සිරිසේනගේ ‘නින්දිත‘ සුරතලා; තප්පුලන ලිවේරා සහ ‘ලිවේරා ගර්ල්ස්ලා‘ ගැන විමර්ශන සටහනක්..!

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.18, ප.ව‍‍‍‍.4.55) බැඳුම්කර කොමිසමේ විනිසුරුවරුන් දෙදෙනාම විසින් තම වසර 37 ක ජීවිත කාලයට දප්පුල ලිවේරා තරම් ‘නින්දිත හැසිරීමක්‘ තිබෙන නීතිඥයෙකු දැක නැතැයි කියා තිබියදීත් ජනාධිපති වරයා විසින් එකී ‘නින්දිතයා‘ වැඩ බලන නීතිපතිවරයා ලෙස පත් කරයි. තවමත් කොමිසමේ මඩ කටයුතු සඳහා ද භාවිතා කරයි. පහත දැක්වෙන්නේ ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය විසින් දප්පුල ලිවේරාගේ නින්දිත ක්‍රියා සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයක වාර්තාවකි. 

1. දප්පුල ලිවේරා රජයේ සේවයට කිසි සේත් නුසුදුසු මානසික රෝගියෙකි. උග්‍ර ලෙස විශාදය (depression) සහ ඕටිසම් සහලක්ෂණයෙන් පෙලෙන මොහු වෛද්‍ය සභාවකට (medical board)  යොමුකර රජයේ සේවයෙන් විශ්‍රාම ගැන්විය යුතු පුද්ගලයෙකි.  මෙම තත්වයන් නිසා අධිකරණ වලද, දෙපාර්තමේන්තුවේදීද, ඉන් පිටතද ඉතා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන මොහුට තමාව පාලනය කරගත නොහැක. පසුගියදා බැඳුම්කර කොමිසමේ විනිසුරුවරුන් දෙදෙනාගේ දැඩි අවවාද කිරීමට අමතර සිදුවීම් මේවාය.

 i. කීර්තිමත් විනිසුරු එෆ්. එන්.ඩී.  ජයසූරිය මැතිතුමා  විසින්  වරෙක දප්පුල ලිවේරා අධිකරණයේදී අශිෂ්ඨ නොහික්මුණ ලෙස හැසිරෙන බැවින් අධිකරණයේ ගරුත්වයට හානි වන බැවින් ඔහු තමන්ගේ අධිකරණයට නොඑවන ලෙස නීතිපති වරයාට නියෝග  කරන ලදී. 
 ii. තවත් වරෙක ලිවේරා රජයේ අධිනීතිඥ වරුන්ගේ සාකච්ඡාවකදී තමන්ට විරුද්ධව දිගටම අදහස් පළ කල රජයේ අධිනීතිඥ ශනිල් කුලරත්න හට සාකච්ඡාව මැද දී පහර දීමට උත්සාහ කරන ලද අතර පසුව අනෙකුත් නිලධාරින් විසින් ඔහුව වලක්වා තත්වය සමථයට පත්  කරන ලදී.

 2. දැඩි  ස්ත්‍රී  ලෝලියෙකු වන ලිවේරා හට මනා පෞර්ෂයකින් යුත් දක්ෂ පිරිමි අධිනීතිඥ වරුන් පෙන්නන්නට බැරිය. ලිවේරා නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ ප්‍රධානියා ලෙස පත්කළ පසු ඉන්දුනී පුංචිහේවා රජයේ අධිනීතිඥ වරිය සමග ප්‍රසිද්ධියේ අනාචාරයේ හැසිරෙන්නට පටන්ගත් අතර මේ බව දැනගත් නීතිපති මොහාන් පීරිස් ඉන්දුනී පුංචිහේවා බදුල්ලට මාරු කර හැරියේය. ඉන් අනතුරුව ලිවේරා නිතර නිතර බදුල්ල හා තදාසන්න ප්‍රදේශ වල අධීක්ෂණ චාරිකා වලට යන්නේ යයි කියමින් බදුල්ලේ රජයේ අධිනීතිඥ නිල නිවාසයේ බින්න බහින්නට පටන්ගැනීම නිසා මොහාන් පීරිස් විසින් බදුල්ල ලිවේරාගේ අධීක්ෂණයෙන් ඉවත්කරන ලදී. 

3. ලිවේරා පසුව ඉන්දුනී පුංචිහේවා කොළඹට ගෙන්වාගත් අතර දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ වැඩ කටයුතු සිදුවන්නේ ඉන්දුනී සහ ඇයගේ මිතුරියන් වූ නයෝමි වික්‍රමසේකර, නිශාරා ජයරත්න සහ ඉන්දිකා නෙළුමිනි යන අයගෙන් සමන්විත “ලිවේරා ගර්ල්ස් ” ලාට උවමනා ආකාරයට ය.

 4. ලිවේරා සමග නිතරම හෝටල් රෙස්ටුරන්ට්ස් ගානේ යමින් විනෝද වන මොවුනට අත  දිග හැර වියදම් කරන්නේ ජයරත්න මිනී පෙට්ටි මුදලාලිගේ මිනිපිරිය වන නිශාරා ජයරත්න වන අතර මේ ‘ලිවේරා ගර්ල්ස්ලාට‘ ඕනෑම වෙලාවක සේවයට පැමිණීමට සහ ඕනෑම විටක සේවයෙන් බැහැර යාමට අරුම පුදුම අවසරයක් ලිවේරා විසින් ලබාදී ඇත.

 5. නිශාරා ජයරත්න හරහා ඇයගේ පියා වන ජයරත්න මුදලාලිගේ පුතා හඳුනාගත් ලිවේරා ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථ වලින් ඔහුත් සමග ක්ලබ් ගානේ ගොස් මිල අධික මත්පැන් පානයට පුරුදු වී සිටින අතර ජයරත්නලාට වැටුණු පහත සඳහන්  නඩු කටයුතු වලින් ඔවුන් මුදවා  ගැනීමට ලිවේරා තම නිල බලය අවභාවිතා කර  ඇත.

 i. නුවර එලිය රේස් සමාජයේ ජයරත්නලා සතු අශ්වයන්ට ස්ටෙරොයිඩ් ලබා දීමේ සිද්ධිය.  ජයරත්නලාගේ රේස් අසුන් හට තහනම් උත්තේජක වන ස්ටෙරොයිඩ් ලබා දී අයථා ලෙස තරඟ දිනන බව ඔප්පුවීම නිසා ඒ පිළිබඳව සිදුකරන පොලිස් පරීක්ෂණ යටපත් කිරීමට ලිවේරා කටයුතු කර ඇත.

 ii. මහින්ද  රාජපක්ෂ පාලන සමයේදී  ජනාධිපති විසින් මළගෙවල් වලට  යවන මල් වඩම් සඳහා ජයරත්නලා සහ රාජපක්ෂලා එකතුව කෝටි ගණනක වංචාවක් සිදුකොට ඇති අතර පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් ඒ පිළිබඳව නීතිපති උපදෙස් සඳහා  එවන ලද ලිපිගොනුව ලිවේරා  විසින් අතුරුදහන් කර තිබේ. 

 6. ලිවේරාගේ කුරිරු පලිගැනීම් කිහිපයක් මෙසේය. ඔහු විසින් ෂෙහාන් සිල්වා, චමින්ද අතුකෝරල සහ අසේල සේරසිංහ  යන  දක්ෂ  අධි නීතිඥ  වරුන් සේවයෙන් ඉවත් කර හෝ ඉවත්වීමට වැඩ සලස්වා ඇත. කනිෂ්ක රාජකරුණා රිය අනතුරකට ලක්වීම නිසා ඇඳට වී සිටිය දී නිවාඩු ලිපිය අනුමත නොකිරීම නිසා ඔහුට ලේ ගලන බැන්ඩේජ් සහිතව නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණ නිවාඩු අනුමත කරවා ගැනීමට සිදුවිය.

 7. නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට සිටි ලිවේරා හට රැකවරණය ලබා දෙමින් ඔහුට නියෝජ්‍ය  සොලිසිටර් ජෙනරාල්  තනතුර  දක්වා පැමිණීමට ඉඩකඩ ලබා දුන්නේ හිටපු නීතිපති සී. ආර්. ද සිල්වා මහතා වන අතර නීච දප්පුල ලිවේරා විසින් ඊට කළගුණ සැලකුවේ ඔහුගේ පුත් ෂෙහාන් සිල්වාගෙන් එලව එළවා පළිගෙන ඔහුට නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත්ව යාමට වැඩ සැලැස්වීමෙනි.

8. ලිවේරා විසින් ඉන්දුනී පුංචිහේවා සමග තැනක් නොතැනක් නොබලා තම කාර්යාලයේදී පවා උදේ දිවා රැයේ ලිංගිකව හැසිරෙන අතර, මේ හේතුව නිසා ඔහුගෙන් රාජකාරි කටයුතු කරගැනීමට අවශේෂ නිලධාරීන්ට පැය ගණන් බලා සිටීමට සිදුව ඇත.

9. පසුගිය වසරේදී ලිවේරාගේ දුව රජයේ අධි නීතිඥ තනතුර සඳහා ඉල්ලුම් කළ අතර ඇයගේ සම්මුඛ පරීක්ෂණයට නියමිත දිනයේදී එය භාරව සිටි ජ්‍යෙෂ්ඨ සහකාර සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා හට ලිවේරා කියා සිටියේ තමාට තම දියණියට විදේශයකට යවා තව දුරටත් ඉගැන්වීමට අවශ්‍ය බැවින් ඇය ව බඳවා නොගන්නා ලෙසයි. පරීක්ෂණයෙන් ඇය අසමත් වූ බව දැනගත් ලිවේරාගේ බිරිඳ වන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි මරිනි ද ලිවේරා මහත්මිය දැඩි ලෙස කම්පාවට පත්වූ අතර ලිවේරා හොර පූසෙකු මෙන් කියා සිටියේ මෙය දෙපාර්තමේන්තුවේ සිටිනා තම සතුරන් තමාගෙන් පලිගැනීමට කළ වැඩක් බවය. නමුත් යතාර්ථය වන්නේ ලිවේරා ඉන්දුනී පුංචිහේවා සමග ප්‍රසිද්ධියේ නටන අනඟ රැඟුම් හේතුවෙන් නීති පති දෙපාර්තමේන්තුවට දුව ගෙන්වා ගැනීමට ලිවේරාම අකමැති වීමයි. මේ සම්බන්ධයෙන් මරිනි ද ලිවේරා තම ෆේස් බුක් ගිණුමේ තබා ඇති සටහන අවශ්‍ය නම් ඕනෑම අයෙකුට කියැවිය හැකිය.

10. අධිකරණ වලදී තප්පුලන ලිවේරා ගෙදරට මීයෙකු සේ සිටින්නේ කේන්ති ගත් විට වලන් පිඟන් කොහු මිටි වලින් ඔහුට පහර දෙන හයේ හතරේ බිරිඳට ඔහු ඉතා භය බැවිනි. ඇය වරෙක නීතිපති දෙපාර්තමේන්තුවේ සාදයකදී ලිවේරා බීමත්ව කෝලහාල කරද්දී වහා එතැනට පැමිණ ලිවේරාට කනේ පහරක් දී ඇදගෙන ගියේ නීතිපති දෙපාර්තමේන්තුවේ සියළු නිලධාරීන් ඉදිරියේ දීය.

11. මෛත්‍රීපාල සිරිසේනගේ සුරතලාගේ තරම ලෝකයා දැන ගත යුතුය.

( ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයේ විමර්ශන වාර්තාවකි )

---------------------------
by     (2017-11-18 11:37:39)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

88, twelve, sixty five, nineteen or twenty seven: which of these is the largest?

  8 discussion on this news

අප්ප මිනී වලට කරන ජොබ් එක දූ නීතිපතියට කරන්නද දන්නෙ නෑ හදන්නෙ! වේස ගෑණු!
-- by සිංහලේ on 2017-11-18

ගෑණු ඔිවට ගත්තහම වෙන්නෙ ඔික තමයි...එක එකාට දි දී වැජඹෙනව...
-- by සාන්ත on 2017-11-18

වනචර ගෑණු ටිකක්, උන්ටම හරියන අමන සල්ලාල බල්ලෙක්!
-- by අමරා on 2017-11-18

බැඳුම්කර කොමිසමේ විනිසුරුවරුන් දෙදෙනාම විසින් තම වසර 37 ක ජීවිත කාලයට දප්පුල ලිවේරා තරම් ‘නින්දිත හැසිරීමක්‘ තිබෙන නීතිඥයෙකු දැක නැතැයි කියා තිබියදීත් ජනාධිපති වරයා විසින් එකී ‘නින්දිතයා‘ වැඩ බලන නීතිපතිවරයා ලෙස පත් කරයි. තවමත් කොමිසමේ මඩ කටයුතු සඳහා ද භාවිතා කරයි.
-- by අමන on 2017-11-18

තප්පුලන ලිවේරා පිටස්තර ලෝකෙදි මිනිසුන් පීඩාවට පත් කරමින් සතුටු වෙන්නෙ තමන්ගෙම නිිවස ඇතුලෙදිි බිරිිඳ ගෙන් ලැබෙන තදබල පීඩාවන් නිසා වෙන්නැති.
-- by රංජිත් on 2017-11-18

ඒ දප්පුලගෙ දුවෙක් නෙමේ, ‘රණයගෙ‘ දුවෙක්! දප්පුල නමට තාත්තාාාාාාා!
-- by මරයා on 2017-11-18

ඔය ඉන්දුනී පුංචිහේවා කලින් කුඩ්ඩෙක් එක්කත් වල්කමේ ගිය ලියක් (බැල්)!
-- by දයානි on 2017-11-18

දප්පුල හරක වඳුරෙක් වගේ හැසිරෙන එකෙක්, වඳුරටත් වැඳිරියො ඇර වෙන පිරිමි සතෙක් පෙන්නන්න බෑ!
-- by නිලිනී on 2017-11-18

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more