පළාත් පාලන ඡන්දය කල්දමා ගැනීමේ අලුත්ම උපක්‍ර‍මයක්

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.16, ප.ව‍‍‍‍.6.10) ඡන්දදායකයින් 6 දෙනෙකු විසින් සීමා නිර්ණය පිළිබද සමාලෝචන කමිටුවේ වාර්තාව  ප්‍ර‍තික්ෂේප කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සම ඉදිරිපත් වූ පෙත්සම පළාත් පාලන මැතිවරණය කල් දමා ගැනීම සදහා වන අලුත්ම උපක්‍ර‍මය ලෙස  සැලකිය හැකිය.

අශෝක පීරිස් මහතා ගේ සභාපතීත්වයෙන් යුතු කමිටුවේ වාර්තාව බල රහිත කරන ලෙස ඉල්ලා මෙම නඩුව පවරා ඇත්තේ 2017 නොවැ. 10 දින ය.  එහි පැමිණිලිකරුගේ පිටපත පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශයට 2017 නොවැ. 13 දින ලැබී තිබුණි. පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ එම නඩුව නොවැ. 13, 14, 15 දිනයන් ගෙන් එකක විභාගයට ගන්නා ලෙස ය.  

පුදුමයකට මෙන් මෙම නඩුවේ වගඋත්තරකරුවන් බවට පත් කොට ඇති පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් හෝ අමාත්‍යවරයා  මෙම නඩුව පිළිබඳව 2017 නොවැ. 15 දින දහවල් දක්වා නීතිපතිවරයාට දැනුම්දීමක් සිදු කර නොතිබුණි. 

එයටත් වඩා පුදුමය වී ඇත්තේ නොවැ. 13 දින පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නීති නිලධාරිණී ගයනී මහත්මිය  විදේශගත වීමය.  (පළාත් පාලන ආයතනයන් හි සභික සංඛ්‍යාව දැක්වෙන ගැසට් පත්‍ර‍යට අමාත්‍යවරයා අත්සන් තිබීමෙන් පසුව මුද්‍ර‍ණාලයාධිපතිවරයාගෙන් එහි සෝදු පත් ඉල්ලා සිටි කමල් පද්මසිරි ලේකම්වරයා ද මෙලෙසම විදේශගත වූයේ සෝදුපත් බැලීම සදහා වැඩපිළිවෙලක් සකස් කිරීමෙන් තොරවය. )  ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා සහ කමල් පද්මසිරි ලේකම්වරයා පමණක් වග උත්තරකරුවන් කර ඇති මෙම නඩුව පිළිබද අමාත්‍යාංශ අතිරේක ලේකම්වරු, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් පවා ඊයේ වන තුරු කිසිවක් දැන නොදනී.

මෙම නඩුවේ පෙත්සම්කරුවන් ලෙස කටයුතු කරන්නේ ශ්‍රීලනිප යේ එක් කණ්ඩායමක් සමීපව ඇසුරු කරන මහනුවර, හාලිඇළ, ඇඹිලිපිටිය, දෙණියාය පදිංචිකරුවන් ය. 

මෙම නඩුවෙන් ඉල්ලා ඇත්තේ අශෝක පීරිස් සීමානිර්ණය සමාලෝචන කමිටු වාර්තාව මත පදනම්ව ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා විසින් ප්‍ර‍කාශ කරන ලද 2017 පෙබ. 17 ගැසට් පත්‍ර‍ය අවලංගු කරන ලෙසයි.  අශෝක පීරිස් කමිටුවට බහු ආසන ඇති කිරීම, වෙනස් කිරීම සඳහා බලයක් නොමැති බව පෙත්සමින් කියවේ.

අශෝක පීරිස් කමිටු වාර්තාව නිකුත්වී මාස 9 ක් ගතවීමෙන් පසුව ඉදිරිපත් වූ මෙම පෙත්සම ඡන්දදායක අයිතිය සුරැකීමට වඩා ඡන්ද කල් දමාගැනීමේ උත්සාහයකට වඩාත් සමීපය. 

කීර්ති තෙන්නකෝන් 

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

---------------------------
by     (2017-11-16 12:51:16)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

The list house, wine, toe, heart, ankle and jelly contains how many body parts?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more