වවුනියාව මුස්ලිම් වෙළඳ සැලකට අද පාන්දර ගිනි තියලා: යාබද පල්ලියේම වැඩක්දැයි සැකයක්

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.20, පෙ.ව.9.00) වවුනියාව නගරයේ ජුම්මා මුස්ලිම් පල්ලියට යාබදව පිහිටි වෙළෙඳ සැල් පෙලක 20 දා අළුයම 1 ට පමණ ඇතිවූ ගින්නකින් එක් වෙළෙද සැලක් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇති අතර තවත් වෙළෙඳ සැල් දෙකකට සුළු අලාභ හානි සිදුව තිබේ.

විනාශ වූ වෙළෙඳ සැල අයත් ව්‍යාපාරිකයා කියා සිටියේ තමන් වෙළෙද සැල වසා දමා පල්ලිය තුල නිදාගෙන සිටියදී පිපුරුම් ශබ්දයක් ඇසුණු බවයි. පැමිණ බලන විට වෙළෙඳ සැල ගිණි ගෙන විනාශ වන අයුරු දුටු බවත් යම් අයෙක් පෙට්‍රල් බෝම්බයක් වෙළෙඳ සැලට එල්ල කළ බව විශ්වාස කරණ බවත් පැවසීය,

මේ පිළිබදව පරීක්ෂණ පවත්වන වවුනියාව පොලීසිය කියා සිටියේ බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ බවට තවමත් සාක්කි ලැබී නොමැති බවයි.

ගින්නට හේතුව කුමක්දැයි තවමත් පරීක්ෂණ පවත්වාගෙන යන බවද පොලීසිය කියා සිටියේය.

මෙම ගින්නට හසු වී ඇත්තේ ගමන් මළු අලෙවිකරණ හා ගමන් මළු අළුත්වැඩියා කරණ වෙළෙඳ සැලකි.

වවුනියාව නගරයේ මුස්ලිම් වෙළෙන්දන් කියා සිටියේ ඉතා දීර්ඝ කාලයක සිට මෙම වෙළෙඳ සැල් මුස්ලිම් පල්ලියට අයිති නොමැති නිසා ඒවා ඉවත් කරණ මෙන් පල්ලියේ පාලක සභාව මෙම වෙළෙන්දන්ට නිතර නිතර දැණුම් දෙන බවයි.

මෑතකදීද වෙළෙඳ සැල් ඉවත් කර ගන්නා මෙන් දැණුම්දීමක් සිදුකොට තිබූ අතර වාරයේදී මෙම වෙළෙඳ සැල් පෙලට ගිණි ගැනීම සැකයට කාරණයක් බවද ඔවුහු කියා සිටියහ.

මෙම වෙළෙඳ සැල් පෙලෙහි වෙළෙඳ සැල් දාහතරක් පිහිටා ඇත.

මේ අතර තවත් පිරිසක් කියා සිටින්නේ ගාල්ලේ සිද්ධියත් සමගම වවුනියාවේද එවැනි සිද්ධියක් ඇති කොට මුස්ලිම් වැසියන් කුපිත කිරීමේ  අරමුණින් කිසියම් පිරිසක් මෙම කඩා කප්පල් කාරී ක්‍රියාවක් ලෙස මෙම වෙළෙඳ සැල් පෙලට ගිණි තබන්නට ඇති බවයි.

අළුයම  එකට පමණ මෙම සිද්ධිය සිදුවීමත් සමගම වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් කාදර් මස්තාන් මහතා පැමිණ කුපිතව සිටි මුස්ලිම් ව්‍යාපාරිකයින් සමග සාකච්ඡා කොට පොලීසියේ ඉහල නිලධාරීන්ට සිද්ධිය පිළිබඳව දැණුම් දී තිබේ.

වෙළෙඳ සැල හා ඒ අවට ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩි කොට තිබේ.

දිනසේන රතුගමගේ

---------------------------
by     (2017-11-20 03:37:03)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

58, seventy three, 30 or 78: the biggest is?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more