හදිසියේම මුහුද අඩි 5 ක් පමණ ඉහළ යෑමෙන් පසු ගොඩබිම ගිලා බසී..! අනතුරක් අතළඟ?

(ලංකා ඊ නිව්ස් - 2017.නොවැ.16, ප.ව.4.30) පසුගිය දිනවල වැසි සමයේදී මුලතිව්-වට්ටුවාල්  ඒ-35 මාර්ගය අසල මුහුදේ ජලය එක්වරම අඩි පහක් පමණ උස් වූ සිද්ධියෙන් පසුව දැන් එම මාර්ගය ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇතැයි මුලතිව් වැසියෝ කියා සිටිති.

මේ දිනවට එම මාර්ගයේ බොහෝ ස්ථාන ඉරි තැලීම් හා ගිලාබැසීම් වලට ලක්වෙමින් වලවල් හෑරීම නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවද මුලතිව් වැසියෝ පෙන්වා දෙති.

රජයේ විවිධ නිලධාරීන් මේ දිනවල එම ස්ථානයට පැමිණ විවිධ අන්දමේ පරීක්ෂණ හා නිරීක්ෂණ සිදු කරණ නමුත් මුලතිව් මුහුදේ ජල මට්ට්ම ඉහල යන ලද්දේ කවර හේතුවක් නිසාදැයි පැහැදිලිව ප්‍රකාශ කොට නොමැති බවද කියා සිටිති.

කෙසේ වෙතත් මෙම මාර්ගය දිනෙන් දින ඉරිතලා වලවල් හෑරීමට පටන් ගෙන ඇති නිසා අනතුරුදායක තත්ත්වයක් ඉතා ඉක්මනින් සිදුවිය හැකි බව මුලතිව් වැසියෝ ප්‍රකාශ කරති.

මෙම මාර්ගයේ දෙපසම මුහුද වීමත් මාර්ගය ඉතා පටුවීමත් නිසා මේදිනවල එම මාර්ගයේ වාහන දෙකකට එහා මෙහා මාරු වීමට නොහැකි අන්දමට මාර්ගයේ වලවල් සෑදී ඇති අතර මුලතිව් තරුණයෝ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී වාහන හසුරුවන ආකාරයක් දක්නට ඇත.

දිනසේන රතුගමගේ විසිනි

---------------------------
by     (2017-11-16 11:12:00)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more