ලංකා ඊ නිව්ස් වාරණය කරන්න කාටවත් අයිතියක් නෑ: වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙස අපි විරුද්ධයි - සමන් රත්නප්‍රිය

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.17, ප.ව‍‍‍‍.1.30) ලංකා ඊ නිව්ස් වාරණය කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බවත් වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙසත් සිවිල් සමාජය ලෙසත් ඊට විරුද්ධ යැයි වෘත්තීය සමිති නායක පුරවැසි බලය සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කරයි. 

ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී මේනක අඹේපිටිය විසින් කරන ලද විමසුමකට පිළිතුරු දෙමින් රත්නප්‍රිය මහතා මෙසේද කීය.

“ලංකා ඊ නිව්ස් වලට නිල නොලත් වාරණයක් දැමීම පිළිබඳව අප සිවිල් සමාජය විදියට කිසිසේත්ම එකඟ වෙන්නෙ නෑ. වෘත්තීය සමිති ව්‍යාපාරය විදිහටත් අපි ඒ මතයම දරනවා. මොකද මාධ්‍යයක් වාරණය කිරීම සුදුසු කටයුත්තක් නෙවෙයි. ඒ මාධ්‍යයේ පළ වන කාරණා, වාර්තා පිලිගන්න පුලුවන් ඒවා වෙන්න පුලුවන්, බැරි ඒවා වෙන්න පුළුවන්. පිළිගන්න බැරි ඒවා නම් ඒවා ප්‍රශ්න කරන්න පුළුවන්, ඊට අදාළ නෛතික ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.එවැනි ක්‍රියාමාර්ග ගන්නවා හැර මාධ්‍යයක් වාරණය කරන එක ශීලාචාර සමාජයක කළ යුතු කාරණයක් නෙවෙයි. ඒ වගේම ඒක ප්‍රජාතන්ත්‍රවාදයටත්, යහපාලනයටත් ගැලපෙන්නෙ නෑ.

අනෙක් පැත්තෙන් ලංකා ඊ නිව්ස් කියන්නේ රටේ වර්තමාන දේශපාලන වෙනස්කම කරන්න සෑහෙන්න මහන්සි වෙච්ච මාධ්‍යයක්. ඒක පිළිබඳ විවිධ මත විවිධ අයට තියෙන්න පුළුවන්. නමුත් ඒ දේශපාලන වෙනස්කම සිදුකරන්න 2015 ජනවාරි 8, ඒ වගේම 2015 අගොස්තු17 ඒ දේශපාලන වෙනස වෙනුවෙන් මාධ්‍යයක් විදියට ඔවුන් පෙනී සිටියා. ඒ වගේම එකෙන් පස්සෙත් පත්වුණු ආණ්ඩුව වෙනුවෙන් දිගටම පෙනී සිටින්නේ නැතුව පත්වුණු ආණ්ඩුවේ වැරදි අඩුපාඩුත් පෙන්නල දුන්නා. ඒක වගකිවයුතු මාධ්‍යයක වගකීම කියලා අපි විශ්වාස කරනවා. 

අපි උනත් වැරදි වහන්නේ නෑ. ආණ්ඩු පත් කර ගන්න අපිත් උත්සාහ කරා. ආණ්ඩු පත් කරගන්නවාටත් වඩා තිබුණු ආණ්ඩුව ගෙදර යවන්න තමයි අපිට උවමනා වුණේ. ඊට පස්සේ පත්වූ මේ ආණ්ඩුවේ වැරදි තියනවනම් ඒක පෙන්නල දෙන එක අපෙත් වගකීම කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ඒ තත්ත්වය උඩ ඉඳගෙන මේ මොහොතේ මේ ඇතිකොට තිබෙන වාරණය අපි කිසිසේත්ම අනුමත කරන කාරණයක් නෙවෙයි. ඒක වහාම ඉවත් කළ යුතුයි කියලයි අපි කියන්නේ.මෙවැනි වාරණ දාන්න කාටවත් අයිතියක් නැහැ. ඒකෙ ඇති සදාචාර සම්පන්න භාවයකුත් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අත්‍යවශ්‍ය ලක්ෂණයක් තමයි මාධ්‍ය වාරණ නොමැතිව මාධ්‍යයට නිදහසේ කටයුතු කරන්නට ඉඩ දීම.ඉතින් ඒ තත්ත්වය ඇති කළ යුතුයි කියන එකයි අපේ අදහස.“ 

සාකච්ඡා කෙළේ - මේනක අඹේපිටිය

---------------------------
by     (2017-11-17 08:19:58)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

Enter the number sixty one thousand one hundred and fifty one in digits:

  5 discussion on this news

සිරිසේනගෙ උපදේශකයො සිරිසේනට උපදෙස් දීල තියෙන්නෙ මයියොක්ක දඬු වලින් අලි වැටක් බඳින්න කියල!
-- by latha on 2017-11-17

පොළොන්නරුවෙ ගමරාලයි වටේ ඉන්න ගොට්ටොයි දන්න ඉන්ටනෙට්.......
-- by රත්න on 2017-11-17

ජනාධිපති මෛත්‍රී වැසිකිලි සිරස අයිති සක්කිිලි මහරාජගෙ ලණු ගිිලල අසූුචි නා ගත්ත ඌරෙකුගෙ තත්වෙට පත්වුනා.
-- by asad on 2017-11-17

ලංකා ඊ නිව්ස් කියන්නේ රටේ වර්තමාන දේශපාලන වෙනස්කම කරන්න සෑහෙන්න මහන්සි වෙච්ච මාධ්‍යයක්. ඒක පිළිබඳ විවිධ මත විවිධ අයට තියෙන්න පුළුවන්. නමුත් ඒ දේශපාලන වෙනස්කම සිදුකරන්න 2015 ජනවාරි 8, ඒ වගේම 2015 අගොස්තු17 ඒ දේශපාලන වෙනස වෙනුවෙන් මාධ්‍යයක් විදියට ඔවුන් පෙනී සිටියා. ඒ වගේම එකෙන් පස්සෙත් පත්වුණු ආණ්ඩුව වෙනුවෙන් දිගටම පෙනී සිටින්නේ නැතුව පත්වුණු ආණ්ඩුවේ වැරදි අඩුපාඩුත් පෙන්නල දුන්නා. ඒක වගකිවයුතු මාධ්‍යයක වගකීම කියලා අපි විශ්වාස කරනවා.
-- by සමන් on 2017-11-17

Well done Saman, go ahead and put the pressure to all top buggers. Don't give up. All the good governance supporting people with you.
-- by Batty on 2017-11-18

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more