අගමැති ඉල්ලා අස්විය යුතු යැයි මඩ කැම්පේන් කළ ශිරාල්ගේ කුමන්ත්‍රණය හෙළිවේ: මෙන්න සාක්කි

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.18, පෙ.ව‍‍‍‍.8.20) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සඳුදා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දීමට යෑමට නියමිත ය. බොහෝ දේශපාලන විචාරකයන් පවසන්නේ අගමැතිවරයා කොමිසම හමුවේ සාක්කි දීමට යෑමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන බවත්, නීතියට සියළු දෙනාම ගරු කළ යුතුය යන හැඟීම තහවුරු වනු ඇති බවත්, අගමැතිවරයාට එරෙහිව සතුරන් විසින් ගහන බැඳුම්කර මඩ තලියෙන් ගැලවීමට හැකි වනු ඇති බවයි. 

ඒ එසේ වුවද අගමැතිවරයා කොමිසම හමුවට සාක්කි දීමට යෑමට ප්‍රථම අගමැතිවරයා අගමැතිධූරයෙන් ඉල්ලා අස්වී යා යුතු යැයි අගමැතිවරයා සමග ජම්මාන්තර වෛරයකින් කටයුතු කරන, සිරිකොතට ගල් ගැසූ ශිරාල් ලක්තිලක නමැති ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් වරයා විසින් ගෙන යනු ලබන මඩ ප්‍රචාරක ව්‍යාපාරයක් හෙලි වී තිබේ.

මෙහි ඇති ප්‍රථම සේයාරුවේ දැක්වෙන්නේ ඊට සාක්ෂි ය. ශිරාල් ලක්තිලක විසින් මීට පෙර ‘පුරවැසි බලයට‘ එරෙහිව ‘පුරවැසි සංවිධාන එකමුතුව‘ නමින් සංවිධානයක් ගොඩ නැගුවේ ය. එහි ඉන්නේ ඔහුගේම හෙංචයියන් පිරිසක් මිස සැබෑ සංවිධාන කිසිවක් නැත. මෙකී ‘පුරවැසි සංවිධාන එකමුතුව‘ විසින් පසුගිය 13 වෙනිදා   ලංකාවේ කොතැනකවත් පැවැත්වූයේ නැති මාධ්‍ය හමුවකදී අකලංක නමැති පුද්ගලයෙක් කීවා යයි කියා “අගමැති ඉල්ලා අස්වෙයි..?“ මැයෙන් ව්‍යාජ පුවතක් ශිරාල් ලක්තිලක විසින් තමන්ගේ මඩ ප්‍රචාරය කරන වෙබ් අඩවි කිහිපයක් වෙත ඊ මේල් මගින් යවා තිබේ. එවැනි මාධ්‍ය හමුවක සේයාරුවක් හෝ එම ඊ මේලයේ සඳහන් නොවේ. 

කෙසේ වෙතත් මෙම බොරු පුවත යවන ලද බොහෝ වෙබ් අඩවි එය ප්‍රචාරය නොකරන ලද්දේ වී නමුත් කුප්‍රකට ‘පරංගි ලේකම්‘ විසින් මෙහෙයවන වෙබ් අඩවි කිහිපයක එය ප්‍රචාරය කරන ලදී. එම මඩ ඊ මේලය ඔහුගේ පුද්ගලික ඊ මේලය කරා යවා ඇති බවද මෙහි ප්‍රථම සේයාරුවෙන් තහවුරු වේ. 

මෙහි ඇති අපූරු සහගත විහිළුව මෙය නොවේ. ශිරාල් ලක්තිලක විසින් සඳහන් කරන අකලංක නමැති පුද්ගලයාගේ පුද්ගලික ෆේස් බුක් පිටුවේ තමන් විසින් පැවැත්වූ කිසිදු මාධ්‍ය හමුවක් ගැන සඳහනක් නොවීමයි. ඒ වෙනුවට ඇත්තේ තමන්ගෙන් පොතක් ඉල්ලාගෙන ගිය මිතුරෙකුට පොත ගෙනත් දෙන්නැයි කියා බැන වදින සටහනකි. 

“ඕයි චරිත් ජයනෙත්ති මගේ ෆැකල්ටි ඔෆ් සෙක්ස් පොත ගෙනත් දීපංකො. තෝ මෙච්චර කල් පොත තියන් මක් කරනවද?“ යි අකලංක මිතුරාට බැන වැදී ඇතුවා මිස අගමැතිවරයා ගැන හෝ මාධ්‍ය හමුවක් ගැන හෝ කිසිදු සටහනක් තබා නැත. තමන් මාධ්‍ය හමුවක් පැවැත්වූයේ නම් ඒ ගැන තම පුද්ගලික ෆේස් බුක් පිටුවේ සඳහන් නොකිරීම විශ්මය දනවන්නක් නොවේද? (දෙවන සේයාරුව)

සත්‍ය කියන වෙබ් අඩවි තහනම් කරන ජනාධිපතිවරයා සහ ඔහුගේ කල්ලිය අද ලංකාවේ අංක එකේ අන්තර්ජාල මඩකරියන් වී සිටින බව  ශිරාල් ලක්තිලකලා, සංවිධානාත්මකව ‘අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි‘ ගැසූ මඩ ප්‍රචාරයෙන් අපූරුවට තහවුරු වේ.

---------------------------
by     (2017-11-18 03:25:13)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

Three, twenty nine, seventeen, thirty four and 12: the 3rd number is?

  5 discussion on this news

ගොබ්බ ශිරාල් ලක්තිලක කරොත් කරන්නෙ ගොබ්බ වැඩක්ම තමයි, බග් බග් ගගා!
-- by සිංහලේ on 2017-11-18

වල්තිලක තමන් මහා ප්‍රාඥයෙක් කියල හිතාගෙන හීන මානයෙන් පෙළෙන පුද්ගලයෙක්
-- by රාණි on 2017-11-18

තවත් සැරයක් ශිරාල් මඩකැරියෙක් වුනා එහෙනං...
-- by Evans perera on 2017-11-18

කාටහරි අංචියක් ඇද්දෙ නැත්තං ශිරාල් ලක්තිලකට නින්ද යන්නෙ නෑ, මිනිහ ඒ වගේ රෝගෙකින් පෙලෙනව
-- by චක්කු on 2017-11-18

Main culprit is ungrateful Srisena for keeping this lunatic character as his co-coordinating secretary after knowing that this good for nothing creature is purposely attacking the prime Minister (the person who was instrumental in making him the president). We feel extremely uncomfortable to call you the President and regret supporting you. If you are not indirectly carrying out these mud campaigns using these characters you have a duty to stop them from these third grade work of his officials.
-- by Para on 2017-11-18

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more