ආවා ගෘෘප් මෙහෙයුම ගැන පුවත් 3 ක් - ‘වැසියන් බියෙන්; සවස 6 න් පසුව නිකරුණේ ගැවසෙන ගැටව් අල්ලන්න‘ - යාපනේ පුරවැසි කමිටු පොලිසියෙන් ඉල්ලයි

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.19, ප.ව.5.30) යාපනයේ තැනින් තැන සවස් කාලයට රංචු ගැසී සිටින තරුණ කණ්ඩායම් නිසා යාපනයේ වැසියන් බියට පත්ව සිටින නිසා පස්වරු හයෙන් පසුව නිකරුණේ ගැවසෙන තරුණයින් අත් අඩංගුවට ගැනීමක් හෝ ඔවුන්ගෙන් ප්‍රශ්න කොට අනන්‍යතාවය තහවුරු කරගැනීමේ වැඩ පිලිවෙලක් හෝ සකස් කරණ මෙන් පොලීසියෙන් ඉල්ලා සිටීමට යාපනයේ දිස්ත්‍රික් පුරවැසි කමිටුව 19 දා තීරණය කොට තිබේ.

යාපනයේ දිස්ත්‍රික් පුරවැසි කමිටුව අද (19) රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත්තේ යාපනයේ දැනට පවතින භීෂණකාරී තත්ත්වය හේතුවෙන් යාපනයේ වැසියන් බියට පත්ව සිටීම හේතුවෙනි.

මෙවර යාපනයේ දිස්ත්‍රික් පුරවැසි කමිටු රැස්වීමට යාපනයේ ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරීන් කීප දෙනෙකුටද ආරාධනය කොට ඇති අතර ඔවුන් හරහා මෙම යෝජනාව ලිඛිතව පොලීසියට 20 දා ඉදිරිපත් කිරීමට තීරණය කොට ඇත.

යාපනයේ දිස්ත්‍රික් පුරවැසි කමිටුව කියා සිටින්නේ අවම  වශයෙන් යාපනයේ පවතින අවාසනාවන්ත තත්ත්වය පහව යන තුරු හෝ පොලීසිය මෙම රංචු ගැසී සිටින තරුණයින් ඉවත් කිරීමට පියවර ගත යුතුව ඇති බවයි.

යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ මේ අන්දමට හේතුවක් නොමැතිව රැඳී සිටි තරුණයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී  ඔවුන් ''ආවා ගෲප්'' කල්ලියේ සාමාජිකයින් බවට තොරතුරු හෙලි වුණේ මහජනතාවගේ උනන්දුව නිසා බව පවසන යාපනයේ දිස්ත්‍රික් පුරවැසි කමිටුව තමන්ගේ ඉල්ලීම පරිදි පොලීසිය යාපනයේ නිකරුණේ රංචු ගැසී සිටින තරුණයින්ගෙන් ප්‍රශ්න කරන්නේ නම් යාපනයේ අපරාධ සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරු රැසක්ම අනාවරණය කරගැනීමට හැකි වෙතැයි පොලීසියට යැවීමට සකස් කොට ඇති ඉල්ලීමේ ලිපියේ සඳහන් කොට තිබේ.

ආවා ගෘෘප් 11 ක් අද වන විට අල්ලයි

යාපනයේ මෙතෙක් සිදු වූ කඩු වලින් කපා ගැනීමේ සිද්ධීන් වලට සම්බන්ධ බවට සැක කෙරෙන සැකකරුවන් 11 දෙනෙකු 19 දා උදෑසන වන විට පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

උතුරු ප්‍රදේශය බාර ජෙයෂ්ඨ නියෝජ‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා ද මෙම අත් අඩංගුවට ගැනීම් වලදී සෘජුවම සහය වී ඇති අතර අත් අඩංගුවට පත් පුද්ගලයින්ගේ නිවෙස් කරාද නියෝජ්‍ය පොලිස් පතිවරයා සෙසු පොලිස් නිලධාරීන් සමග ගොස් ඉදිරි මෙහෙයුම් හා පරීක්ෂණ කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

යාපනය පුරාම මේ දිනවල සෑම අවස්ථාවකදීම සෝදිසි මෙහෙයුම් පැවැත්වේ

අත් අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 11 දෙනා යාපනය විනිසුරුවරයාගේ නිල නිවසට රැගෙන ගොස් ඉදිරිපත් කොට ඔවුන්ව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණ නියෝගයක් ලබාගැනීමට පොලීසිය කටයුතු යොදා තිබුණි.

ඡායාරූපයේ දැක්වෙන්නේ නියෝජ‍ය පොලිස්පතිවරයාද සෝදිසි මෙහෙයුමක නිරතව සිටිමින් උපදෙස් දුන් ආකාරය හා එවැනි ස්ථානයකට යාපනයේ මාධ්‍යවේදීන් පිරිසක්ද පැමිණ සිටි අවස්ථාවයි.

ආවා ගෘෘප් 2 ක් කොකුවිල් වලින් අල්ලයි

යාපනයේ කොකුවිල් ප්‍රදේශයේදී ''ආවා ගෲප්'' සාමාජිකයින් බවට සැක කෙරෙන තරුණයින් දෙදෙනෙකු පොලීසිය මගින් 18 දා රාත්‍රියේ අත් අඩංගුවට ගෙන තිබේ.

කොකුවිල් දුම්රිය ස්ථානය අසල සැකකටයුතු තරුණයින් දෙදෙනෙකු සිටින බවට  පොලීසියේ ජෙයෂ්ඨ නිලධාරියෙකුට ලැබුණු තොරතුරක් මත මේ දෙදෙනා අත් අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය  විසින් කරණ ලද මූලික පරීක්ෂණ වලදීම හෙළි වී ඇත්තේ ඔවු දෙදෙනා යාපනයේ ප්‍රදේශ දෙකකින් කඩු කිණිසි පෙන්වා ශබ්දවාහිනී යන්ත්‍ර හා දුරකතන තොගයක් සොරාගෙන ඇති බවයි.

මේ අනුව පොලීසියට දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව අත් අඩංගුවට ගත් තරුණයින් දෙදෙනා නියත වශයෙන්ම  යාපනයේ ක්‍රියාත්මක ''ආවා ගෲප්'' කල්ලිය සමග සබඳතාවයක් ඇති බවට යම් යම් තොරතුරු හෙළි වෙමින් පවතින බවද පොලීසිය සදහන් කරයි. යාපනය පොලීසිය සිද්ධිය  අත් අඩංගුවට ගත් තරුණයින් දෙදෙනාගෙන් ප්‍රශ්න කරගෙන යයි.

-දිනසේන රතුගමගේ විසිනි-

---------------------------
by     (2017-11-19 12:02:57)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more