කුමන හේතුවකටවත් කුමන අවස්ථාවකවත් නීතිපතිතුමා සිරිකොතට කැඳවා නෑ: අපි කිසිවිටෙක තනතුරු හෑල්ලුවට ලක් කරන්නේ නෑ -අධිකරණ ඇමැතිනිය

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.20, ප.ව‍‍‍‍.6.00) අධිකරණ අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ අද (20) පාර්ලිමේන්තුවේ පැවැති කාරක සභා විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා සඳහන් කළේ පසුගියදා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සඳහා නීතිපතිතුමා කැඳවා ඇති බවයි.

සිසිර ජයකොඩිගේ ප්‍රකාශය කිසිසේත් සත්‍ය නොවන බවත් එය පදනම් විරහිත බවත් කුමන හේතුවක් නිසාවත් නීතිපතිතුමා සිරිකොත පක්ෂ මූලස්ථානයට හෝ වෙන කිසිදු ස්ථානයකට හෝ කැඳවීමක් සිදු නොකළ අතර අඩුම තරමේ තමන්ගේ නිවසේදීවත් නිතීපතිතුමා මුණ නොගැසුනු බවත් කිසිවිටෙක තනතුරු හෑල්ලුවට ලක් කිරීමට කටයුතු නොකරන බවත් අධිකරණ අමාත්‍යවරිය තලතා අතුකෝරාල මහත්මිය පිළිතුරු ලෙස සඳහන් කළාය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය සඳහන් කළේ නීතිපතිතුමා වැනි රටේ ස්වාධීන අයෙකු පිළිබඳව මෙසේ ප්‍රකාශ කිරීම ගැන තමන් කණගාටු වන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා විසින් පුවත් පතක වාර්තා වූ ප්‍රවෘත්තියක් පදනම් කර ගෙන මෙම ප්‍රකාශය සිදු කළැයි කී නමුත් එම පුවත් පතේ එවැනි කිසිදු කරුණක් පිළිබඳව සඳහන් නොවේ. 

---------------------------
by     (2017-11-20 12:38:02)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more