තානාපති සේවයට යන්නේ විවේක ගන්න නම් ඔවුන් යැව්වේ කව්ද? වහාම යලි සිය රට නොකැඳවා තබා ගන්නේ අහවල් රෙද්දටද? -ජනාධිපති පිළිතුරු දිය යුතුයි

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.19, පෙ.ව‍‍‍‍.11.40) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පසුගිය 14 දා පැවැති  ගුණපාල මලලසේකර අනුස්මරණ උත්සවයට  ගිය සිරිසේන ජනාධිපති අපූරු ප්‍රකාශයක් කර තිබේ. වර්තමානයේ තානාපති සේවාවන්වල යෙදී සිටින බොහෝ දෙනා එම සේවාව යොදා ගෙන ඇත්තේ  විශ්‍රාම දිවිය විවේකයෙන් ගත කිරීම සඳහා යැයි ඔහු පවසා තිබේ. ගුණපාල මලලසේකර මහතාගෙන් පාඩම් උගෙන ගන්නැයිද හේ කියා ඇත.  මේක එයා කියන්නට පෙර අප බොහෝ අවස්ථාවලදී පෙන්වා දුන් සත්‍යයකි. එහෙත් ජනාධිපතිවරයා එසේ කියා සිටින්නේ එම පත්වීම් කරන ලද්දේ වෙන කවුරු හෝ පුද්ගලයෙකු විසින් බව අඟවමින් නමුත් මේ කියන උන් පත් කර ඇත්තේ ජනාධිපති විසින්ම වීම එක්තරා අන්දමකින් හාස්‍යය දනවන කරුණකි.  

අප දන්නා පරිදි මේ රජය යටතේ තානාපති කාර්යාල මහලු මඩම් බවට පත් කර ඇත්තේ සිරිසේන ජනාධිපතිවරයාය. ඔහු විසින් කරන ලද පත්කිරීම් කිපයකින් මෙය විවරණය කළ හැකියි. ඔහුගේ මැතිවරණය වෙනුවෙන් උදව් කළ ෂීසෙල් දේශයේ තානාපති ටිකිරි හේරත් ඉංග්‍රීසි අකුරක් නොදන්නා හොර මහාචාර්යවරයෙකි. ඔහු විසින් පත් කරන ලද කුප්‍රකට ඒ.එස්.පී ලියනගේ නූගත් කපටි තක්කඩි ව්‍යාපාරිකයෙකි. මහාචාර්ය කරුණාරත්න, තිස්ස විජේරත්න, රොහාන් පෙරේරා, කරුණාසේන හෙට්ටිආරච්චි, ගගන් බුලත්සිංහල ඇතුලූ 26 දෙනෙක් වයස්ගත වූවන් මෙන්ම රටට මෙලෝ වැඩක් කරන උන් නොවේ. ඒ නයින් බලන කළ විශ්‍රාමිකයන් විවේක ගැනීමට තානාපතිලා කරවීම නිසා මඩු වලිගයෙන් තලා ගත යුත්තේ  ජනාධිපති සිරිසේනම ය

සමහරු විවේක ගන්න පමණක් නොව ලිංගික සන්තර්පණය උදෙසා තනාපතිකම් කරන බව ඔහුට අමතක වී තිබේ. ස්ත්‍රී ධූර්තයෙක් වන බුද්ධි අතාවුද වැන්නවුන් තානාපතිලා කෙළේ ජනාධිපති සිරිසේන මිස වෙන කවුද? ලංකාවේ තානාපතිවරුන් පත් කිරීමට බලය ඇත්තේ ජනාධිපතිට පමණි. එසේ නම් ඔහු විසින් පත් කළ වුන් විවේක ගන්නා බව ඔහු දන්නේ නම් නැවත රටට ගෙන්වා නොගන්නේ අහවල් රෙද්දක් නිසාදැයි අපට අසන්නට සිදුව තිබේ. 

මේ අතර විදේශ සේවයේ නිලධාරීන් තානාපතිවරුන් ලෙස නම් කිරීම් ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති සිරිසේන දකුණු අප්‍රිකාව, රුසියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, කෙන්යාව හා සිංගප්පූරුවට තමන්ගේ මිනිසුන් දාන්නට යන්නේ විවේක ගන්වන්නද? හැට පැන්න තවත් 16 දෙනෙක් තානාපති කාර්යාලවල තානාපතිට පහළ නිලයන්ට පත් කරන්න සුදානම් වන්නේ විවේකය සඳහාද? නැතිනම් රෝගවලට බෙහෙත් ගන්නද?

එදා රාජපක්ෂලාට මෙන් අද සිරිසේන ජනාධිපතිට ද විදේශ සේවයේ සමහර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පෙන්වන්න බැරි බවක් දැන ගන්නට ඇත. මේ නිසා අවස්ථා කීපයක් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම් අනුමත කිරීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ. මේ ක්‍රියාදාමය යට තවත් කුමන්ත්‍රණයක් පවතී. එනම් විදේශ අමාත්‍යාංශයේ ඉතා කුප්‍රකට කාන්තා රත්නයක් විසින් තමන් සමග විදේශ සේවයට ඇතුලත් වූ පිරිස ඉහළ තැන්වලට දැමීමේ ක්‍රියාවලියක් දැන ගන්නට ඇත. මේ අනුව පාලන අංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ ජව්හාර් නැමැත්තා තමන් සමග විදේශ සේවයට ඇතුලත්වූ කණ්ඩායමේ සියල්ල තානාපති තනතුරුවලට පත්කරගැනීමට එදා සිටි ලේකම් චිත්‍රාංගනී වාගීෂ්වර පොළඹවා ගත් අයුරින් මෙකී කාන්තා රත්නයද කටයුතු කරන බව දැන ගන්නට ඇත.  ඒ අනුව ලන්ඩන් නුවර වසර හතරක් සේවය කර ඉංදියාවේ වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ කළ ලෙනගල නැමැත්තා නැවත වරක් වොෂිංටන් නුවරට පත් කර තිබේ. දැන ගන්නට ඇති අන්දමට අවිවාහයෙක් වන ඔහු මෙලෝ වැඩක් නොදන්නා නමුත් තවත් වැඩක් පමණක් දන්නා කෙනෙකි. ඒ අතර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පත් විය යුතු නිව්යෝර්ක් නුවර නියෝජ්‍ය තානාපති තනතුර කුප්‍රකට කාන්තාවගේ බලපෑම මත ගොත නිලධාරියෙක් වන සත්‍ය රොද්‍රිගෝ පත් කර තිබේ. මෙම පත්වීම තරමක ගැටලූ සහගත වන්නේ උපතින් යම් කිසි ගැටලූවක් ඇති මොහු වැඩියෙන් කථා කළ යුතු එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයා වශයෙන් පත් කිරීමයි. ඔහුට මීට වඩා ලෙහෙසියෙන් වැඩක් කළ හැකි තැනකට පත් නොකිරීම ගැන විදේශ අමාත්‍යාංශයේ බොහෝ දෙනෙක් මවිතය පළ කරති. මේ හා සමාන තවත් පත්වීම් 06 ක් සිදු කර තිබේ.
 
එසේ වුවත් දැනට වසර 02 සිට 04 දක්වා කාලයක් කොළඹ රැඳී සිටින බොහෝ නිලධාරීන් ගැන තැකීමක් කර නොතිබීම කණගාටුදායක තත්ත්වයක් බව විදේශ සේවා නිලධාරීන්ගේ අදහසයි. මේ බොහෝ නිලධාරීන් හිතාමතා කපා දමා තිබෙන බවක් දැන ගන්නට ඇත. මොවුන්ගේ නම් ජනාධිපතිවෙත ඉදිරිපත් කරද්දී රාජපක්ෂ යුගයේදී ඔවුන්ට එරෙහිව තිබූ අභූත චෝදනා ගැන සාරාංශයක්ද ඉදිරිපත් කර ඇත. ඒ අනුව රාජපක්ෂලාගේ මර්දනය තව දුරටත් ඉදිරියට ගෙන යමින් සිරිසේන ජනාධිපතිද මොවුන් කපා දමා තිබේ. 

එසේම එදා ඇමති ඩිලාන් පෙරේරාගේ ගෝලයන්ගේ නොපණත්කම් හෙළි කළ නිලධාරියෙක් ඩිලාන්ගේ ඉල්ලීම මත සිරිසේන ජනාධිපති විසින් කපා දමා තිබේ. මේ සියල්ලෙන්ම ප්‍රදර්ශනය කරන්නේ සිරිසේන ජනාධිපතිවරයා විසින් අද පවත්වාගෙන යනු ලබන්නේ රාජපක්ෂලාගේ වනචර ක්‍රියාවලියේම දිගුවක් බවයි. එබැවින් ගුණපාල මලලසේකරලාගේ නම් විකිණීමට ඔහුට කිසිදු අයිතියක් නැත. 

පරිවාරයා ලියයි

---------------------------
by     (2017-11-19 07:13:15)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  6 discussion on this news

මැටි ගොන් ගැනියෙක් ලන්ඩන් එවන්න සිරිසේන බල කරලා නේද ? ලසන්තගේ සහෝ ඔස්ට්‍ර්රේලියාවේ ගියේ සිරිසේන බල කරලා නේද ? Are getting mad pal ? We want to expose Ranil+Sirisena 's doggy works ! , You have lost your good name
-- by obe on 2017-11-19

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ!
-- by රසිරා on 2017-11-19

ලංකාවේ තානාපතිවරුන් පත් කිරීමට බලය ඇත්තේ ජනාධිපතිට පමණි. එසේ නම් ඔහු විසින් පත් කළ වුන් විවේක ගන්නා බව ඔහු දන්නේ නම් නැවත රටට ගෙන්වා නොගන්නේ අහවල් රෙද්දක් නිසාදැයි අපට අසන්නට සිදුව තිබේ.
-- by asad on 2017-11-19

මං මේ කල්පනා කරන්නෙ සිරිසේන රෙද්දක් ඇඳගෙනද කතා කරන්නෙ කියල!
-- by නිලී on 2017-11-20

තානාපති සේවෙත් බල්ලන්ටයි බැල්ලියන්ටයි ගිහින්!
-- by අයන්ති on 2017-11-20

මහින්ද කාලකන්නිය විනාස කරපු විදේශ සේවය සිරිසේන හරි මගට ගනීය කියල හිතුවෙ,.බලාගෙන යනකොට මේ මිනිහත් ඒ පාරෙම තමයි!
-- by guwer on 2017-11-20

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more