ගිංතොට සිද්ධිය ගැන අභ්‍යන්තර වාර්තාවක්..!

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.20, පෙ.ව‍‍‍‍.9.40) පසුගියදා ගිංතොට ප්‍රදේශයේ ඇති වූ කල කෝලාහල වලින් නිවාස 74 ක් ගල් ප්‍රහාර වලින් අලාභ හානි වී ඇති අතර කිසිදු නිවසක් ගිනි තබා නොමැත. වෙළඳසැල් 8 ක් ගිනි ගෙන විනාශ වී ඇත. මෝටර් සයිකලයක්, ත්‍රීවීලරයක්, ඩිමෝ බට්ටා වාහනයක් ඇතුළු වාහන 8 ක් ගිනි තබා ඇත. 

ගල් ප්‍රහාර වලින් තුවාල වූවන් 20 ක් පමණ රෝහල් ගත කර ඇති අතර එහිදී දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂනයක් වන්නේ තුවාල කරුවන් කිසිවෙකුත් අදාල ප්‍රදේශයේ පදිංචි කරුවන් නොවීමයි. එනම් කෝලාහල කිරීමට පැමිණ ඇත්තේ පිටතින් බවයි.  

කෝලාහලකරුවන් ලෙස හඳුනාගත් 20 ක් දැනට පොලිස් අත් අඩංගුවට ගෙන ඇති අතර ඉන් 16 ක් එක් ජනවර්ගයකට අය වන අතර 4 ක් තවත් ජන වර්ගයකට අය වෙති. 

සිද්ධියට මුල් වී ඇත්තේ රිය අනතුරු දෙකක් වුවද ගැටුම් අරඹා ඇත්තේ පාලක ප්‍රධාන දේශපාලන පක්ෂයකට අයත් ප්‍රාදේශීය දේශපාලන නායකයෙකි.  ඔහුද මේ වන විට පොලිස් අත් අඩංගුවේ පසුවේ. පළාත් පාලන ඡන්දයක් ලඟ එන බැවින් ප්‍රාදේශීය දේශපාලන නායකයෝ වීරයෝ වීමට තැත් කරති.  ජනතාව කුපිත කළ අසල පන්සලක සිවුරුකරුවන් අත් අඩංගුවට පත් තම ඇම්බැට්ටයන් බේරා ගැනීම සඳහා දත කන බව වාර්තා වේ. 

කුඩා රිය අනතුරු දෙකක් කෝලහාල තත්ත්වයක් දක්වා වැඩි දියුණු වීමට ගාල්ල පොලිසියේ නිද්‍රාශීලී භාවය හේතුවක් වී තිබේ. මුලදීම සියළු පාර්ශවයන්ට සමානව නීතිය ක්‍රියාත්මක නොකිරීම ඊට හේතුවයි. 

මේ වන විට ප්‍රදේශය සන්සුන් වී ඇති අතර විශේෂ කාර්ය බලකාය දිගින් දිගටම ජනතාවට ආරක්ෂාව සලසයි. පීඩාවට පත් ජනතාව පොලිසිය විශ්වාස නොකරන තත්ත්වයක් මතුවී ඇති අතර විශේෂ කාර්ය බලකාය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇත. 

මේ අතර ඊයේ අගමැතිවරයාගේ සංචාරයෙන් පසු අලාභහානි වලට රජය වන්දි ගෙවන බව ප්‍රකාශ කිරීමත් සමග කෝලාහල සිදුවීම් වලින් නොවී වෙනත් හේතු මත විවිධ අලාභහානි සිදුවූ පුද්ගලයන් රජය නොමග යවා වන්දි ලබා ගැනීමට දැනටම කැස කවමින් සිටින බවත් ඊට ප්‍රදේශයේ දේශපාලන නායකයෙක් උඩ ගෙඩි දෙන බවත් වාර්තා වේ. 

කෙසේ වෙතත් මෙම සංචාරයේ දී අගමැතිවරයා කිසිදු ආගමික ස්ථානයකට නොගොස් විපතට පත් දෙපාර්ශවයේම ජනතාව පමණක් හමුවීම ගැන මධ්‍යස්ථ මතධාරීහු අගය කරති. 

(ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තාවකි)

---------------------------
by     (2017-11-20 04:16:20)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more