චිකේ සිරිසේන ලැජ්ජයි..! පරදිනවාට බියේ ඡන්දය කල් දාන්න හෙංචයියලා මගින් නඩු දාලා; පාර්ලිමේන්තුවේදී දයාසිරි-ඩිලාන්-ලක්ෂ්මන් යාපාගේ රෙදි ගැලවේ (Video)

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.16, ප.ව‍‍‍‍.10.10) බොරු නඩුවක් දමා පළාත් පාලන ඡන්දය කල් දමා ගැනීමේ උප්පරවැට්ටිය පසුපස පරාජයේ ගිනි කණ වැටී සිටින මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  ඇමතිවරු 3 දෙනෙක් පිලිබඳ අද නම් ගම් සහිතව පාර්ලිමේන්තුවේදී හෙලි විය. ඔවුන් නම් දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා සහ ලක්ෂ්මන් යාපා යන සිරිසේනගේ හෙංචයියන් ය.  

අජිත් පී. පෙරේරාගේ කතාවේ දී විපක්ෂයෙන් මේ පිලිබඳ හෙළිකරද්දී ඔහු විපක්ෂයට ඒ සඳහා තම වේලාවෙන් කාලය ලබා දෙමින් ඡන්ද කල් දැමීමේ උප්පරවැට්ටියට එජාපය කිසිදු සම්බන්ධයක් නැති බව ඔප්පු කෙළේය.

මැතිවරණය කල්දමන ලෙස ඉල්ලා නඩු දමා ඇති ඡන්ද දායකයන් හය දෙනාගේ දේශපාලන හිතවත්කම් හෙළි කෙළේ  විපක්ෂයේ කාංචන විජේසේකර මන්ත්‍රීවරයා සහ අනුරකුමාර දිසානායක මන්ත්‍රීවරයා ය. 

මෙම පෙත්සම ඉදිරිපත්කළ පෙත්සම්කරුවන් 6 දෙනාගෙන් එක් අයකු වන්නේ මාතර දිස්ත්‍රික්කයේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යතුමාගේ පුත් පසඳ යාපා අබේවර්ධන පලාත් සභා මන්ත්‍රීවරයාගේ කොටපොල සම්බන්ධීකරණ ලේකම්වරයෙකි. ඔහුගේ නම යොහාන් ධනුෂ්ක ය. අනෙක් පුද්ගලයා පඬුවස්නුවර කොට්ඨාශයේ දෙවැනි කොට්ඨාශයට දයාසිරි ජයසේකර ඇමතිවරයා විසින් ඉදිරිපත් කිරීමට සිටින  පුද්ගලයා ය. තුන්වෙනි පුද්ගලයා ඩිලාන් පෙරේරා ඇමතිවරයාගේ මාර්ග සංවර්ධන අධිකාරියේ මේ මොහොතේත්  රැකියාව කරන, හාලිඇල ප්‍රාදේශීය සභාවේ, බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ සිටින පුද්ගලයෙකි.  මහනුවර මහනගර සභාවේ, සිටින තව තුන් දෙනෙක් සිටිති. එ් තුන් දෙනාද මේ ආණ්ඩුවට සම්බන්ධ, සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ඇමතිවරු මිස ඒකාබද්ධ විපක්ෂයට අයිති මන්ත්‍රීවරු නොවන බව කාංචන විජේසේකර පැවසීය.  “ඒකාබද්ධ විපක්ෂයෙන් අපි මැදිහත්වීමක් කරන්න ඉල්ලලා තියෙනවා මේකට විරුද්ධව කරුණු ඉදිරිපත් කරන්න. අපිටත් ඕනේ මැතිවරණය තියන්න.“ කාංචන පැවසීය. 

අදාල වීඩියෝවක් පහතින්

---------------------------
by     (2017-11-16 16:43:59)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

ඒකගෙ කල්ලියට තමයි මුල ඉඳලම ඡන්දෙ කල් දාගන්න වුවමනාව තිබුනෙ, දැන් මෛත්‍රී කල්ලියෙන් කරපු දේ උන්ගෙ බලාපොරොත්තුවත් ඉෂ්ට කලා.බොරුවට කෑ ගහන්න පුළුවන්නෙ දැන් රාජපක්ෂ කල්ලියට!
-- by අබේ on 2017-11-17

රාජපක්සලයි සිරිසේනලයි කතා කරගෙන කරපු වැඩක්.......
-- by asad on 2017-11-17

හිටපු පළාත් පාලන මංත්‍රීල 99% හොරු, දූෂිතයො, සල්ලාලයො, බේබද්දො. මුංගෙන් 99% ඉන්නෙ මහින්ද රාජපක්ෂ එක්ක.ඉදිරි ඡන්දෙදි මුන්නේ 99% කටම ගෙදර යන්න වෙනව. ඔළු ගෙඩි පෙන්න පෙන්න මට මෙච්චර පිරිසක් ඉන්නවැයි කියපු රාජපක්සටත් එතකොට කෙල වෙනව.ඒක නිසා මේ නඩුවට මරාගෙ සහයෝගෙත් අනිවාර්යෙන් ඇති.
-- by දම්මි on 2017-11-17

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more