අගමැති බැඳුම්කර කොමිසමයම ඉදිරියට: කොමිසම තුල සිදුවන දෑ නිවසේ සිට සජීවීව නැරඹීමට මෛත්‍රී රහසිගත කැමරා සවිකරලා

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.20, පෙ.ව‍‍‍‍.11.10) බැඳුම්කර කොමිසම ඉදිරියේ සිදුවන සියළු දෑ සජීවීව ජනාධිපතිවරයාට ඔහුගේ නිවසේ සිට නැරඹීමට රහසිගත කැමරා සහ මයික්‍රෆෝන සවිකර ඇතැයි ද ජනාධිපතිවරයා ‘බැඳුම්කර කොමිසමයම‘ ටෙලි නාටකය තම නිවසේ සිට නරඹමින් සතුටු වන බවද  ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. 

මේ නිසාම බැඳුම්කර කොමිසම ඉදිරියේ තරු බවට පත්වීමට තැත් දරණ තප්පුලන්නන් නිතරම ක්‍රියා කරන්නේ ජනාධිපතිවරයා සතුටු වන ආකාරයට තම රඟපෑම් ඉදිරිපත් කිරීමට බවද දැන ගන්නට තිබේ. 

කෙසේ වෙතත් අද නිදහස් ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වරට තනතුර දරද්දී අගමැතිවරයෙකු කොමිසමක් ඉදිරියේ සාක්කි දීම සඳහා ඉදිරිපත් වී තිබේ. ඒ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ය. මිට පෙර කොමිසම විසින් රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිඛිතව ඉදිරිපත් කරන ලද ප්‍රශ්නාවලියකට ඔහු ලිඛිතව පිළිතුරු යවා තිබිණ. අද බැඳුම්කර කොමිසම ඉදිරියේ පෙනී සිටින අගමැතිවරයාගෙන් ප්‍රශ්න කිරීම සඳහා නීතිපතිවරයාම පෙනී සිටින බව වාර්තා වේ.

වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකයා ලෙසද වරක් චන්ද්‍රිකා යුගයේ දී ‘බටලන්ද කොමිසම‘ නමින් ක්‍රියාත්මක වූ  කොමිසමක් ඉදිරියේ ද නොපැකිලව සාක්කි දුන්නේ ය. එම කොමිෂන් වාර්තාවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු චෝදනාවක් එල්ල නොවූ අතර කොමිෂන් වාර්තාව අනුව කිසිවෙකුට නඩු පැවරීමට තරම් කරුණු තිබුනේ ද නැත. නමුත් ඒ කාලය පුරා රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගැසූ මඩ කන්ද තවමත් තැන තැන ඉතිරි වී තිබේ.

ජනාධිපතිවරයා බැඳුම්කර අලෙවිය ගැන සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කරද්දී කිසිවෙකු විරුද්ධ වූයේ නැත. ජනතාව සිතුවේ අතීතයේ සිට සිදුවූ අක්‍රමිකතා ගැන සොයනු ඇත කියා ය. බැඳුම්කර අලෙවියකදී සිදුවිය හැකි අක්‍රමිකතා සොයා බැලීම සඳහා යැයි කියා පත් කරන ලද නමුත් අද වන විට ජනාධිපතිවරයාගේ බැඳුම්කර කොමිසම කොමිසමයක් බවට පත්ව එය තමන්ට විරුද්ධ එජාප දේශපාලකයන්ට මඩ ගසන මඩ වලක් පමණක් වී ආරම්භක අරමුණු වලින් බොහෝ ඈතට ගොස්  තිබේ. ඊට උදාහරණ අනන්තය අප්‍රමාණය. ප්‍රධාන කිහිපයක් නම්,

1)  පර්පෙචුවල් සමාගම අදාල බැඳුම්කර මිලදී ගැනීමේ දී අයුතු ලාභයක් ලැබුවාද කියා සෙවීම සඳහා නිසැක වශයෙන්ම ඔවුන් පසුගිය ආණ්ඩුකාලයේ දී කරන ලද ගනුදෙනු ගැන සොයා බැලීම අත්‍යාවශ්‍ය කාරණයක් වුවද එය සිතා මතාම මග හැරියේ ය. 

2) පසුගිය ආණ්ඩු කාලයේ දී පර්පෙචුවල් සමාගම එකල මහ බැංකු අධිපති කබ්රාල්ගේ සොයුරියක් තම සමාගමේ අධ්‍යක්ෂක වරියක් ලෙස පත් කර ගෙන සිටි අතර කබ්රාල් ඉවත්වීමත් සමග සොයුරියද සමාගමෙන් ඉවත් විය. ගණුදෙනුවකදී එ් තරම් ලබැඳියාවන් භාවිතා කිරීමක් තවත් තිබිය නොහැකිය. එකී සොයුරිය කොමිසම ඉදිරියට කැඳවිය යුතුම වුවද කොමිසම සිතා මතාම මග හැරියේය.

3) පර්පෙචුවල් සමාගම මෙම බැඳුම් කර අලෙවියේදී ලබාගෙන තිබුනේ සියයට 60 ක කොටසක් වූ අතර ඉතිරි සියයට 40 ලබාගෙන තිබුනේ වෙනත් සමාගම්ය. පර්පෙචුවල් විසින් අයුතු ලාභයක් ලැබුවාද කියා සෙවීමට නම් නිසැක ලෙසම අනෙකුත් සියයට 40 ගණුදෙනු කළ සමාගම් සමග සසඳා බැලිය යුතුම වුවත් ඒ කිසිදු සමාගමක් කොමිසම ඉදිරියට සිතා මතාම කැඳවූයේ නැත.

4) රජය සමග ගණුදෙනුවකදී පුද්ගලික සමාගමක් ලැබිය යුතු ලාභය කුමක්ද? අයුතු ලාභය කුමක්ද ? සීමාව කොතැනකද? යන්න විවාදාසම්පන්න කාරණයකි. පුද්ගලික සමාගමක් ලාභ ලැබීම අපරාධයක් නොවේ. පුද්ගලික සමාගම් තිබෙන්නේ පාඩු විඳින්නට නොවේ ලාභ ලබන්නට ය. අපරාධයක් විය යුත්තේ රජයට පාඩුවක් කරමින් ලාභ ලැබුවේ නම් පමණිය. කොමිසම ඒ ගැන සොයනවාට වඩා සොයා යන්නේ වෙනත් මඩ කරුණුය. ඊට හොඳම උදාහරණය නම් පර්පෙචුවල් සමාගමේ ප්‍රධානියා දේශපාලනඥයන් සමග කළා යැයි කියන දුරකථන ඇමැතුම් ගණන් කොමිසම විසින් ඉදිරිපත් කිරීමයි. දුරකථන ඇමැතුම් සංඛ්‍යාවකින් ගණුදෙනුවක ලාභ සෙවීමේ ආර්ථික විද්‍යා ක්‍රමවේදයක් තවමත් ලෝකයා සොයා ගෙන නැති නමුත් ජනාධිපතිගේ බැඳුම්කර කොමිසම එවැන්නක් සොයා ලබන වසරේ ආර්ථික විද්‍යාවට උරුම නොබෙල් ත්‍යාගය ලබා ගැනීමට වෙර දරනවා විය යුතුය. නමුත් එහිදීද කොමිසම  සිතා මතාම පර්පෙචුවල් ලොක්කා විපක්ෂ දේශපාලනඥයන්ට ලබා ගත් දුරකථන ඇමැතුම් ගණන සඟවා කෝප් කමිටුවේ එජාප සාමාජිකයන් වෙත පමණක් ලබා ගත් දුරකථන ඇමැතුම් හුවා දක්වයි.  ඉන් කොමිසමේ අරමුණ පැහැදිලිය. උදාහරණයක් ලෙස අජිත් පී. පෙරේරාට ගත්තා යැයි කියන එකම එක දුරකථන ඇමැතුමේ කාලය මිනිත්තු 0 කි. අජිත් ඔහුට ලබා ගත්තා යැයි කියන දුරකථන ඇමැතුමේ කාලයද මිනිත්තු 0 කි. ඉතා හොඳින් ඉන් පෙනී යන්නේ මිස් කෝල් එකකට ආපිට ඇමැතුමක් ගත් බවය.  නමුත් එය හුවා දක්වා අජිත් පී. පෙරේරාට මඩ ගසන කොමිසම පර්පෙචුවල් ලොක්කා මහින්ද රාජපක්ෂට ලබා ගෙන ඇති 800 කට අධික දුරකථන ඇමැතුම් ගණන සඟවයි. මෛත්‍රීපාල සිරිසේන පර්පෙචුවල් ලොක්කාට යවා ඇති 6 ක් වූ එස්එම්එස් පණිවුඩ ගණන සඟවයි. ඒ ඇයි? 

මේ අනුව සිරිසේන ජනාධිපති තමාගේ බැඳුම්කර කොමිසම  දේශපාලන මඩ කොමිසමයමක් බවට පත් කිරීම නිසා ඉදිරියේ කවර නම් ජනාධිපතිවරයෙකු විසින් පත් කරන කොමිසම් කෙරෙහි පවා ජනතාව විශ්වාස නොකරන තත්ත්වයක් උද්ගත වීම වැලැක්විය නොහැකිය.   

---------------------------
by     (2017-11-20 06:17:06)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

Why not e news not talking about Colombo University fake bogus PhD factory and family Dept and its fake professors. Why not starting campaigns to cancel Emiritus Prof. position given to grand father world class robber.
-- by Nawodha on 2017-11-20

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more