නාමල්ට මිලියන 400 ක් කප්පම් ගෙවූ ෂැන්ග්‍රිලා හෝටලය විවෘත කරයි..! උත්සවයට රාජපක්ෂලා කිසිවෙක් නෑ

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.17, ප.ව‍‍‍‍.7.10) පසුගිය රාජපක්ෂ යුගයේ මහත් ආන්දෝලනාත්මක ඩීල් එකක් වූ ෂැන්ග්‍රිලා - කලම්බෝ හෝටලය ඊයේ (16) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. නාමල් රාජපක්ෂට මිලියන 400 ක් කප්පම් ගෙවුවා යැයි සඳහන් වන්නේ ද මෙකී ෂැන්ග්‍රීලා ගනුදෙනුවේ දී වුවද විවෘත කිරීමේ උත්සවයට කිසිදු රාජපක්ෂ කෙනෙකු සහභාගී වී සිටියේ නැත.

කෙසේ වෙතත් සින්නක්කර ඉඩම් ලබා දීමක් වූ රාජපක්ෂලාගේ ගණුදෙනුව වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු දිගුකාලීන බදු ගිවිසුමක් ලෙස පරිවර්තනය කෙරිණ.

කාමර 466 කින්ද , සේවා නවාතැන් 41ක් සහ අධි සුඛෝපභෝගී කාමර 34 කින්ද සමන්විත ෂැන්ග්‍රිලා කොලොම්බු හෝටලය විවෘත කිරීමේ  අවස්ථාවට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් , නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, නගර සභා සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, තානාපතිවරුන්, ෂැන්ග්‍රිලා හෝටලයේ ප්‍රධාන කළමණාකරණ නියෝජිතයින්, විශේෂ ආරාධිත අමුත්තන්, රාජ්‍ය නිලධාරින් සහ ව්‍යාපාරික ප්‍රජාව ද සහභාගි වී සිටියහ.

සේයාරූ අගමැති මාධ්‍ය ඒකකය විසිනි 

---------------------------
by     (2017-11-17 13:48:04)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

What is the 2nd number in the list 5, 23 and 21?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more