදැන සිට ඇතැයි ද වින්දිත කාන්තාව කී දේ පවා භාෂාව නොදැනීමෙන් ඔහුට තේරුම් ගොස් නැතැයිද බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි.  

එපමණකින් නොනවතින බැසිල් ප්‍රනාන්දු නීති විද්වතා පවසන්නේ ශ්‍රී ලංකාවේ රජය මෙම නඩු තීන්දුව පාදක කරගෙන එකී බ්‍රිතාන්‍ය කාන්තාවගෙන් සහ එම රජයෙන් සමාව ඉල්ලිය යුතු බවයි. පොලිස් නිලධාරීන් ඇතුළුව නඩුකාරයා සේවයෙන් පහකළ යුතු යැයි කියන බැසිල් ප්‍රනාන්දු මහතා එ් සඳහා මහජන මතයක් ඇති කළ යුතු බවද කියයි. 

තමන්ට හිමි යුක්තිය ඉල්ලා සටන් කරන්නේ නැති ජනතාවක් වේ නම් එම ජනතාව අයුක්තියට යටත්ව ජීවත් වීමට පුරුදු විය යැයි කියන බැසිල් ප්‍රනාන්දු මහතා ජනතාවට බරපතල අනතුරු ඇඟවීමක් කරයි 

බැසිල් ප්‍රනාන්දු මහතාගේ ඓතිහාසික ප්‍රකාශයට පහතින් සවන් දෙන්න
(ස්තූතිය අයිතියට) 

සබැඳි පුවත
බුදු පච්චය දිනයි: උද්ධච්ඡයන්ගේ පිච්චියෙන් වන්දි ගෙවන්න වෙයි..! නීති විරෝධී තීන්දුව දුන් මහේස්ත්‍රාත්ට කිසිදු දඬුවමක් නෑ 

---------------------------
by     (2017-11-20 19:43:35)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

නඩු නැතිව අතන මෙතන ලගිමින් සිට, කාගේ හෝ පස්සක් ලෙවකමින් ,එහෙම නැත්නම්,කාට,හෝ, වේසකමක් කරලා නඩුකාරකම් ගත්,අදක්ෂම නීතිඥයින් ,පට්ටවේසියන්ගෙන් පිරුන මේ මහේස්ත්‍රාත් සේවය ගැන කතා කිරීමම පිස්සුවකි. මුන්ගෙන් බොහොමයකට ඉංග්‍රීසි තියා සිංහලවත් හරියට බැරිය. ඉහලින් එන කෝල් වලට අනුව ඇප දෙන, මුන් පට්ට ලොක්කන් වී සිටින්නේ අධිකරණ සේවා කොමිසන් සභාව ,මුන්ගේ අපචාර,අල්ලස් ,දුෂණ ගැන කිසිම විභාගයක් නොකරන නිසාවෙනි. පොලිස් කාරයින්ගෙන් කන බොන, මුන් දියුණු රටක නම් උසාවියක කක්කුස්සියක්වත් හෝදන්ට ගන්නේ නැත.
-- by Kushika on 2017-11-21

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more