ඉන්දීය බෙහෙත් විශාල තොගයක් යාපනය වෙරළට ගොඩ ගසයි

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.19, ප.ව.8.25) යාපනයේ තොණ්ඩමානාරු ප්‍රදේශයේ ධීවරයින් පිරිසකට මුහුදේ පාවෙමින් ගොඩ ගසමින් තිබුණු ඉන්දීය බෙහෙත් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් 19 දා හමු වී ඇති අතර ඔවුන් ඒ පිළිබඳව පලාතේ ධීවර අධ්‍යක්ෂවරයාව දැණුවත් කොට තිබේ.

යාපනය ධීවර පරීක්ෂක කාර්යාල නියෝජ්‍ය අධ්‍යාක්ෂක එස්.ශිවකරන් මහතා කියා සිටියේ කිසියම් හේතුවක් මත ඉන්දීය ධීවරයින් පිරිසක් විසින් රැගෙන එන ලද මෙම බෙහෙත් ද්‍රව්‍ය තොගය ඔවුන් විසින් මුහුදට දමන්නට ඇති බවයි.

එම බෙහෙත් අඩංගු පාර්සල් වල සඳහන්ව ඇත්තේද ඉන්දියානු ලිපිනයන් කීපයකි.

යාපනය තොණ්ඩමන්ආරු, අක්කරෙයි, වලලායි සාගර සීමාවන්ගේ සෞඛ්‍ය අංශ භාවිතා කොට ඉවත් කළ අපද්‍රව්‍ය තොගයක් පාවෙමින් තිබියදී ධීවරයින්ට හමුවී ඇති බවට ධීවරයින් පැවසු බව ශිවකරන් මහතා පැවසීය.

අදාළ කසළ සහිත විශාල ඇසුරුම් කිහිපයක් මුහුදේ පාවෙමින් තිබූ බවට ධීවරයින් පවසා ඇති බවද ධීවර පරීක්ෂක කාර්යාල නිළධාරීන් පැවසූහ.

වීදුරු බෝතල්, බෙහෙත් විදින කටු ඇතුළු අපද්‍රව්‍ය මුහුදේ පාවෙමින් තිබු බවද ප‍්‍රදේශයේ ධීවර ජනතාව පැවසූහ.

ඉන්දියාවේ අපද්‍රව්‍ය සාගරයට දමා ඇති අතර, අදාළ අපද්‍රව්‍ය මෙරට සාගර කලාපයට පාවී පැමිණ ඇති බව යාපනය ධීවර ජනතාවගේ මතය යි.

අදාළ අපද්‍රව්‍ය වෙරළ ආරක්ෂාවට හා සාගරයේ ආරක්ෂාවට දැඩි හානියක් වන බවද ප‍්‍රදේශයේ ධීවර ජනතාව පැවසූහ.

යාපනය ධීවර අධ්‍යක්ෂකවරයා මේ පිලිබඳව යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය වෙත තොරතුරු දැණුම් දී ඇත.

(සේයාර‍ෑ වල ඇත්තේ බෙහෙත් අපද්‍රව්‍ය  සහ ඉන් වෙරළ විනාශ වී ඇති අයුරුයි)

සේයාරූ සහ වාර්තාව දිනසේන රතුගමගේ

---------------------------
by     (2017-11-19 15:00:29)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more